යුද මෙහෙයුම් පැවති ප‍්‍රදේශවල සේවය සඳහා යන පොලිස් නිලධාරීන්ට පනවා ඇති වසර දෙකක අනිවාර්ය සේවා කාලය වසරක් දක්වා අඩු කිරීමට රජය තීරණය කර තිබේ.
මානුෂීය හේතු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව මහජන සාමය සහ ක‍්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසුවේය.
පොලිස් නිලධාරීන්ට රුපියල් 50,000ක මිලට මෝටර් බයිසිකල් ලබාදීම ද මැතිවරණයෙන් පසු සිදුකරන බව ඇමතිවරයා සඳහන් කළේය.
මේ සඳහා කැබිනට් පත‍්‍රිකාවක් ද ඉදිරිපත් කර ඇතැයි කී ඇමතිවරයා එම කටයුත්ත ප‍්‍රමාද වූයේ මහ මැතිවරණය පැවැත්වීම හේතුවෙන් බව ද සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි. පෞද්ගලිකව මගේ ප්‍රසාදයක් නොමැත.(නදී)
මැතිවරණ අල්ලසක් නොවේවා (ම)
ඔබ තුමා පරණ කලේ දේශපාලනේ කරන්නේ, අපිට එක පැහැදිලිව පෙනේවා. (අ)
තව ඉස්සරහට ඔය ප්‍රදේශ වලට යන්නම අවශ්‍යතාවක් නැති වෙනවා. (අ)
මේවා ඡන්ද පොරොන්දු නෙමෙයිනේ (නදී)
සුරන් හරියට හරි. පටන් ගන්න හදනවයි කියන බලය බෙදීමේ පොකුරු ගම්මාන ක්‍රමය දුන්නහම අපිට යන්න වෙන්නේ විසා අරගෙන. ඔය ගල් පැලෙන බොරු කිවුවට මනාපේ ඔයාට නැහැ. (අ)