
(රංජන් කස්තුරි)
සබරගමුව පළාත වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම ස්ථාන මෙේ මස 30 වැනි දින දක්වා තාවකාලිකව වසා තැබෙන බව සබරගමු පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි මහත්මිය පැවසුවාය.
වසා තැබෙන කාලය වෙනුවෙන් දඩමුදල් අය කිරීමක් සිදු සිදු නොවන බව ජයකොඩි මහත්මිය කීවාය.
කොරෝනා වසංගතය පැතිර යාම හේතුවෙන් මෙම පියවර ගන්නා බවද ජයකොඩි මහත්මිය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලපත්‍රයක් තිබීමෙන් හා නොතිබීමෙන් කොරෝනාවලට බලපාන්නේ කෙසේද? අහිංසක මිනිස්සුන්ට ජීවත් වෙන්න ඉඩ අරින්න. සුද්දගේ කාලේ ඉඳලා අපේ මිනිස්සුන්ට නීති දාලා හිරකළා... අදත් ඒකම කරනවා.
බොහෝ දේවල් අන්තර්ජාලය හරහා කරන මේ කාලයේ සබරගමුවේ බලධාරීන්ට ආදායම් බලපත්‍රදීම අන්තර්ජාලය හරහා කරන්න අවශ්‍ය දේ කරන්න බැරිද?
ජුනි මාසය අවසන් වීමට පෙර නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කරාවි. ඉන්පස්සේ ජනතාව අත්‍යාවශ්‍ය දේ සඳහා වෙනත් පළාත්වලට යාවි.. එවිට බලපත්‍ර නැතිව ගියාම වෙන පළාත්වලදී දඩකොළ නිකුත් කරාවි.. කවුද ඒවාට දඩ ගෙවන්නේ? (වරදක්, නැතත් වරදක් හදලා වෙනත් පළාත්වල වාහන ආවම දඩගහන පොලිස් නිලධාරීන් අපිට රාජකාරි ජීවිතයේදී අනන්තවත් හමුවෙලා තියෙනවා..)