මොණරාගල කුඹුක්කන සුභාග්‍යා ආබාධිත පාසැලේ දරුවන් කිහිප දෙනෙකුට අතවර කළැයිද, ගුරිවරියකට අතවර කරන්නට තැත් කළැයිද කියන සිද්ධියක් මත ළමා රක්ෂක අධිකාරිය විසින් එහි විදුහල්පති සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
පරීක්ෂන සදහා විදුහල්පති මොණරාගල පොලිසියට බාර දුන් බව ළමා රක්ෂන අධිකාරියේ ප්‍රකාශකයෙක් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම නොදැන චෝදනා කරන එක වැරදි නේද? මම මීට වසර දෙකකට පෙර එම පාසලේ ගුරුවරියක් වශයෙන් සේවය කරා අපේ විදුහල්පති එම පාසැල නගා සිටුවන්න දරපු උත්සාහය කොයිතරම්ද කියලා දන්නා අය දන්නවා. ඒ වගේ කැපකිරීම් කරන අය අද නෑ. බඩගින්නට බත් ඇටයක් නොකා ළමුන් වෙනුවෙන් කැප උන මෙවැනි විදුහල්පතිවරුන්ට මෙසේ වෙන්නේ බුදු දහම පිරිහුණු නිසා තමයි. බෞද්ධ දර්ශනය සැබෑ නම් වැරදි කල අයට අනිවාර්යෙන්ම දඩුවම් ලැබෙනවා. මෙවැනි විදුහල්පතිවරු රටට වාසනාවක් මිසක් අවාසනාවක් නොවේ. පද්මිණි කියනවා වගේ එතුමා ආබාදිතයි ඒ දුක දන්නා නිසාවට තමයි මාතර ඉදන් එවැනි දුෂ්කර පලතකට ගොස් පොල් අතු මඩුවකින් පටන් ගෙන මෙතරම් දියුණු මට්ටමකට ගෙනාවේ. වසර 16ක තරම් කෙටි කාලයක් තුල එය ඉටු කිරීමට ගත් උත්සාහය පොඩ්ඩක් නෙමෙයි. මේක හරියට දේශපාලන පලි ගැනීමක් වගේ. තම රාජකාරිය හරියට ඉටු කරන අයට අත්වන ඉරණම සාදාරණද? මේ ගුරු පියා වෘකයෙක් නොව සියලු අබාදිත ප්‍රජාව මෙන්ම සියල්ලෝම ගරු කල යුතු ගුරු පියෙකි. (නදී)
සමන්, බුදු දහම පිරිහෙන එක පුදුම වෙන්ඩ දෙයක් නැහැ සමහර බුද්ධ පුත්‍රයිනුත් මිනිස්සුන්ට ආදර්ශයක් නොවෙනකොට. (නදී)
සජිනි, ඇන්ටන් සුබසිංහ, වන්නිනායක චන්ද්‍ර, වත්සලා, වන් ෂොට් මගේ බුද්දිමත්, නුවනක්කාර (දයාබර)සොයුරු ,සොයුරියනේ ,මං ඉතාමත් ආදර ගෞරවයෙන් ඉල්ලා සිටිනවා !! මේ පුවතට ඔබගේ අදහස් පල කරන්න කියා (දැක ගන්න ආසයි .. අදහස් ඔබේ ) (ස)
චන්ද්‍ර වීරසිංහගේ අදහස මගේද අදහසයි ..!! ලංකාවේ නිතිය ගැන කියන්න වචන නැහැ. (ස)
හතරවැනි තට්ටුවට යවන්න තිබුනේ කරපු පව් වමාරන්න (නි)
මෙවන් අයට නිසි දඩුවම් ලැබෙන්නම ඕනෑ (නි)
