සබරගමු සරසවි ශිෂ්‍යයනට සහාය දක්වමින් කැලණි සරසවි සිසුහු අද ප්‍රධාන මාර්ගයට පැමිණ පැයක උද්ඝෝෂණයක් කළහ.
උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක මහතාට හූ කීවේයැයි කියන සිද්ධියක් මත සබරගමු සිසුන්ට දඬුවම් නොකරන්නැයි ඔවුහු මේ උද්ඝෝෂණය පැවැත්වූහ.
සබරගමු සරසවි ශිෂ්‍යයනට සහාය දක්වමින් කැලණි සරසවි සිසුහු අද ප්‍රධාන මාර්ගයට පැමිණ පැයක උද්ඝෝෂණයක් කළහ.
උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක මහතාට හූ කීවේයැයි කියන සිද්ධියක් මත සබරගමු සිසුන්ට දඬුවම් නොකරන්නැයි ඔවුහු මේ උද්ඝෝෂණය පැවැත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍යපාල, විරෝධය පාන්න හූ කීමට ජනතාවට තිබෙන ඔබ කියන "ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය" අර ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරුවරුන්ට හූ කියපු එකටත් අදාලද? නැත්නම් ඒක මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට හූ කියන්න විතරක් ජනතාවට තිබෙන අයිතියක්ද? (නදී)
බන්දුල පෙරේරා අදහස් දක්වන්නේ තමන් සියල්ලදත් කියලා හිතාගෙනද? අනික් අදහස් නිර්දය ලෙස විවේචනය කරමින් පුද්ගලිකව අපහාසයේ යෙදෙමින් තමුන්නාන්සේ ඔය ප්‍රදර්ශනය කරන්නේ පණ්ඩිතකම නෙවේ මෝඩකමයි. (නි)
පිටිගල මහත්තය ඉන්න රටේ පාරක් මැදට ගිහින් හුවක් කියන්නකෝ. එතකොට තේරේවි පැන්ෂන් ගිය නාකි පොලිස්කාරයින්ගේ මොලේ තියෙන තැන හරියටම. (නදී)
රජයේ විශ්ව විද්‍යාල වසා දැමුවොත් බලා ගන්න පුළුවන් ඔය චන්ඩිකම්. ඉගෙන ගන්න ඇවිත් පිස්සු නටනවා. ලෝකේ කොහෙවත් නැතුව ඇති මෙහෙම දෙයක්. (නදී)
අපේ රටේ විශ්ව විද්‍යාලවල ඉන්න ළමයි දැන් දන්නේ පිකටින්, වර්ජන, නවක වද වැනි සමාජ ද්‍රෝහී ක්‍රියාවන්. ඊට පස්සේ රස්සාවලට ගිහිල්ලත් කරන්නෙත් ඔය දේම තමා. බලන්නකෝ දුම්රිය වර්ජනය. ලෝක විශ්ව විද්‍යාල වර්ගීකරණයෙන් අපි ඉන්න තැන දන්නවා නම් තණකොළ තමා කන්නේ කියල පේන්නේ. (නදී)
ජනාධිපතිවරණයට කලින් මේ රට පුළුවන් තරම් අවුල් කරන්න කට්ටිය උත්සහ ගන්නවා. මේ සිසු අරගල අද හෙට මිට වඩා ගොඩක් වැඩි වේවි. පරමාර්ථය බිල්ලක්. අන්න එහෙම කෙටියෙන් කියමු (නදී) ජනාධිපතිවරණයේදී පාවිච්චිකරන්න පුළුවන් හොදම තුරුම්පුවක් ඒක.. වැඩවර්ජන සිසු අරගල ඉදිරි මාස කීපයේ අපිට සුලභ අත් දැකීමක් වේවි.
