‘මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ මරණය සම්බන්ධයෙන් මම ඉතිහාසයේ තුන් හතර වතාවක් කතා කළා. මම ආයිත් කියන්නම් ඉතාම වගකීමෙන්ම අලි හොරකමට සම්බන්ධ කරුණු කාරණා උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන් වහන්සේ විසින් ඉදිරිපත් කරන්න ගත්තේ දූෂණ විරෝධි පෙරමුණ සාක්කි සහිතව අපි කියන අලි 28 කගේ නාම ලේඛනය ඉදිරිපත් කළාට පස්සේ. ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වලා මේ නායක හාමුදුරුවෝ ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නට පටන් ගත්තට පස්සේ මේ මාතෘකාව යට ගහන්න යම් සූක්ෂම වැඩපිළිවෙළක් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් ක්‍රියාත්මක කර තිබෙනවා‘ යැයි දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන් අද(5) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘සෝභිත හාමුදුරුවෝ ඝාතනය කළා නම් එකේ පාඩුව තියෙන්නේ මේ රටේ සිවිල් සමාජයට, යහපාලනයක් යැයි විශ්වාසය තැබු පුද්ගලයන්ට, මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් එකට ජීවත් වනවාට කැමැත්තෙන් හිටපු අතිබහුතර ජනතාවට. සෝභිත හාමුදුරුවෝ ඝාතනය කරන්න හැදුවේ අද ඊයේ නෙමේ. අලි ගැන හොයන කොට, පළවෙනියා අත්අඩංගුවට ගන්න කොට මේ මාතෘකාව වෙනස් කරන්න සෝභිත හාමුදුරුවන්ගේ මරණය ඝාතනයක් බව කියමින් සමාජ ගත කරන්නට මේ කණ්ඩායම් උත්සහ ගන්නවා‘ යැයිද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂණ විරෝදී අය දෙන්න ඕන උත්තරයක් තියෙනවා. සොබිත් හිමිගේ මරණ පරීක්ෂණයක් තිබ්බේ නැත්තේ ඇයි? වෛද්‍ය වාර්තා කෝ? මෙයාලගේ දූෂණ විරෝදී කියන නම වෙනස් කරගත්තොත් හොදයි වගේ. හරියට ඇමෙරිකාව සංහිදියාව ගැන කතා කරනවා වගේ. (හේ)
මොනවා දැනගෙන මෙහෙම කතා කරනවද? (ම)
අනිවාර්යයෙන්ම, ගරුතර අපේ හාමුදුරුවො අපවත් කරන්න හැදුවෙ ඔය කියන අයම රට පාලනය කරන කාලේ. අලිපැටියගෙ අම්ම, මහ ඇතින්න මරල කැලෙන් ගෙනාපු නීති විරෝධීව රදවාගෙන හිටපු අලිපැටිය ගැන මුළු රටම දන්නව දැන්. (බ)
රජ පවුලට ආවඩන පිරිස් තමන්ට එරෙහිව එන චෝදනා අපට අමතක කරවන්න රටේ නැති ප්‍රශ්න මතුකරන බව දැන් අපි තේරුම්ගෙනයි ඉන්නේ (නි)
මාදුළුවාවේ සෝභිත හිමිගේ නම පාවිච්චි කරමින්, යම් යම් පුද්ගලයින් වාසි ගැනීමට, කළ වැරදි වසා ගැනීමට තැත්කිරීම හෙළා දකිනවා (නි)
මේවා ගැන අපි ඒතරම් පුදුමවෙන්න අවශ්‍ය නැහැ (නි)
ඇයි මේවා කියන්න මෙපමණ කල් ගත්තේ? (නි)
සෝභිත නාහිමි ඝාතනය ගැන සොයනවා වගේ, මෙහෙම කතා කියන සමහරුන්ගේ මානසික තත්වය ගැනද පරීක්ෂණයක් කළයුතුයි. (නි)
ඕවට කලබල වෙන අයත් ගැන සැකයක් හිතෙනවා පරික්ෂණයක් කලා නම් ඉවරනේ නොයකුත් අයට ඇගිල්ල දික්නොකර (හේ)
උඩුවේ හාමුදුරුවෝ කියන කතාව ගැනත් පොඩ්ඩක් හොයා බැලුවොත් නේද හොඳ? (නි)
දුෂණ විරෝධී පෙරමුණේ අයට අනෙක් අය කරන දුෂණ නොපෙනේද? (නි)
ඔයාලා පොලිසියේ අය නෙමෙයිනේ. පොලිසිය පරික්ෂණ කරලා එ්ක කියාවි. මේ කවුද මේ කලබලවෙලා දඟලන්නේ. නිකම් අපරාදේ නිකම් සල්ලි නාස්ති නොකර මිනිසුන්ට වැඩක් ඇති දෙයක් කරන්න. හොරාට කලින් කෙසෙල් කැන වැට පැනලා (නි)
අඩුම ගානේ සුදුසු කම් ලත් වෙදදුරෙක් නිසි පරීක්ෂණයකින් පසුව ප්‍රකාශයක් කලානම් හොදයි. මේ අය දෙන හොදටෝම කඩේ යනවා. පහුගිය ආණ්ඩුවට බැනලා තමයි ඕනිම දෙයක් පටන් ගන්නේ !(හේ)
ඔය මොකුත් නැහැනේ මරණ පරීක්ෂණය හරියට කරලා සහ වාර්තා සියල්ල හරියට තියෙනවා නම්. නිකන් අනුන්ට දොස් නොකියා තමන්ගේ වැඩේ හරියට කරන්නකෝ. (නි)
මේ කතා කරන අයම තමා මේවට වග කිඅන්න ඕනේ (බ)
උඩුවේ ධම්මාලෝක හිමි කියන්නේ අපි කව්රුත් දැඩි භක්තියකින් විශ්වාස කරන හිමි නමක් (බ)
ඇයි මෙච්චර මේ ගොල්ලෝ කලබල වෙලා. මේ ගොල්ලෝ දගලන දැගලිල්ලට මට නම් සැක මේ අය ගැනයි(කෞ)
රන්ජිත් තෙන්නකෝන් මහතාගේ කතාව හරි වැදගත්. අලි ප්‍රශ්නය වහන්න ගහපු සැළැස්මක් බව ඕනෑම කෙනෙකුට තේරෙනවා. (නි)
සැකයි නම් ඕක කියන්න මාස පහක් ඉන්න ඕනෑද? එ්කෙන්ම පේනවානේ ජනතාව අන්දවන්න හදන්නේ කියලා (නි)
සංඝ බේද ඇතිවෙන ආකාරයට කටයුතු කරන්න නම් එපා (නි)
අලි අම්මාව මරලා පැටියා හොරකම් කරන්න අනුබල දුන් අයට නම් හොඳක් නොවේවා! පැටියට කරගන්න දෙයක් නැතුව අසරණ වෙනවා. මේක මොවුන්ට තේරෙන්නේ නැද්ද? (නි)
දැන් වුණ දේ වුණා. දැන් ඕවා කිවුවා කියලා මොකක්ද ඇති වැඩේ? (නි)
ස්වාමින් වහන්සේලා කීප නමක් පසුගිය පාලනය නිසා අගතියට ගියාද කියලා අපි දන්නේ නැහැ. එහෙම වුණානම් එ්ක විශාල පාපකර්මයක්. පහුගිය පාලනය තුළ ශුද්ධ ලෙස සිටි හුඟක් චරිත අශුද්ධ වුණා. (නි)