‘පාරඉඩදෙන්න කියා බි‍්‍රගේඩියර් කිව්වා. අපි පාරෙන් යන්නම් විනාඩි දහයක් දෙන්න කියා එක්කෙනෙක් කියද්දී දෙන්න බැහැ කියා ගහපියව් කිව්වා. ඒ සමගම හමුදා පිරිස ගස්වලින් කඩාගෙන තිබූ පොල්වලින් පහරදුන්නා. අපි දුවද්දී වෙඩි තිබ්බා‘ යැයි නැදුන්ගමුව ඌරැවල ජූඩ් නිශාන්ත පෙරේරා (45) මහතා ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි ජයතිලක මහතා ඉදිරියේ අද පැවසීය.
වැලිවේරියේදී වෙඩි වැදී පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මියයාම සම්බන්ධයෙන් පැවැති මහේස්ත්‍රාත් පරීක්ෂණය අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේදී දෙවැනි දිනටත් පැවැත්විණි.
මියගිය නිලන්ත පුෂ්පකුමාරගේ බිරිය යාපා මුදියංසේලාගේ නිසංසලා ප්‍රශාදිනී සහ සරණගල උඩ ගෙදර ධර්මසේන කොළඹ අපරාධ කොට්ඨාසයේ මෙහෙයවීම යටතේ අධිකරණයේ සාක්කි ලබා දුන්හ.
ශ්‍රී ලංකා නීතීඥ සංගමය නියෝජනය කරමින් උපුල් දේශප්‍රිය මහතා ඇතුලු නීතීඥ කණ්ඩායමක් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි අතර ඔවුන්ගේ මෙහෙයවීම යටතේ ජනප්‍රිය චින්තක, ජූඩ් නිෂාන්ත පෙරේරා, ප්‍රේමලාල් පෙරේරා සහ සුනිල් ජෝසප් යන සිව් දෙනා සාක්කි ලබා දුන්හ.
යුද හමුදාව භවිත කළ ගනි අවි 98ක් සහ අපරාධ ස්ථානයෙන් ලබා ගත් සාක්කි කිහිපයක් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අද අධිකරණයට ඉදිරිපත් කළ අතර මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ දී පරීක්ෂා කරමින් එම නඩු භාණ්ඩ භාරගත්තේය.
ඒවා හෙට වන තුරු අධිකරණයේ තබන ලෙස පැවසූ මහේස්ත්‍රාත්වරයා ඒ සඳහා විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙස ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂකට නියෝග කළේය.
අධිකරණයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු වෙද්දී යුද හමුදා කදවුරුවලට සිවිල් වැසියන් ගෙන්වා සාක්කි විනාශ කිරීමේ කටයුත්තක යුද හමුදාව නිරත වන බැවින් එලෙස නොකරන ලෙස නියෝගයක් ලබා දෙන්නැයි නීතීඥ සුනිල් දේශප්‍රිය මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මහේස්ත්‍රාත්වරයා පැවසුවේ දිවුරුම් පෙත්සම් මගින් ඒ බව ඉදිරිපත් කළ හොත් එය සලකා බැලිය හැකි බවයි.
නැදුන්ගමුව ඌරැවල ජූඩ් නිශාන්ත පෙරේරා මහතා මෙසේද පැවසීය.
‘බැලූම්මහරදී උද්ඝෝෂණයට හමුදාවෙන් ගහලා කියා ආරංචිවුනා. හවස පහමාරට විතර හමුදාවේ සීයක් විතර අප හිටිය තැනටත්ආවා. බ‍්‍රිගේඩියර් විස්තරයක් කිව්වා. ඒ වෙලාවෙදී හමුදා පිරිසක් මාධ්‍යවේදියෙක් ඇදගෙන ගියා. ඒ සමගම ජනතාව කලබලවුනා. හමුදා බ්‍රිගේඩියර්වරයා ගහපියව් කීවාට පසු අපි දිව්වා. මම හිටියේ බ්‍රිගේඩ්යර් වරයා ළගමයි. හමුදාව ලයිට් වයර්යලට වෙඩි තිබ්බා. මම ඇඹරලුව පාරේ කොන්ක්‍රිට් ස්ලැබ් එකක හැංගිලා හිටියා. ටික වේලාවකින් ශබ්දයක් නැතිව ගියා . මම බැහැලා ගෙදර යන්න ගියා. ටික දුරක් යනකොට මගේ ඉනේ වම් පැත්තට වෙඩිල්ලක් වැදුනා. එතකොට කලුවර වැටී තිබුනා. හමුදාව වෙඩි තියන නිසා රාත්‍රියේ රෝහලකටත් යන්න බැරිවුනා. පහුවදා රොහලට ගියා.‘
වැලිවේරිය බියගම පාරේ ප්‍රේමලාල් පෙරේරා මෙසේ කීය.
‘මම පළවැනිදා පල්ලිය ඉස්සරහ පාරේ ගල් ඇල්ලුවා. උද්ඝෝෂණයක් තියෙන බව දැන ගෙන හිටියා. ලොකු පොඩි විශාල පිරිසක් එයට එක්වුනා. වැඩ අවසන් කර ගෙදර යද්දී හන්දියේ සෙනග ගොඩක් හිටියා. හමුදාව ඉදිරියෙන් හිටියා. ඒ අය වෙඩි තියද්දී මා වටේ හිටපු අය ගල්මුල් ප්‍රහාර එල්ල කලා. සියලු දෙනා පල්ලියට දිවවා. හමුදාවේ 15 විතර පල්ලියට කඩාගෙන වැදුනා. මම සුරැවම යට හිටියේ. හමුදා පිරිස තුවක්කු බටෙන් මට ගැහුවා. මගේදත් තුනක් කැඩුනා. පසුව මගේ අත්පාවලටත් ගැහුවා. මගේ කොලරයෙන් අල්ලා උස්සාගෙන පොලිසියට අරගෙන ආවා. පොලිසියට අවිත් මගේ යට ඇදුම හැර සෙසු සියල්ල ගලවා හමුදා පිරිස මාව පොලිස් කූඩුවට දැම්මා.
