(සමන් ගමගේ සබරගමුවේ සිට) - සබරගමුව පළාත් රාජ්‍ය සේවකයින්ගේ සියළුම පුහුණු අවශ්‍යතා සපුරාලීම සඳහා අන්තර්ජාල ගත පරිගණක වැඩසටහනක් හඳුන්වා දී ඇත. සබරගමුව පළාත් කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකය විසින් පවත්වනු ලබන සියළුම පුහුණු වැඩසටහන් පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීම , ඔවුන්ගේ අයඳුම් පත් ලබාගැනීම, පුහුණු වැඩමුළු සඳහා නිලධාරීන් කැඳවීම ආදි කටයතු මෙම අන්තර්ජාලගත පරිගණක වැඩසටහන හරහා ක්‍රියාත්මක වේ. මේ වන විට සබරගමුව පළාත් සභාවට අයත් සියළුම ආයතන මෙම පරිගණක වැඩසටහන හා සක්‍රියව සම්බන්ධ වි ඇත.
මෙම වැඩසටහන ක්‍රියාවට නැංවිම නිසා පුහුණු වැඩමුළු සඳහා නිලධාරීන්ගේ සහභාගීත්වය 95%ට වඩා ඉහළ මට්ටමක පවතී. www.sgmdtu.lk වෙබ් අඩවිය හරහා මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. සබරගමුව පළාත් ආණ්ඩුකාර ප්‍රධාන අමාත්‍ය සහ ප්‍රධාන ලේකම්තුමන්ගේ උපදෙස් හා මඟපෙන්විම යටතේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(පිරිස් හා පුහුණු) විසින් මෙය ක්‍රියාවට නංවනු ලබයි. පුහුණු වැඩමුළු පැවැත්විමට අදාල සියළුම කටයුතු අන්තර්ජාලය හරහා සිදු කෙරෙයි.
මෙම පරිගණක වැඩසටහන පළාත් සභාවේ නිලධාරීන් විසින් නිර්මාණය කර ඇති නිසා රජයේ මුදල් වැය වි නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අළුත් වන ලෝකයත් සමඟ අයි.ටී. තාක්ෂණය සමඟ පෙරටම යාමට අපෙන් සුභ පැතුම්. (ස)
සබරගමුව පලාත් සභාව නවින තාක්ෂණය සමග පෙරටම. (ස)
දැනුවත් වීමට ලැබීම සතුටක් (නි)
සයිබර් අවකාශය ගැන චූට්ටක් උනන්දුවෙන් ඉන්න නිසා මේ ගැන දැනගන්න පුලුවන් වුනා. ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාල වල සේවය කරන පළාත් සභා නිලධාරීන් මේ ගැන දැනවත් වී නැත.(නදී)
සබරගමුව අභිමානවත් පෙර ගමනක............ තවත් එක් පියවරක්, දිගින් දිගටම සාර්ථක වේවා (අ)
උතුරු මැද අයියලාටත් මේක භාවිතා කරන්න අරාධනා කරමි (නි)
අපේ පළාත් සභාව ගැන අපට මහත් ආඩම්බරයක් දැනෙනවා (නදී)
අයි සි ටි යුගයට රාජ්‍ය සේවය යාවත් කාලින වීම අගය කරමි...සාර්ථක උත්සහයක්.... අපෙන් සුභ පැතුම්....!!! (අරනායක ප්‍රාදේශීය සභාව) (දී)