මොනවා වුණත් විදුහල්පති කෙනෙක්නෙ. මෙදා පාර සමාව දෙමු (නි)
පිටිගල මිලානෝ,ඔය කතා කරොත් කියන්නෙම පුවතේ අනිත් පැත්ත, ඔයා ඉන්නේ පුවත් වල හොද කියන්න නෙමෙයි, නරක කියන්න විතරයි. ටික දවසකට කලින් කිව්වා, අර ගම්පලාතේ සුලන් හමන විදිහ පැදුරක් එලාගෙන නිදා ගන්න විදිහ, දැන් කියනවා ළමයි පිට රට හිටියනම් හොදලු,මිනිහෝ ඔවන් සිදුවීම් ලොව ඕන තෙනෙක තියනවා, ඉතාලි වල කුඩා ළමුන් බලාගන්න පාසැලක මිනිහෙක් කුඩා ළමුන් සමග නොහොබිනා අයුරින් සිට ඒවා විඩියෝ කර අන්තර් ජලයේ තිබී හමු උනා, එතකොට එයාලත් ඔය ලංකාවෙන් ඔහෙට ගිය අයද? ඔහෙලා තමයි මේ රටට හෙනය, ඉන්නවා ඔහෙටම වෙලා අපිට මොනවා උනත් අපේ ලංකාව හොදයි. (නදී)
මට නම් මම ඉන්න රට හොඳයි.අපේ රටේ ඔවැනි සිද්ධි වෙන්නේ නැහැ.ළමයින් ආරක්ෂා කර ගන්න ඕන අය මෙහෙට එන්න. (ස)
මෙතුමා ඉතා හොද කෙනෙක් ,මෙය පුද්ගලික පලිගැනීමක් වාගේ.(නදී)
පිටිගල ඔය කියන්න මිලාන් ගැනද, ඔයාට ඕනෙන ම් ඔහේ සිදු වන පල්ලි වල අපචාර මම පෙන්නලා දෙන්නම් (නදී)
විදුහල්පතිව අමාරුවේ දාන්න ගුරුතුමී ගොතන ලද දෙයක් නම් ටිචර්ට කුමක් කරන්නේද? (නි)
පිටිගල මිලානෝ රට පැනලා ඉන්නේ අපරාධ කරලා බේරෙන්න වෙන්න ඇති. (නි)
නියම පරීක්ෂණය බන්ධනාගාරයේදී කෙරෙයි (නි)
මගේ නමින් ඉහල කවුද කෙනෙක් කියල තියෙනවා "මම නම් ඉන්න රට හොඳයි..........කියල" එහි වරදක් නැහැ. නමුත් මම ඉහත අදහස් කලේ, මෙවැනි සමාජ පරිහානියක් ඉක්මනින් සිදුවී මහා විනාශයක් කරන්න පුළුවන් වුනත් එහි භයානක කම නම් එය නගා සිටුවන්නට එනම්, සමාජ ගුණ ධර්ම නංවා යලි ගුණවත් සමාජයක් බිහි කරන්නට කොපමණ කාලයක් අප වැය කල යුතුද යන්නයි. එය මැනිය හැක්කේ අවුරුදු හෝ දශක වලින් නොවේ පරම්පරා වලිනි. අපේ රට මුලදී සහල් පමණක් නොව 'ගුණ ධර්ම' ද ලොවට අපනයනය කල රටක් බව අපි අවබෝධ කර ගත යුතුය.(දී)
ආබාධිත දරුවන්ට අතවර කළ විදුහල්පති කප්පාදු කළ යුතු වේ. (නි)
ලංකාවේ උගත් මිනිසුන්ට මොනවද මේ වෙලා තියෙන්නේ? බෝට්ටුවෙන් මෙහෙට එන එක පුදුමයක් නෙමෙයි. (නි)
එදිරිසිංහ, ඔබ අවසන් වරට පවසා ඇති දෙය සත්‍යයකි. එවැනි අයට කුමක් කළ යුතුදැයි ඔබම සිතන්න. (නි)