මගේ ඇග පුරාම ලේ ගලමින් තිබුනා. කූඩුවේ අපි හය දෙනෙක් හිටියා. එලිවෙනකම් අපිට වතුර ටිකක්වත් ලැබුනේ නැහැ. පහුවදා දවල් රනිල් මහත්තයා ඇවිත් අපි ඇදුම් නැතිව තුවාල සහිතව ඉන්නවා දැක පොලිසියට දොස් කිව්වා. පසුව පල්ලියේ ෆාදර් ඇවිත් අපිව එළියට ගත්තා. ඉන් පසුව රාගම රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ගත්තා. මට පහර දුන් හමුදා නිලධාරීන් අදුනන්න බැහැ. පොලිසියේ අයට කියා කූඩුව ඇරලා මාව කූඩුවට දැම්මේ හමුදාව් වේ අයයි. අපට වෙච්චදේට සාධාරණයක් ඉටු කර දෙන්න. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධයට බයේ හමුදාව හැරගිය පොරක් නේද බන්දුල පෙරේරා නමින් ලියන්නෙ ? (ස)
එක මකුනයි ළමයෝ කන්නේ.. ඇයි ඔක්කොම මකුණෝ මරන්නේ... අපේ රටේ නං ඉන්නේ මහා පුදුම මිනිස්සු ටිකක් තමයි. (ස)
යම් සිදුවීමක් වුනාම එක දඩමීමා කරගැනීම වරදක්. ඒ වගේම දේශපාලන වාසි ගැනීමද හොද දෙයක් නෙමෙයි. මේ සිද්ධිය නිසා යම් අසාධාරනයක් රතුපස්වල ජනතාවට සිදුවුනා කියලා හැමෝම දන්නවා. මිනිසුන්ගේ සාධාරන ඉල්ලීම් වලට වගකිවයුත්තන් ඇහුන්කම් නොදීම මේ හැම ප්‍රශ්නයකදීම බලපානවා. රටේ සංවර්ධනය කියන්නේ රටේ ජනතාවගේ දියුණුවත් ප්‍රශ්න විසදා ගැනීමත් සමග වියයුතු දෙයක්. රටේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න විසදීමේදී පාලකයන් මීට වඩා සාධාරන වෙන්න ඕනෑ. මෙම ප්‍රශ්නෙට මුලින්ම වගකිවයුතු කෙනෙක් මැදිහත්වෙලා සාධාරන විසදුමක් දුන්නා නම් අද මේ කා දමන කාලය සහ නැති වුන ජීවිත බේරාගන්න තිබුනා, අද උසාවි, නීතිඥයන්. සාමාන්‍ය ජනතාව, මාධ්‍ය, ආරක්ෂක අංශ මේ අය වැය කරන්නේ රටේ සංවර්ධන මුදල් හා කාලය නොවේද ? (නි)
බන්දුල පෙරේරා නොහොත් කට මාමා ,නොහොත් ,රේණු නගා නොහොත් සාතන් .මේ ඔක්කොම ලියන්නෙ යුද්ධයට බයේ හමුදාව හැරගිය පොරමයි .ඌ මට ගහනවා මට ඌ ගහනවා.(නදී)
මේ දීලා තියෙන ජනප්‍රිය චින්තක, ජූඩ් නිෂාන්ත පෙරේරා, ප්‍රේමලාල් පෙරේරා සහ සුනිල් ජෝසප් යන සිව් දෙනා මොන අයද යන්න හා පල්ලියේ භූමිකාව කුමක්ද යන්න යමක් ඉගි නොකරන්නේද ?(නදී)
බැරි වෙලාවත් ආයෙත් මිනිසත් බවක් ලැබුනොත් බන්දුල පෙරේරාට මොලයකුත් ලැබේවා යැයි මම පතනවා! (නි)
හමුදාවේ පිරිසට මීට වඩා ඉවසීමක් තියෙන්න ඕනෑ මනුස්සයෝ එක්ක වැඩ කරද්දී. ඒවා ජීවිතනේ. අනික ඉල්ලුවේ වතුර මිසක් වෙඩි නෙමෙයි. මොකක්ද මේ නීතිය? (නි)
ය්‍රුධ හමුදාවට හෝ රටේ රාජ්‍ය නායකයින්ට ය්‍රුධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ඇත්නම් ජත්‍යයන්තර අධිකරණයට ඉදිරිපත්වි තම නිර්දෝෂිභාවය ඔප්පු කර ගන්න. නැත්නම් ම්‍රුලු රටම ජත්‍යයන්තරව අපකිර්තියට පත් වේවි. (නි)
මේ බන්දුල පෙරේරා කියන මනුස්සයට මේ සම්බන්ධයෙන් පුදුම අමාරුවක් නෙ තියෙන්නෙ.පොඩ්ඩක් ඇස් ඇරල බලන්න රටේ මතය දිහා. මෙයා දේශපාලකයෙක් ගාව වැඩ කරන හෙන්චයියෙක් වෙන්න ඕනි.එහෙම නැතිනම් ඇමතිවරයෙක්. (නදී)
බුද්ධිමත් විදියට හිතන්න පුලුවන්නම්, රනිල්ට බුදු දහමේ මෙන්න මේ කරුණු ටික ආදේශ කරල බලන්න කොතරම් දුරට ගැලපෙනවද කියල - ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා පසංසාච සුඛංච දුක්.(නදී)
බන්දුල මහත්තයා එදා එතන හිටියද? ගමේ මිනිස්සු කියන්නේ ඇත්ත. හමුදාව මිනිස්සුන්ට සැලකුවේ පහත් විදියට. අවංකවම අපිට හරිම දුකක් දැනෙන්නේ සිද්ධ වුණු දේට . මිය ගිය අයගේ පවුල් වලටයි පාඩුව. අනිත් අයට තව ටික දවසකින් ඔය ඔක්කොම අමතක යි. මේක ලෝකේ තියෙන එකම සිංහල රට ඒක අමතක කරන්න එපා. අහිංසක අපට කාගේ පිහිටද? අපි කාටද මේවා කියන්නේ? ඇයි අපිට මෙහෙම කරන්නේ? (ස)
ඉදල හිටලා වෙඩි තියන්නත් ඕන.මේක එක්තරා පක්ෂයක ක්‍රියාවක්. මම ආණ්ඩුවට කඩේ යනවා නොවේ. නමුත්, මේ අරගල ඇති කරන්නේ බලයට කවදාවත්,ඒ කියන්නේ, මේ අපේ ජිවිත කාලයේ,මහා ඡන්දෙකින් දිනන්න බැරි පක්ෂයක්.ආරක්ෂක හමුදාවන් කල යුත්තේ, මෙවැනි අවස්ථාවක් පටිගත කිරීමක්. පසුව එය පරීක්ෂණ කලවිට, කව්ද කියල තේරේවි.(නදී)
ආන්න දැක්කද රේණු නංගි ඇවිල්ලා මාව බේරා ගත්තා වෙලාවට. මම හිතන්නේ මේකේ ලොකුම කොටස ඉටු කලේ රේණු නංගි කියලයි. මොකද මං කියන්නේ බොරුද නේද රේණු නංගි? රේණු රේණු මල් මිටේ රේණු... ඈට පෙම් කරන්න මට බෑලු.. රන් සමනල තටු මට ලැබෙන්නේ නෑලූ....රොන් පිරී සැලෙන්න මල් රේණු..... මට රේණු නංගි ගැන ලොකු ආදරයක් ඇති වුනා. සමා වෙන්න මෙහෙම ඇහුවට ඔයා තවම බැඳලා නැද්ද? ඔයාට පෙම්වතෙක් වත් නැද්ද මට දැන ගන්න ආසයි. ඊ ළඟ පාර අදහස් දාද්දී මගේ ප්‍රශ්නවලට පිලිතුරු ලබාදීමට ප්‍රමුඛත්වයක් දක්වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි..මම ඔයාගේම ආදර බන්දුල අය්යා. (දී)
සාක්ෂිකරුවන්ට බලපෑම් කරලා සිද්දිය යට ගහන්න දෙන්න එපා. සාක්ෂි කරුවනේ උත්තරීතර අදිකරණය ඉදිරියේ නොබියව සත්‍ය ප්‍රකාශ කරන්න. පොඩ්ඩෝ වෙච්ච අපිට තියෙන්නේ අදිකරණයේ පිහිට තමයි. දෙවියන් වහන්සේ ඔබලාව ආරක්ෂා කරනවා.(නදී)
පතිරණ වැඩි වැඩ නැතිව ඉන්නවද?(නදී)
