IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සබරගමුව සයිබර් අවකාශය ගැන කියා දෙයි

(සමන් ගමගේ  සබරගමුවේ සිට) -  සබරගමුව පළාත් රාජ්‍ය සේවකයින්ගේ සියළුම පුහුණු අවශ්‍යතා  සපුරාලීම සඳහා අන්තර්ජාල ගත පරිගණක වැඩසටහනක් හඳුන්වා දී ඇත. සබරගමුව පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය විසින් පවත්වනු ලබන සියළුම පුහුණු වැඩසටහන් පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීම , ඔවුන්ගේ අයඳුම් පත් ලබාගැනීම, පුහුණු වැඩමුළු සඳහා නිලධාරීන් කැඳවීම ආදි කටයතු මෙම අන්තර්ජාලගත පරිගණක වැඩසටහන හරහා ක්‍රියාත්මක වේ. මේ වන විට සබරගමුව පළාත් සභාවට අයත් සියළුම ආයතන මෙම පරිගණක වැඩසටහන හා සක්‍රියව සම්බන්ධ වි ඇත.

මෙම වැඩසටහන ක්‍රියාවට නැංවිම නිසා පුහුණු වැඩමුළු සඳහා නිලධාරීන්ගේ සහභාගීත්වය 95‍%ට වඩා ඉහළ මට්ටමක පවතී. www.sgmdtu.lk වෙබ් අඩවිය හරහා මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. සබරගමුව පළාත් ආණ්ඩුකාර ප්‍රධාන  අමාත්‍ය  සහ ප්‍රධාන ලේකම්තුමන්ගේ උපදෙස් හා මඟපෙන්විම යටතේ නියෝජ්‍ය  ප්‍රධාන ලේකම්(පිරිස් හා පුහුණු) විසින් මෙය ක්‍රියාවට නංවනු ලබයි. පුහුණු වැඩමුළු පැවැත්විමට අදාල සියළුම කටයුතු අන්තර්ජාලය හරහා සිදු කෙරෙයි.

මෙම පරිගණක වැඩසටහන පළාත් සභාවේ නිලධාරීන් විසින් නිර්මාණය කර ඇති නිසා රජයේ  මුදල් වැය වි නැත.

 



අදහස් (0)

සබරගමුව සයිබර් අවකාශය ගැන කියා දෙයි

ඉන්දිකා Monday, 18 November 2013 12:16 PM

අළුත් වන ලෝකයත් සමඟ අයි.ටී. තාක්ෂණය සමඟ පෙරටම යාමට අපෙන් සුභ පැතුම්. (ස)

:       0       0

තිලෝකා චන්ද්‍රසේකර Friday, 02 August 2013 09:50 AM

සබරගමුව පලාත් සභාව නවින තාක්ෂණය සමග පෙරටම. (ස)

:       0       0

හේමන්ති Thursday, 14 November 2013 02:15 PM

දැනුවත් වීමට ලැබීම සතුටක් (නි)

:       0       0

අනුර චන්ද්‍රසිරි Saturday, 17 August 2013 05:29 AM

සයිබර් අවකාශය ගැන චූට්ටක් උනන්දුවෙන් ඉන්න නිසා මේ ගැන දැනගන්න පුලුවන් වුනා. ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාල වල සේවය කරන පළාත් සභා නිලධාරීන් මේ ගැන දැනවත් වී නැත.(නදී)

:       0       0

දිනොකා ලක්ෂ්මී Thursday, 02 October 2014 10:31 AM

සබරගමුව අභිමානවත් පෙර ගමනක............ තවත් එක් පියවරක්, දිගින් දිගටම සාර්ථක වේවා (අ)

:       0       0

මහී Thursday, 22 August 2013 01:52 AM

උතුරු මැද අයියලාටත් මේක භාවිතා කරන්න අරාධනා කරමි (නි)

:       0       0

නගූර් කසීම් ෂමිලා Monday, 03 November 2014 04:54 AM

අපේ පළාත් සභාව ගැන අපට මහත් ආඩම්බරයක් දැනෙනවා (නදී)

:       0       0

මහේෂා සේනාරත්න Thursday, 01 August 2013 07:46 PM

අයි සි ටි යුගයට රාජ්‍ය සේවය යාවත් කාලින වීම අගය කරමි...සාර්ථක උත්සහයක්.... අපෙන් සුභ පැතුම්....!!! (අරනායක ප්‍රාදේශීය සභාව) (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site