
(සුජිත් හේවාජුලිගේ)
සබරගමුව යක්කල වික්‍රමාරච්චි සහ මොරටුව යන විශ්ව විද්‍යාලවලට නවකුලපතිවරුන් බඳවා ගැනීමට අධ්‍යාපන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
සබරගමුව සහ මොරටුව යන විශ්ව විද්‍යාලවලට උපකුලපතිවරුන් බඳවා ගැනීම සඳහා පුවත්පත් දැන්වීම් දැනටමත් පළ කර ඇතැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා පැවසීය.
මේ අතර යාපනය ඌව අම්පාර ඇතුළු ඈත දුර බැහැර විශ්ව විද්‍යාලවලට ආචාර්යවරුන් බැඳීමේ සැලකිය යුතු අඩුවක් පැවතීමෙන් ඒවායේ කටයුතු පවත්වාගෙන යෑමට දැඩි දුෂ්කරතා මතුව ඇතැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.
මේ හේතුවෙන් එම සරසවි සඳහා ආචාර්යවරුන් සම්බන්ධ කර ගැනීමට විශේෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
සරසවි ආචාර්යවරුන්ගේ දරුවන් අදාළ සරසවි පිහිටි ප්‍රදේශවල අතරමැදි පන්තිවලට ඇතුළත් කරගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසාදීම එහි එක් පියවරක් බව ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීවරධාරීන් නැතිව ඕන කෙනෙක් හොඳ නේද? ඒ ගොල්ලන්ට අකැප දේ වැඩියි..