මේ සාක්ෂි දෙන අය කියන්නේ ඇත්තම කියලා කාටද කියන පුළුවන්..(නදී)
ඉෂාරා, දැන් පත්තර වල හදිසි නීතිය නැති උනාට වාරණයක් තියනවා වගේ.(නදී)
ලලිත් ලන්ඩන් වල හා කැනඩාවේ එල් ටී ටී යාලුවෝ පාරවල් වහගෙන පෙළපාලි යනකොට ඒ රටවල පොලිසිය හා හමුදාව වෙඩි තිබ්බද ලංකාවේ මිනිස්සුන්ට . නමුත් ලංකාව වෙන විදිහක් නේද ටිකක් කල්පනා කරලා කතාකරන්න.(නදී)
පොලීසියේ අර මහත්තයා සුදනා වාගේ කථා කලා නේද? හමුදාවෙන් පොලීසියට ගෙනල්ලා කූඩුවට දැමම කියන්නේ. මේ සම්බන්ධ ලේඛන හා නීති කටයුතුත් පොලීසියට හමුදාවෙන්ම කරලා දීලා ගියාද? (අ)
කවුරු කලත් වැඩේ වැරදියි. සමාජ වාදී,වමේ නායකයන් ගෙන් මීට වැඩ ප්‍රතිචාරයක් වියයුතුව තිබුණා, ඒ ගොල්ලෝ සෙට් එක තනතුරු ගිලිහෙයි කියල අහක බලාගෙන හිටියා. ඡන්දෙදි අපි දන්නවා ඔය ගොල්ලන්ට කොහොමද කරන්නේ කියලා. මට නම් ඒක ගැන හරි කණගාටුවක් ඇති වුනා.(නදී)
බන්දුල ගැන එතරම් ගණන් ගත යුතු නැහැ. ඒ පුද්ගලයා එක්කෝ පිස්සෙක් නැත්නම් දාර කපටියෙක්! පිල්ලේ දැනටමත් වාර්තාව ලියලා ඉවර ඇති! (නදී)
පල්ලියේදීත් ගහන්න ,වෙඩි තියන්න ,තරම් අමානුෂික ,අකාරුණික,බලයෙන් වියරු වුවන් පිළිබඳව බුද්ධිමත් තීරණයක් ගන්න.(නදී)
සමහර කොටිත් ආරක්ෂා කරන අය හමුදාවට කියා සිංහලුන් අඩුකරන වැඩසටහනක් අරඹපා වගේ.(නදී)
මුන්ට පිස්සු .(නදී)
අපි කිසිවක් ඇසින් නොදුටු නිසා සියල්ල තීරණය කලයුතු වන්නේ ජන මාද්‍යයයෙන් හා කටකතා වලින් ඇසකන අහුලා ගන්න දෙයින් පමනයි. නමුත් එතරම් තීක්සන බුද්දියක් හෝ උසස් මනසක් අප්‍රිකාටවත් ඇත්නම් අදිකරණයට විනිසුරු මඩුල්ලක් හා ජුරියක් අවශ්‍ය නැහැ,මෙහි අදහස් බලන්න බන්දුල,පද්මසිරි ,දසිල්වා, සේනාදීර ,රවිනාත් ,ලලිත් ,කුමුදු මේ සියලුදෙනාම වැරදිද ?එනිසා අදහස් පළකරද්දී කිසිවෙකුට අගතියක් හෝ අපහාසයක් වෙන විදිහට අදහස් නොලියන්න වග බලාගන්න. කතිරේ ගහද්දි යකාට ගහපු කතිරේ ගහන්න කියන්නේ යක්සයටද? දේසපාලනය කරන කිසිවෙක් අතර දෙවිවරු නැහැ, එනිසා අපිට හැමදාම කතිරේ ගමන්න වෙන්නේ යක්කුන්ට විතරයි. උන් අපේ ඇට,ලේ ,මස් රස බලන්න බල්ලෝ වගේ පොර කනවා එතනදී වල් බල්ලා රට බල්ලා කියලා වෙනසක් නැහැ.(නදී)
මේ කියන දේවල් ඇත්තනම් ,අපිට ඉතුරුවෙලා තියෙන්නේ, අපි අදහන දෙවියන්ගේ පිහිට විතරයි.(නදී)
මම කාවවත් බේරාගත්තේ නැත. මම කළේ මිනිස්සු දකින් වැරැද්ද නිවැරදි කිරිමයි. (නි)
ආයෙත් කතිරේ ගහනකොට කල්පනා කරලා ගහපල්ලා.(නදී)
හමුදාව සහ පොලිසිය ඔය විදියට කටයුතු කලොත් මින් ඉදිරියට හදිසි අවස්ථාවක් මතු උනොත් මහජනයාගේ සහයෝගය ඔබලාට නැති වෙන්ඩ ඉඩ තියෙනවා. ඒ නිසා මනුස්සකමට තැන දීලා සාදාරන විදියට කටයුතු කලොත් හොඳයි.(නදී)
හමුදාව සාක්ෂි කැඳවූ පලියට සිවිල් වැසියන් ඒ සදහා යෑමට කිසිම නීත්‍යාණුකූල බැඳීමක් මා දන්නා නීතියට අනුවනම් නොමැත. එය එසේනම් සිවිල් වැසියන් ඒ සදහා කිසිසේත්ම නොයා යුතුය. තවමත් ලංකාවේ නීතිය පසිඳලීම සදහා ඇති ආයතනය අධිකරණයයි. හමුදා අධිකරණය සිවිල් ජනතාවගේ අධිකරණය නොවේ. එසේම ඒ සදහා යමෙකු බල කරන්නේනම් සමූහ ජනතාව විසින් තීරණයක් ගත යුතුය.(නදී)
මේයාලට ජන්දය දීපු අයට ගහන්න ඕනේ .(නදී)
මඩ වෙබ් සයිට් ඔතා දුන් ගුලි කෑ බේබද්දන්ගේ අමාරුව, රේණු නගාගෙ තැඹිලි ගෙඩිය බිවුවහම නතර වෙයි මගේ හිතේ. (නි)
ස්මෛල් මල් මිටක් ඔබතුමාට. (ස)
මේ වැඩේනම් හරියනේ නෑ. අපිටත් වසන්තයක් ඕනේ.(නදී)
රතුපස්වල ලොකු වැරද්දක් හමුදාවල් අතින් වුනා. ඒක ඇත්ත. ඒක ඔවුන් මෙවැනි දෙකට පුරුදු නැති නිසා. මෙතන අදහස් දාන අය, හමුදාව ගැන දාන අදහස් ගැන මුස්ලිම් ජාතිකයෙක් විදියට හරිම දුකයි. මොකද එල් ටි ටි ඊ කාලේ මෙයාලා කරපුව නිකන්ම ඉවර වෙනවද? සිංහල මිනිස්සු මෙහෙම දාන්න හොඳ නැ. වැරැද්දට දඞුවම් කරන්න ඕන. ඒක ඉක්මනට කරන්න ඕන. ඒකයි වෙන්න ඕන. (ස)
මම ඉන්නේ ඩුබායි වල. මානුසික මෙහෙයුම වෙලාවේ අපේ හමුදාව සිවිල් වැසියන් මැරුවේ නැහැ කියල අපි විශේෂයෙන් ඉන්දියාවේ අය එක්ක කොච්චර නම් වාද කරනවද , එත් දැන් ඒ අය එක්ක අපිට වාද කරන්න බැහැ මේ වෙච්ච වැඩේ හින්ද , අපිට සමාවෙන්න ,අපි දේශද්‍රෝභියෝ නෙවෙයි.(නදී)
මේ පාර කතිරේ ගහනකොට ටිකක් හිතලා වැඩ කරන්න (නි)
බ්‍රිගේඩියර්වරයා වීර හමුදාව කුමන තත්වයකට පත්කරලද? (නි)
බන්දුල වගේ කඩේ යන අය නිසා අද රට වලපල්ලට යනවා. මෙතන නිලදාරීන් කීප දෙනෙක් පමණි වරද්ද කරලා තියෙන්නේ. කරලා තියෙන්නේ උඩින් ආපු නියෝගය ක්‍රායාත්මක කිරීමයි. මේ සියල්ල කලේ පෙර සුදානමකින්. වටේට තිබුන ලයිට් වලට වෙඩි තියලා කළුවර කලා. ඊට පස්සේ බයිසිකල් චේන් වයර් වලට විසිකරලා පැත්තම කරුවල කලා. මෙය හිරු ට්වී එකේ හොඳට පෙන්නුවා. මෙතනින් පැහැදිලි වෙනවා පෙර සුදානමකින් ඉහල ප්‍රදානියකුගේ නියෝගය අනුව කල දෙයක් බව. හොඳට පැහැදිලි වෙන දෙයක් තමා ඉහලම නියෝගයකින් සිදු වූ බව. සාක්කි ගැනීම හා හමුදාපතිගේ තීරණ ගැනීමේ ප්‍රමාදය එයට හොඳ නිදසුනක්. පිල්ලි මහත්මිය පැමිනියායින් පසු හමුදා නිලදාරීන් කීප දෙනෙකුට නීතියෙන් බරපතල දඬුවම් පමුණුවා කොමන් වෙල්ත් මීටිමෙන් පසු ඔවුන් නිදහස් කරනවා. අපේ සිංහලුන්ට ඊට පස්සේ වැලිවේරිය කොහෙද තියෙන්නෙත් කියල අමතක වෙනවා. ජලය සපයන්ට මණ්ඩලයෙන් කොන්ත්‍රාත්තුව දීල තියෙන්නේ කාටද කියලත් බලන්න. මේවා වම් සාක්කුවට දන සල්ලි නැවත දකුණු සාක්කුවට දාගන්නවා වගේ වැඩ. බන්දුල වගේ අයට කොමිස් ගහන්න වැඩ කරන්න පුළුවන් මේ ආණ්ඩුවෙන් පමණි. මොකද එයාටත් 10% කොටසක් එනවා .(නදී)
