IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සුභාණි හර්ෂණී අලුතින් කලා ආයතනයක් පටන් අරන්

20160427-ent-54

20160427-ent-55සුභාණි හර්ෂණී යනු ගායන පරපුරේ පුරුකක් ලෙස බොහෝ දෙනා දන්නා කරුණක්. ඇය මේ දිනවල අලුත් වැඩක් සඳහා දායක වෙලා තිබෙන බවද "සාරවිට" සමග පැවසුවා. මේ ඇය සමග කරනු ලැබූ කතාබහක්.

"අලුත් නිර්මාණයක් කරගෙන යනවා. ඒක බොහෝදුරට ලබන මාසෙ විතර එළියට දක්වන්න බලාපොරොත්තුවක් වෙනවා. හැබැයි ඒ ගැන දැන්මම විස්තරයක් කියන්න බැහැ. පසුගිය දවස්වල වැඩකටයුතු ගැන කියනවානම්, "ඉකි බිඳින නෙතු" ගීතයයි."ආදරෙන්" සහ "හිත කීවා" කියලා ගීත තුනක් කළා. ඒ ගීත මේ දිනවල ජනප්‍රියත්වයට පත්වෙමින් පවතිනවා. ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර හොඳ මට්ටමක තියෙනවා."

"මේ අලුතින් නිර්මාණය වන ගීතයත්, කාලීන ගීතයක් කියන්න අමාරුයි. හැබැයි හොඳ නිර්මාණයක් කියලා මම විශ්වාස කරනවා. ඊට අමතරව චිත්‍රපටයක් සඳහා සහ ටෙලිනාට්‍යයක් සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. පසුගිය දවස් කිහිපයේදී මගේ මහත්තයා සංගීතවත් කළ ටෙලිනාට්‍යයක් සඳහා ගීතයක් ගායනා කළා. ඒකේ තව එකක් සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. ඒ එක්කම මට චිත්‍රපටයක් සඳහා ආරාධනා ලැබුණා. චිත්‍රපටයේ වැඩකටයුතු පටන් අරන් තියෙන්නේ. විශේෂම දේ තමයි, මම කලා ආයතනයක් පටන් අරන් තියෙන්නේ. දැනට අවුරුද්දක් විතර එහි වැඩකටයුතු ආරම්භ කරලා."

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 



අදහස් (0)

සුභාණි හර්ෂණී අලුතින් කලා ආයතනයක් පටන් අරන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site