කුඩා දරවන් දැක්කම කාම සිතුවිලි පහළවෙන නරුමයෝ . මෙවැනි අපරාද කරුවන් එල්ලා මැරීය යුතුයි.(නදී)
විදුහල්පති අබාදිතයෙක් වගෙයි.(නදී)
නඩු දැම්මට ඇප පිට බේරිලා යාවි , හොඳම දඩුවම රිමාන්ඩ් භාන්ධනාගාරේදී දෙන්න වග බල ගන්න. (ස)
යකෝ, එන්න එන්නම මේ විදුහල්පතිලගෙන් පොඩි එවුන් බේරගන්න බැරිවෙන්නනේ එන්නේ. ඒ මදිවට ගුරුවරියකටත්. අමිල ප්‍රර්ථනා කරනවා වගේ මාත් ප්‍රර්ථනා කරනවා චන්ද්‍ර වීරසින්ගේ යෝජනා කරන දඬුවම බන්ධනාගාරේදී ලැබේවා කියල. (නදී)
මේ පුද්ගලයන්ට මොන පිස්සුවක් වැහිලද. මේ සෑම දෙයකටම මුල අද සමාජයේ බිහිවෙලා තිබෙන ඇතැම් වෙබ් අඩවි වල බහුබුත බලල අමන පිස්සුවට ඔලුවලට ගහලා. තමන්ගේ වෘත්තියේ ගෞරවය හා මනුෂත්වය තේරුම් අරන් ජීවත්වෙන්න බැරි ගතිය. (ස)
හාපොයි ප්‍රින්සිපල් සර් කරන වැඩ...... (ස)
ලංකාවේ බුදුදහම පිරිහිලා කියන එකට සාක්ෂියක්... (ස)
අපායටවත් සුදුසු නැති එවුන්..... (ස)
කාලයක් පිට රටවල පදිංචි පුද්ගලයන් තම දරුවන්ව හොඳින් සීලාචාරව හදා වඩා ගන්න ලංකාවට ගෙන ආවා. නමුත් දැන් නම් ළමයින් පිට රටක හැදෙන තරමට හොඳයි කියලයි මට හිතෙන්නේ. කෙතරම් ගුණ ධර්ම විවිධ ආගම් වලින් කියලා දුන්නත් ළමයි හැදෙන්නේ සමාජය දිහා බලලා. මුදල් පසු පස අන්ධයන් සේ දුවන වාතාවරණයක, සිත් තුල මෙත් සිසිලක් රෝපණය නොකර විභාග පාස් කරන මැෂිමක් සේ ඔලුව හදන, ගුරු පියා වෘකයෙක් මෙන් තමා මරා ගන්න මාන බලන මේ සමාජයේ ළමයෙක්ව කෙසේ හැදෙන්න ඉඩ හරිමුද? (ස)
මේක ගොතපු කතාවක් වගේ
මම දන්නා තරමට මේ විදුහල්පති ඉතාමත්ම හොඳ කෙනෙක්. මේක සම්පුර්ණයෙන්ම ගොතපු කතාවක් සහ දේශපාලන පාලි ගැනීමක් විය හැකිය. ඉතාම අවංකව සියලු සැප අතහැර මෙවැනි තමන් වගේම අහිංසක ආබාදිත දරු දැරියන්ට උගන්වන ආදර්ශමත් ගුරුවරයෙක් මම දැක නැත. (ස)
වැරදි කළා නම් දඩුවම් විදින්නම ඕනෑ, නමුත් වරදක් නැත්නම් කිසිම ගැටළුවක් වෙන්නේ නැහැ. (නි)
පිටිගල මිලානෝ ඔබ හරියටම හරි .මට ඔය සිතුවිල්ල ඇතිවුනේ මීට අවරුදු දහයකට විතර කලින්. පිටරට වල හැදෙන දරුවන්ගේ ගුණ ධර්ම සාපේෂව බලන කල ඉතා ඉහල මට්ටමක ඇත.(නදී)