මේවාට වැඩි කල් පැවැත්මක් නැහැ (නි)
වතුර ටිකක් ඉල්ලීමත් මරණය හිමි වරද නම්.... කුමට මෙරට අධිකරණය? නීතිය? සහ විනිසුරන්?(නදී)
වැරදි නැත්නම් කවුරුත් බය වෙන්න දෙයක් නැහැ. මොකද මේ වැරදි වහගන්න නටනේනේ. මොනරා නටන විට පස්ස එලියේ කියලා කථාවක් තියනවා නේද?(නදී)
යුද්දයෙන් පස්සේ මෙවැනි අනවශ්‍ය ඝාතන තරයේ හෙළා දකිමි. සෑම පුර වැසියෙකුට වැසීයෙකුටම තමන්ගේ අයිතිය ප්‍රකාශ කිරීම හෝ ඉල්ලීම සාදාරණ බව වගකිවයුත්තන් තරයේ අවබෝධ කර ගතයුතුයි . ජනාදිපති මිට වඩා නිදහස ගැන සොයා බැලිය යුතුයි. මේ දේ කල අපරාධ කරුවන්ට උපරිම දඩුවම් දිය යුතුයි. (නදී)
අනිත් පැත්තට දුන්නම ඔක්කොම හරිද..කොයි පක්ෂේද මේක ගැන බැලුවේ..(නදී)
මෙතන අත ලොස්සක් ආණ්ඩුව හැමදාම ගසන බෙරයට නටයි. දැන් සැහෙන කාලයක් ඉඳලා ආණ්ඩුව අන්තර්ජාතික කුමන්ත්‍රණය යන බෙර පදය ගසයි. මෙය කෝකටත් තෙල මෙන් ආණ්ඩුවට වරදින හැම අවස්ථාවකම යොදයි. (දී)
ප්‍රථමයෙන් ලංකාදිප පුවත් පතට මාගේ ස්තුතිය විශාලා විග්‍රහාකිරිමක් වෙනුවෙන් මාහට ඉඩලබාදිම පිලිබදව. එමෙන්ම බන්දුල මහතා මම ඔබගේ තනි උත්සහයට මගේ අවංක තුතිය. නිවැරදි දේ කියන්න ගියොත් එක්කෝ පිස්සෙක් කියනවා නැතිනමි පක්ෂවාදියෙක් කියනවා. පස්සේ වටකරලා ගහනවා. සමහර දේවල් දුටුවිට ලේ රත්වෙනවා නමුත් රත්වුනාට ඇත්ත දකින්න ඔනේ කුමක් නිසාද මෙ දේ වෙන්නේ කියලා හැමදේයක් ගැනම සාධාරනව සිතිය සහ මධ්‍යස්ථව යුතුයි. බල්ලෝ බිරැවට ඔබ ඇත්ත ඇත්ත සැටියෙන් ලියන්න මඩ ගහන් සැලෙන්න එපා. තේරැවන් සරණයි ((අ)
වැලිවේරියේ වැරදි කරුවන්ට ඉක්මනින්ම දඬුවම් දෙන්ඩ ඕනා. රටේ ප්‍රජතන්ත්‍රවාදය ස්ථාපිත විය යුතුයි.(නදී)
එදා අපිට පෙනුනෙ ඔබලා දෙවියෝ වගේ විරුවනි... අද අපට පෙනෙන්නේ ඔබලා හතුරෝ වගේ විරුවනි (නි)
මේ අය පොලීසියේ රදවා ගෙන තිබෙන බව පෙනෙනවා, එහෙමනම් පොලීසිය සම්බන්ධ ඇති. පියතුමා සහ රනිල් මහත්තයා මේ අය පොලීසියේ දී දුටු බව පැහැදිලියි. සොයාබැලිය යුතුයි පොලීසිය මොන නීතිය යටතේද මොවුන් සිරකර තැබුවේ කියා (නි)
බන්දුල පෙරේරා දානපති පාලකයන්නට කඩේ යනවා. කෝ ඔබතුමාගේ අදහස් වල අසරණ වුණ එක මනුස්සයෙක් ගැනවත් කරුණාවක් ඇතුව සඳහනක් නැහැනේ .ඒ කියන්නේ ඔබතුමත් අහිංසකයන්ගේ ලේ උරා බොන පාලකයින්ගේ කෙනෙක්ද? .මොනෙදේටත් පෙර හොඳ විවාහයක් කරගෙන දරුවන්ගේ හුරතල් බලන්න. එතකොට ඔය නරක ගති නැති වෙලා රටට ජනතාවට ආදරය කරන මිනිසෙක් ඔබ තුලින් බිහිවේවී (ස)
මේ ගොල්ලෝ කොටින්ටවත් මේ වගේ අමානුෂික වෙලා නැතුව ඇති (නි)
ඉස්මෙල් ඔබේ අදහස් දැක්වීම ඉතා නිවැරදියි. මම ඔබට ගරු කරමි. (ස)
අපි හිතනවා මේ මිනිසු කියන්නේ ඇත්තම කියලා. අමතක කරන්න එපා අද අපි පාරේ බැහැල යන්නේ මේ හමුදාවත් ඒකට නායකත්වය දීපු උදවිය නිසා කියලා. කොටින්නට විරුද්ධව සාක්ෂි දෙන්න මෙච්චර උනන්දුවක් අපි දැක්කේ නැහැ පහුගිය කාලේ නම්.(නදී)
රේණු නංගී ඔයාට ස්තුතියි ගොඩාක්..ඔයාට දීපු ඉඩට ඔයා මගේ ඉඩත් එකතු කරගෙන තියෙනවා..ඕක තමයි රටේ මතය මෙතන බල්ලෝ උඩු බිරුවට.(නදී)
වලිවෙරියට කොටි ගහපු වෙලාවේ නම් මෙහෙම උදවිය ඒකට කතා කරන ආවේ නැහැ.(නදී)
මේ වගේ රුකඩ සාක්කි ඕන තරම් දෙන්න බැරියැයි ඕන කෙනෙකු. කට පාඩම් කරවල වගේ..ඔක්කොම අහිංසකයෝ..පාරවල් හරස් කරපු අයියල එකෙක්වත් නැහැ..හමුදාවට ගහපු අයියලත් නැහැ..අපි ගිහින් පරවල් හරස් කරලා හමුදාවට ගහල තියෙන්නේ.හමුදාවත් මේ කහනවට වෙඩි තියල තියෙන්නේ සාමකාමී අවිහින්සාවදී බෝදිසත්ව උද්ගොෂණයකට.මුන් සාක්කි මවයි හෙට අනිද්දා එන පිල්ලේට පෙන්නන්න..මේ ලොයර්සලා ටික නොමිලේම වැඩට බැහැල ඉන්නේ මේ මිනිස්සුන්ට ආදරේ නිසාම වෙන්න ඇති..අපි නොදන්නා සංගමේ..(නදී)
අර බන්දුල පෙරේරා කියන නපුන්සකයාට මේකට අදහස් නැතිද දන්නේ නෑ..?(නදී)
මම හමුදාවට යුද්ධ කාලෙදී කරපු සියලු බෝධි පූජා ඉල්ලා අස් කර ගන්නවා.මම දැන් ශ්‍රී ලංකා හමුදාවට සෙත් පතන්නේ නැහැ.අපේ හිටපු ශ්‍රේෂ්ට හමුදාව අද නැහැ. (නි)
බන්දුල පෙරේරා මහත්මයාණෙනි. ඔබතුමා මේ දුවපු මිනිසුන් අතර නොසිටීම ගැන මට ඇත්තේ මහත්ම වූ කනගාටුවකි. මිනිසුන් වෙඩි කමින් ජීවිතය සඳහා දිව ගිය ආකාරය ඔබ දකින්නයි තිබුනේ. ඔවුන් සමග ජීවිතය පතා දුවන අතරේ උණ්ඩයේ හිතුවක්කාරකමට අවියෙන් නිදහස් වූ උණ්ඩයක් ඔබතුමාගේ කන අසලින්වත් යන්නයි තිබුනේ. එහෙම වුනා නම් ඔබතුමාගේ සිතුවිලි වෙනස් වෙන්න ගතවන්නේ උණ්ඩය ඔබ පසු කරගෙන යන මොහොත පමණයි. එවිට ඔබ ඒ ප්‍රශ්නයෙන් බැට කෑ වැලිවේරිය ජනයාටත් වඩා හඬක් නගනු නිසැකයි. (නි)
මම මීට කලින් දාපු ඒවා පළවුණේ නැත . (නදී)
අමාරිස් ..ඔබතුමා පේන බලන කෙනෙක් ද? (ස).
අපේ අමි එකේ අය ඇයි මේ වගේ සිංහල මිනිසුන්ව මරන්නේ.(නදී)
බන්දුල පෙරේරා කියන කෙනාට? (නදී)
වර්තමාන ශ්‍රී ලංකාවේ මිනිස් ජීවිතයක වටිනාකම රැදී පවතින්නේ ඡන්දය දෙන දිනට පමණි .රතුපස්වල ජනතාව ඉල්ලුවේ පිරිසිදු දිය බිදක් ලැබුනේ මර බියක් (නි)
මේකෙන් පිඩාවට පත් උනේ අසරණ මිනිස්සු..තව කොටසක් මේකන් ගොඩ එන්න බලනවා..මෙච්චර අනුකම්පාවෙන් කතා කරන විපක්ෂය මේ මිනිසුනට එක වතුර පනිට්ටුවක් ගිහින් දීල තියනවද අද වෙනකන්.(නදී)
ඉහළින් ලැබුණු නියෝගයක් අනුව තමයි හමුදාවෙ අය ක්‍රියාත්මක වුනේ. එහෙම නැතුව හමුදාවේ ඕනෑකමට නෙවෙයි.ප්‍රභාකරන් නැවත ඉපදුනොත් මේවා දැකලා හිනහවෙලාම මැරෙනවා. (ස)
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව? (නි)
ඔය බ්‍රිගේඩියර් ගේ නමක්වත් අපි යුද්දේ කාලේදී අහල නැ. ඒ කාලේදී එලියටවත් බැස්සද? ගහපියව් කියල පොලු අරගෙන ගියාද කියල හොයල බලන්න අපේ මහත්තුරු .නැතිනම් අර යුද්දේ කරපු ශවේන්ද්‍ර මහත්තයලාට ලොකු පුටු දෙනවා දැකලා ලොකු පුටුවක වාඩිවෙන්න හිතිලා හීනෙන් බයවෙලා වගේ අහිංසක මිනිස්සුන්ට ගැහුවද දන්නෙත් නැ.කොහොමත් අනාගතේදී තානාපතිකමක් වත් ලැබෙයි .එත් හමුදාපති තුමා මීයට පිමබා වගේ හිටපු එක තමා හිතට දුක.(නදී)
ඡන්ද දීපු අයට ගහන්න කලින් මේවා පසුපස අහිංසක ජනතාව මුලාකර දේශපාලන වාසි ගන්න හදන අයට ගහන්න ඕනෑ. (නි)
මේවගේ දේවල් වෙද්දී ඡන්දෙ දීපු අයට තමන්ගෙන්ම අහන්න වෙන්නේ "කොහොමද අපේ බූරු මොලේ" කියල තමයි. වමාර වමාර කන්න තමයි වෙන්නේ,මේ විදියට ගියොත්.(නදී)
මෙතන උන සත්‍ය සිදුවීම ලංකාවේ බොහෝ දෙනෙක් දන්නවා . (දී)
දත් තුනක් නෙමේ තිස් දෙකම ගැලෙව්වත් ඊලග ඡන්දෙට ඕවා මතක නැත.(නදී)
අපේ රට හරිම පවුකාර රටක් , 71 කැරැල්ලෙන් , ජිවිත දහස්ගනනක් නැති උනා , 88 භිෂනයෙනුත් ජිවිත දහස් ගණනක් , කොටි තර්ජන නිසා තවත් ජිවිත දේපල නැති උනා. යුද්දේ ඉවර වුනාම මම හිතුවා නිවි සැන්සිල්ලේ මිනිස්සුන්ට ජීවත්වෙන්න පුළුවන් කියලා. නමුත් ජිවන බර දිනෙන් දින වැඩි වෙනවා. ප්‍රාදේශීය දේශපාලකයෝ අපිව ප්‍රාණ ඇපයට අරන් , හමුදාවෙනුත් දැන් නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියනවා.(නදී)
රනිල් මහතාණනි, නොයෙක් අය ඔබ ගැන බොරු මතවාද ඇති කළාට ඔබ ශ්‍රේෂ්ට මිනිසෙකි, එය ඔබ හොදට මේ අවස්ථාවේදී පැහැදිලි කර ඇත. නිර්භීතව පොලිසියට පැමිණ අහිංසක මිනිසුන් බේරා ගෙන නිතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම ගැන සතුටුයි. මගේ රට නවයුගයක් කරා ගෙන යාමට ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා ! (නි)
හික්මීමක් ඇති හමුදාවද, නැති හමුදාවක්ද අපට ඉන්නේ? (නි)
යලිත් ඔහු මා හට හමු වුවහොත් කෙල පිඩකින් සංග්‍රහ කිරීමට මම මැළි නොවෙමි (නි)
බබාලා හම්බ වෙන්න ඉන්න අම්මලා සීට් එකෙන් නැගිටලා ඉඩදුන්න රණවිරුවන් නේද මේ? (නි)
බලාගෙන ගියාම යුද්ධ කාලේ කතා දැන් පිළිගන්න වෙනවා (නි)
අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ මේ කතා (නි)
දසක තුනක බිහිසුණු යුද්ධය නිමකළ රණවිරුවනි මිනිසුන් ආදරය කල ඔබලා කෙසේද මෙවන් අපරාධයකට පෙළඹුනේ.(දී)
අපි ආදරය කරපු ඒ හමුදාව දැන් නැහැ (නි)
මට කියා ගන්න අවශ්‍ය දේ පලකරලා ලංකාදීපය මගේ මතයට දීපු ඉඩ ගැන ස්තුතිවන්ත වෙනවා.තමන්ගේ නොමනාකම් එළිපිට ප්‍රදර්ශනය කරන අයට වෙන වෙනම පිළිතුරු සපයන්න මට අවශ්‍ය නැහැ.මේ අදහස් වල මතය රටේ මතය නොවන බව හෙට අනිද්දට මිනිස්සු ප්‍රායෝගිකවම ඔප්පු කරලා පෙන්නයි (නි)
අතේ ඇගිලි ගානටත් අඩු මහත්වරු ප්‍රමාණයකුයි දැන් සේවය කරන්නේ (නි)
ලංකාවේ මිනිසුනේ, ඊළග කතිරේ ගහනකොට රට ගැන හිතපල්ලා. (නි)
මේවා මෙලොවදීම දඩුවම් ලැබෙන දේවල් (දී)
අපි අපේ දුක කාටද කියන්නේ.අපිට දුක කියන්න කෙනෙක් නැහැ.අන්තිමට අපිවම වැරදිකාරයෝ කරලා එයාලා නිදහස් වෙනවා. (නි)
තව ටිකක් බෝධි පූජා තියමු. (නි)
පහුගිය කාලේ අපි බෝධි පූජා එහෙම තිබ්බේ මේ ගොල්ලන්ට නේද? (නි)
මේක කරලා තියෙන්නේ හමුදා ඇදුම් ඇඳගත් විප්ලවකාරී කොටසක් වෙන්න බැරිද? (නි)
ඉතාම කණගාටුදායක සිද්ධියක් මහජනතාව මිය යැම ගැන හෘදයාංගම කණගාටුව. මෙම සිද්ධිය සමිබන්ධයෙන් වගකිව යුතු ප්‍රධානම පුද්ගලයා කවුද? කවුද මෙතැන තම වගකීමි පැහැර හරින්නේ දේශපාලකයාද රාජ්‍ය සේවකයාද නීතීය සාමය රකින පොලිසියද? මෙම සිද්ධියට ඝෘජුවම සමිබන්ධවු යුධ හමුදාවද මහජනතාවද සොයා බැලිය යුතුයි. දේශපාලකයා සැමවිට ගම ඡන්ද බල ප්‍රදේශයේ ජනතාවගේ සුඛ විහරනය සදහා ඉදිරිපත් විය යුතුයි. මෙම සිද්ධිය සමිබන්ධයෙන් ගමිපහ දිස්ත්‍රික් නායකත්වය දැණුවත් වුයේද එසේ නැතිනමි එය දැණුවත් කල යුත්තේ කවුරුද? ප්‍රාන වශයෙන් ඔනෑම ප්‍රදේශයක පරිසරය දුෂනය හරහා සිදුවන බලපැමි සමිබන්ධයෙන් ප්‍රාදේශීය වෛද්‍ය නිළධාරියා තමයි ප්‍රථම ක්‍රියාකාරකම කල යුත්තේ. මොහු විසින් අදාල රාජකාරි මටිටමින් අදාල කර්තව්‍ය අවශ්‍ය අංශ වෙත දැණුවත් කල යුත්තේ මෙම නිලධාරියා විසින් තම ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය පවා දැණුවත් කල යුත්තේ. නමුත් මෙම ප්‍රදේශයේ භාර වෛද්‍ය නිළධාරිවරිය විසින් අදාල සිද්ධිය සමිබන්ධයෙන් මෙතෙක් කිසිදු වගකිව යුතු අංශයක් දැණුවත් කර නැත. ඇයගේ ඥාතිත්වය දරණ දේශපාලන අධිකාරියේ පටු දේශපාලනය සදහා කිසිදු අංශයක් දැණුවත් කර නැත. දේශපාලන අධිකාරිය තම බල ප්‍රදේශයෙන් බැහැරව වෙනත් ප්‍රදේශයකට අතපොවන්නේ නැ මෙම සිද්ධිය සමිබන්ධයෙන් කැස්සක් ගියත් වාර්ථා වන ගමිපහ දිස්ත්‍රික් නායක්තවය දැනුවත් කිරිමක් වි නොමැත. මහජනතාව පැත්තෙන් බැලුවිට ඔවුනගේ ආරමිභය ඉතාම නිවැරදියි ඔවුන් අදාල කර්මාන්ත ශාලාව ඉදිරිපිට තම උද්ගෝෂනය කරගෙන ගියා. මෙ සදහා රජයේ ඇමතිවරයෙකු විසින් එයට අතදිමක් වශයෙන් සහල් මුටිටපවා දි ඇත. ජනතාව විසින් තම අයිතින් දිනා ගැනිම සදහා ඔවුන් සාමකාමි පිලිවෙතක් දියත් කර ඇත. එහෙත් කර්මාන්තශාලාවක් පිලිගත හැකි සාක්ෂි නැතිව වැසිම කල නොහැක. ඒ සදහා අවශ්‍ය පර්යේෂණ කටයුතු සදහා සති දෙකක කාලසිමාවක් රාජ්‍ය නිළධාරින් ඉල්ලුමි කර ඇති අතර හිරු නාලිකාවෙ විකාශය වු ප් ප්‍රධාන ප්‍රවෘතියක පල උනා රජයේ කැබිනටි අමාත්‍යවරයෙක් මෙම සිද්ධිය ඔහු විසින් මුලික විසදන බව ප්‍රකාශ කලා. මෙම ඇමතිවරයා මෙනවා නැතත් කියනදේ කරන කරන දේ කියන පුද්ගලයෙක්. කුහක දේශපාලකයාට උවමනා උනේ ඇමතිවරු ලවා මෙම කර්මාන්ත ශාලාව වසා දමා ලෝකයට ගෙනියන්න. මෙන්න කාර්මාන්තශාලා වසනවා කියලා කියන්න. නමුත් එම ප්‍රයත්නය සපල නොවු බැවින් ඔවුන් ඒ සදහා වෙනත් විකල්පයක් භාවිතා කරන ලදි එනමි මහජනතාව උසිගැන්විම අවුරැදු කිහිපයක් හරහා ඇදි ආ මෙම සිද්ධිය වෙනුවෙන් දින කිහිපයක් ඉවසීමට නොදි මහජනතාව කල උද්ගෝෂණය ලංකාවෙ ප්‍රධාන මාර්ගයක් වෙත කැදවාගෙන එන ලදි. ප්‍රධාන මාර්ගයක් යනු එම පලාතට අයිති උරුමයක් නොවෙයි එය මුලු මහත් ශ්‍රි ලංකික ජනතාවටම අයිති මාර්ගයකි. මෙම මාරගයෙන් කිසි පුද්ගලයෙකු යන්න ඉඩදි තිබේද? කවුද මෙවා මෙහෙයුවෙ මහ පාරක් අවහිර කිරීමෙන් ඇතිවූ ප්‍රථිපල මොනවාද? ලක්ෂ ගණනක් ජනතාවගේ ජිවත කර්තව්‍යන් අඩපන විමක් නොවේද? ලෙඩිඩු දරැවෝ විදේශියන් රටේ සංවර්ධන කටයුතු සියල්ල බිද වැටිමක්. මෙම සිද්්‍ය අවස්ථාවෙ හමුදා රථ පවා නැවත හැරි ඔවුන් මානුෂික ලීලාවෙන් වෙනත් මාර්ග යොද ගන්නා ලදි. පොලිසියට මෙම උද්ඝෝෂණය සමතයකට කර ගත නොහැකි අවස්ථාව යුධ හමුදාව පැමිණ විසිරැවා හැරිමට කලින් උපදෙස් දෙනවා එම අවස්ථාවෙ හු කියමින් ගල් මුල් වලින් ප්‍රහාර හමුදාවට එල්ල වෙනවා. එය පැහැදිලිවම විඩියෝවල ඇත. අවුරැදු 30 ගණනක් තම ලේ මාතෘභුඹිය වෙත හෙලා සතුරන්ගෙන් විවිධ තාඩනපිඩන වලට ලක්ව ඔවුන් රටට නිදහස අරගෙන දුන්නේ සතුරාගෙනුත් දීර්ඝකාලයක් ගුටිකාලා අපේ උණුත් ප්‍රහාර එල්ල කිරිම කොතෙක් දුරට ඉවසිම ගැන ප්‍රශ්ණයක් මතුවෙ. පසු දිනවල විරෝධාර හමුදාවට කෙනෙහිලුන් විසින් නොයෙකුත් විවෙචන එල්ල කලා ලේ පිපාසිත හමුදාව කිවිවා මිනිමරැ හමුදාව කිවිවා අපිට මෙහෙමනමි කොටින්ට කොහොම ඇතිද කිවිවා මෙම පුද්ගලයන් තිදෙනා මිය හැම කිසිසේත් සාධරණිය කරන්නේ නැත. එහෙත් මෙලෙස අවමං කරන්න කලින් සිතිය යුතුයි. මේ තිදෙනා වගේ 10000 ගුණයකට වඩා තරැණයෝ ලක වෙනුවෙන් අවසන් හුස්ම හෙලුවා මිය ගියා. මෙම විරවරයන්ටත් කල අවමං හිමි වෙනවා හමුදාවට පිස්සු නැ අහිංසක මිනිස්සුට වෙඩි තියන්න. මේ අහිංසක මිනිහව හමුදාවට ප්‍රහාර එල්ල කරන්න තරමි කුපිත කෙරැවෙ කවුද කවුද ඉස්සෙල්ලාම ප්‍රහාරය එල්ල කෙරුවේ කවුද හමුදාව ලවා මෙම සිද්ධිය උත්පාදනය කෙරුවෙ බොරදියේ මාලුබාන ඡන්ද පදනමක් නැති කුහක දේශපාලකයයි වෛද්‍ය නිළධාරිනියයි ප්‍රධාන වශයෙන් මෙහි වගකීමකට යටත් විය යුතුයි ඒත් සිද්ධයට සමිබන්ධ කුහකයා කොහෙන් හොයන්නද අහිංසකයාව බිල්ලට දිලා එයා මාරැවෙලා. හොදම සිද්ධිය 30000 කට අධික තරුණ පිරිසක් අවමංග්‍ය උත්සන නැතිව මහමග ආදාහනාගාර හදපු රනිල් මහත්තයාගේ පක්ෂය තමයි දැන් කනගාටු වෙන්නේ මෙම සිද්ධිය ගැන එයා කරපු වදකාගාර ගැන මතක නැ දැන් එයා සුදු ඇදගෙන ඉන්නේ කවුද බැල්ලියෙක් බුරලා තිබුනා මෙකේ 8 පාස් හමුදාව කියලා උඹලාගේ ජිවිත බෙරගද්දි රණවිරුවෝ දෙවියෝ දැන් තමයි නුගත් අවසන් වශයෙන් ආණ්ඩුව සමග සහයෝගයෙන් කටයුතු කර විසදාගත යුතු ප්‍රශ්ණ කුහක බංකොලොත් දේශපාලකයා හරහා ඉටු කර නොගැනිමට අප සියලු දෙනා වටහාගත යුතුයි. මියගිය සොයුරන් පිලිබදව කනගාටුව.(නදී)
පව්! මේ සාක්කි දෙන අය පුදුම අහිංසකයෝ ටිකක්නේ.හමුදාව එන්න ඉස්සරවෙලා මේ ගොල්ලෝ දාපු සෙල්ලනුත් අපි දැක්කනේ.කොහොමත් සමහරු හමුදාවත් එක්ක තරහින් ඉන්නේ රතුපස්වල වසන්තයක් කරගන්න බැරි වුනාට. (නි)
උතුරේ දෙමළ මිනිස්සුත් ඔය කතාවම කිවුවා. දැන් දකුණේ මිනිස්සුන්ට මොක ද මේ වෙන්නේ?? (නි)
බොහෝ දෙනෙක් හිතාගෙන හිටියා හමුදාව කියන්නේ දෙමල ත්‍රස්තවාදීන්ගෙන් අපි රැක ගන්න එකට විතරක් ඉන්න කොටසක් කියලා. දැන් කොහොමද? (නි)
මෙම සිද්ධිත් , ඇබිලිපිටිය ගින්නත් , තව තව දේවලුත් ,බලද්දි අපට දැන් ඉතිරි වෙලා ඉන්නේ , දෙවියෝ පමණි ...ඉදිරි කතිර ලිපට දමමු, හම්මෝම ගැන දැන් හම්මෝම දන්නවානේ ?... අපිත් රටත් හැමදාමත් වලේ ම තමා.(නදී)
මෙම ඡන්ද ක්‍රමය වෙනස් කරනා තුරු ,ගුණ හපත් මිනිසුන් අපේෂක ලැයිස්තුවට එන තුරු එකා මෙන් එක්ව ඡන්ද කොළ ලිපට දමමු.(නදී)
හමුදාවේ තරු ගහපු අය දැන් බලන්නේ තව තරුවක් වැඩි කරගන්න. හැප්පෙන්න ගිහිල්ල ජෙනරාල්ට සිදුවූ දෙය දන්නවනේ. අපි වැරදි කාරයෝ .එක්කෙනෙකුට දහ ගමනක්ම බලය දෙන එක. මේගොල්ලන්ව මෙතන තියන්න ඕනා එක වරක් පමණි. ඉදිරි මැතිවරණයේදීවත් කතිරයේ මේ ගොල්ලන්ට පාඩමක් ඉගෙනීමට ලැබේවා.(නදී)
හෙලයා උනත් ජඩයෙක් නම් පහර දෙනු. අපේ අය හිතුවේ මානුසික මෙහෙයුමේ ඉදපු කට්ටිය කියලනේ?. ඒ අය දන්නේ නැ සුනාමියේදී පන බේරන්න කියලා අත දීපු තම නංගිලව රේප් කරපු අය ඉන්න රටක් මේක. සොබා ධර්මය වියරුවෙලා මේ සත්තුන්ට නිසි කල නිසි දඩුවම් දේවි.(නදී)
ඉතින් මොන කෙහෙල්මලටද පාර මැද්දේ හිටියේ. ලෝකේ ඕනෑම රටක ප්‍රධාන පාරක් මැද පාර අහුරගෙන හිටියොත් වෙඩිතියන්න කලින් හැප්පිලා මැරෙන්න වෙනවා. හොඳ වෙලාවට වෙඩි තියනකල් පණපිටින් හිටියේ. රොත්ත පිටින් හැප්පිලා මලානම් ඔය කතා නැහැ. රියදුරාට මැරෙනකල් ගහල වහනෙත් ගිනිතියලානේ පස්ස බලන්නේ. කවුද විරෝධතා තියන්න මහපාරවල් මැද්දේ. වෙඩි තියපු උන් කලේ හරිදෙයක් කියනවා නෙමයි. උන්වත් එල්ලන්න ඕනේ. නමුත් උන් වෙඩි තියපු පලියට පාර අහුරපු අය කල දේ හරි කියන්න පුලුවන්ද? වැරැද්ද පාර අහුරපු අයගේ විතරක් වත් වෙඩි තියපු අයගේ විතරක්වත් නෙමෙයි රටේ නීති කිසි විලි ලැජ්ජාවක් නැතුව කඩන්න පුරුදු කරපු අයගේ. මතකනේ ඡන්ද දිනලා විරුද්ද පාක්ෂිකයන්ගේ ගෙවල් ගිනි තියලා, රටේම පුරවැසියන් කොටසක් වන දෙමල ජාතිකයින් අමුඅමුවේ පුච්චලා, මහාචාර්ය වරුන්ට චෙන් වලින් පහර දීල, ඔව්ව පුරුදු කරපු විදිය. දැන් ගිහින් මිනිස්සු හම්බ වෙලා සුදනෝ වෙන්න හැදුවට වැඩක් නැහැ. මේ ආණ්ඩුවටත් අවේ ඒ පුර්වාදර්ශය තමයි. දැන් ඉතින් හුල්ලලා වැඩක් නැහැ. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය විනාස වෙලා ඉවරයි. (නදී)
ස්වභාව ධර්මයට අනුව කල දේ පල දෙනවා. ඔයාගේ දුවෙකුත් පුතෙකුත් දවසක ඔය වගේ වෙඩි තියල පාරේ මරල දැම්මම ඔයා වගේම ප්‍රතිචාර දාන මිනිස්සු දැකල ඔයාට මොනවා හිතේවිද ? එදාට හිතේවි මන් ඉස්සර මේවට විරුද්ද වුන නම් මගේ දුව පුතා තවම ජීවත්වෙනවනේ කියල. එකම තමයි දැන් වෙලා තියෙන්නෙත්. (දී)
දෙපාර්ශ්වයටම කන් දුන්නාට පසු අධිකරණයේදී සියල්ල එලිවේවි කියා හිතනවා. යුක්තිය ඉෂ්ඨ වේවා!!!(නදී)
ස්වභාව ධර්මයට අනුව කල දේ පල දෙනවා. ඔයාගේ දුවෙකුත් පුතෙකුත් දවසක ඔය වගේ වෙඩි තියල පාරේ මරල දැම්මම ඔයා වගේම ප්‍රතිචාර දාන මිනිස්සු දැකල ඔයාට මොනවා හිතේවිද ? එදාට හිතේවි මන් ඉස්සර මේවට විරුද්ද වුන නම් මගේ දුව පුතා තවම ජීවත්වෙනවනේ කියල. එකම තමයි දැන් වෙලා තියෙන්නෙත්.(දී)
8 පාස් නැති අය හමුදාවට ගීයාම ඔහොම තමයි.(නදී)
බන්දුල පෙරේරා මහතානෙනි , මා නම් ඔබගේ බොහෝ අදහස් අනුමත කරමි. (නි)
මෙම කැළල වහගන්න යම් සාධාරනයක් කර වැරදිකරුවන්ට නිසී දඩුවම් දෙන්න (නි)
අපේ ගමේ බන්දුල කියල කෙනෙක් හිටිය. ගස් නගින එක තමයි එයාගේ රැකියාව අසල විදුහල්පතිනියගේ ගස්වල නොමිලේ පොල් කඩලා දෙනවා මිනිහ 5 ශේණියට පමණයි අධයාපනය ලබල තියෙනේ නමුත් විදුහල්පතිතුමියට කියල 8 පාස් සහතිකයක් හදාගෙන රැකියාවකට ගීයා .දැන් අට පාස් නිසා ගහකට නැග්ගොත් පොල් කලටිත් කඩනවලු ..මිනිස්සුනේ ඔළුගෙඩි මිනිහට පේන්නෙ නිකන් පොල්ගෙඩි වගේලු .(දී)
ඉස්මයිල් හුසේන්ට මල් මිටක්. (නි)
සමහරුන්ට රණවිරුවා,ආමිකාරයා වුණා එහෙනම්...? (නි)
සුපුරුදු ලෙසම මිනී කක්කන්ගෙන් සුපුරුදු ප්‍රතිචාරයන් රුකඩ සාක්කි වලින් ප්‍රමුදිතව ප්‍රමෝදිතව ලැබෙමින් පවතින බව පේනවා.මේ වගේ සාක්කි දාහක් මවන්න බැරියෑ ඔය ලොයර්සලා ටිකට..අපි නොදන්නා සංගමේ..මුන් මේ නොමිලේ ඉදිරිපත් වෙලා තියෙන්නේ රතුපස්වල් මිනිස්සුන්ට ආදරේට නෙමෙයි ..පිල්ලේ එන වෙලාවේ පිල්ලේට හොද සාක්කි ටිකක් ඉස්සරහට දාන්න මග පාදා ගන්න..දාල රටට විනාශ කරන්න. සාක්කි වල හැටියට ඔක්කොම එතන සිල් අරගෙන ඉදල තියෙන්නේ..පාරවල් හරස් කරලා තියෙන්නේ,හමුදාවට ගහල තියෙන්නේ අපි ගිහින්.හමුදාව කහනවට විනොදෙට මිනිස්සුන්ට වෙඩි තියල තියෙන්නේ..තොත්ත බබලා..මේ රටේ මිනිස්සු ඇත්ත දන්නවා..එදා ඉදලම හමුදාවට අපහාස කරපු කොටස අදත් අපහාස කරනවා ඇරෙන්න මෙතන වෙන දෙයක් නැහැ. මේ සුළු පිරිස ඇරෙන්න මේ රටේ සමස්ත ජනතාවම හමුදාව එදා ගත් ක්‍රියා මාර්ගය අනුමත කරනවා..මේ ගුණමකු පාහරයින්ගේ ආශීර්වාද නැති වුනාට අපේ ආශීර්වාදය හැමදාටමත් මර බිය නැති රටක් අපේ දු දරුවන්ට ඇස් ඉස් මස් ලේ දැන් දීල බිහි කරලා දීපු ත්‍රිවිද හමුදාවට තියෙනවා.(නදී)
මේ ප්‍රහාරයේදී බ්‍රිගේඩියර් සහ ඔහුගේ පිරිවර හැසිරිච්ච ආකාරය හා ඔහු කරපු නියෝග අන්තිම ම්ලේච්චයි මේ නින්දිත ප්‍රහාරයේ වගකීම තනිකරම දේශප්‍රිය ඩයස් බ්‍රිගේඩියර් වරයා භාරගත යුතුයි.(නදී)
මේ හමුදා නිලදාරීන් තමා රජය අපහසුතාවයට පත් කරන්නේ. දැන් නවනීදන්පිල්ලෙට මොනවාද කියන්නේ.(නදී)
මේ සිදුවීමට කලින් එසැන පුවත් වලට රවිනාථ මහත්තයාගේ ප්‍රතිචාර අපි දැකලා තියෙනවා..ඔබතුමා කවුද කියලා හොදට දන්නවා.මම නීතිගරුක පුරවැසියෙක්..මගේ ප්‍රශ්නයක් විසදගන්න තව කෙනෙක්ව පීඩාවට පත් කරවන්නේ නැහැ මම.ඉතින් මට පාරවල් හරස් කරන්නවත් හමුදාවට ගහලා දුවන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ හින්දා මට වෙඩි පාරවල් කන්න වෙන්නෙවත් කන්න අවශ්‍යතාවයක්වත් නැහැ.වෙඩි හඩ බෝම්බ හඩ වෙඩි පාරවල් මට අමුතු දේවල් නෙමෙයි මහත්තයෝ. (නි).
ඒ කියන්නේ රනිල් මහත්තයා පහුවදාම ගිහින් තියෙනවා ආදාල තැන්වලට. අපි මාධ්‍ය වල නං දැක්කේ නෑ.(නදී)
බන්දුල, ඔබ ඔය විදියට කඩේ යන එක දැන්වත් නතර කරන්න. අලුතෙන් සාක්කි ඕනෑ නැහැ. (නි)
ආයෙත් එල්.ටී.ටී.ඊ. අය එනවා නම් හොදයි කියලා හිතෙනවා (නි)
මේ බන්දුල කියන කෙනාගේ හිත පපුව අත්තික්ක ගහක එල්ලලද ?නැත්නම් මෙයාගේ කවුරු හරි ආමි එකේ ඉන්නවද ?මිනිසුන්ට වෙඩි තිබ්බේ මෙයාගේ කවුරු හරිද ?ඒ එකක්වත් නෙමෙයි නම් මෙයා පිස්සෙක් වෙන්න ඕනේ (ස)