බන්දුල පෙරේරා මහතානනි, ඇය කාන්තා චර්තයක් (නදී)
නුසුදුස්සන්ට නුසුදුසුදේ ලබාදුන්නම හැමදේම අවුලෙන් අවුලට ගිහිල්ල නැති ප්‍රශ්නත් ඇතිවෙනවා ඒ තත්වය හින්ද මුළු අධ්‍යාපන ශේස්ත්‍රයම පිරිහිලා මේකෙන් මුළු රටේම අධ්‍යාපනය අවුල්වෙනවා (අ)
හු කියන්න විරෝධය පාන්න ජනතාවට තිබෙන අයිතිය පිළිගන්න මේ ඇමතිවරු කැමති නැහැ වගේ ,සමහරවිට එයාලා දන්නේ නැතිව ඇති මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් බව තමන් මහජන ඡන්දයෙන් තේරී පත්වූ අය බව මේ අයට අමතක වෙලා වගෙයි.ඉදිරි මහමැතිවරණයකදී මේ බව ඒ අයට මතක් කරදීම මහජනතාවගේ යුතුකම.(අ)
බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
මේ අයට බැරිද ලංකාවේ අනිත් ප්‍රශ්න වලටත් සරසවි ගියාට පස්සේ ඕවා කරන්න? ඔය කවුරුවත් ඔතනින් ගියාට පස්සේ ඕවා කරන්නේ නැහැ. ඊටපස්සේ කරන්නේ අහිංසක මිනිසුන්ගෙන් හුරාගෙන කන එක. (නි)
අපේ අධ්‍යාපනයට මේ මොකද වෙන්නේ? (නි)
මේ අපේ රටේ ජීවනාලිය වන් දරුවන් නේද? මොවුන්ට උදව් කරන්න කවුරුත් නැද්ද? (නි)
මේ දරුවෝ නිකන් නාස්තිවෙනවා ඉගෙනගන්නේ නැතුව පාරවල් ගානේ ඉඳලා. (නි)
පිටිගල මහත්තයෝ...වැරදි වැටහීමක් .. මට සැක හිතුන මේ මම දන්නා පිටිගල මහත්මයමද කියල..එකක් දෙකක් බැලුව ..වැඩේ එහෙමමයි.. ඒකයි එහෙම ප්‍රතිචාරයක් දාල බැලුවේ..ඒක හරි ගියා.....දැන් ස්ථිරව දන්නවා ඒ ඔබ තුමා නොවන වග.. ..හිත රිදීමක් වුණා නම් සමා වෙන්න.(අ)
දැන් හූ කියන්නත් තහනම්ද? හූ කියන එක ප්‍රජාතන්ත්‍රවාදී මිනිස් අයිතිවාසිකමක් නේද? (නි)
කිසිම කෙනෙක් ඉගෙන ගන්නෙ නැතිව නෙවෙයී පාරට බහින්නේ. එයාලගෙ වීවෙක කාලය කැප කරලා. ලෙක්චර්ස් තියන අය එවාට ගිහිල්ලා තමයී ඕවා කරන්නේ. (නදී)
ඔය අැමැතිතුමාත් ශීෂ්‍ය ව්‍යාපාරවල ප්‍රධාන භුමිකා රඟ පාපු කෙනෙක්නේ. කිසිම හාවක් හූවක් නැතුව ඒ් කාලේ වැඩ කරන්න අැති නේද? (නදී)
එජාප මන්ත්‍රී කණ්ඩායම් යන යන තැන ඒ අයට හු කිව්ව අයට රාජකාරි තහනම් කලේ නැද්ද? මටත් හු කියල හිනායනවා. (නදී)
අනේ මන්දා මේවා කොහෙන් කෙළවර වෙයිද කියලා (නි)
බන්දුල පෙරේරා උගත් වැදගත් මහත්මයෙක් කියලයි මම මෙච්චර කල් හිතාගෙන හිටියේ. හූ කියන එක මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් කියලා කිව්වේ මම නෙමෙයි. නුඹ ඒකවත් දන්නේ නැතුව බොරුවට තප්පුලනවා. (නි)
මේ සියළු සහයෙන් වැජබෙන්නෙ වෙන කන්ඩායමක්. ඒ අය රජය යමක් ලබා දෙන්න හදන කොටම ඉල්ලලා පොස්ටර් ගහලා අපි නිසා ලැබුනේ කියලා පෙන්නනවා.ඊලඟට හදපු දේ බාලයි කියලා බොරුවට සද්දෙ දානවා. මොන ක්‍රමයෙන් හරි සිසුන් රවට්ටලා ඩයස්පොරාවට කඩේ යවනවා. එහෙම කරලා මේ සුළු පිරිස ධනවතුන් වෙලා වැජබෙනවා.මේයාලා වීරයො විධියට අන්දලා පාරට බස්සනවා. සාමාන්‍ය මිනිස්සුන්ට දැන් මේක අප්‍රියජනක දර්ශනයක් වෙලා.(අ)
මේ අැමැතිවරුන් දෙන්නම වැඩ බැරි අය වගෙයි අධ්‍යාපනය කනව. වනසනව. දෙතුන්වරක් මම ගරු ජනාධිපතිතුමා පෙනේ කියල අදහස් දැම්ම. නැවතත් කියනව මේ දෙන්නම අයින් කරල මොහන් ලාල් ග්‍රේරු මහතයට මේ දෙකම දෙන්න. රටත් පාසලත් මනාව හැඩකරල දෙයි (අ)
අනේ මේ බන්දුල, කාටහරි කිවිසුමක් ගියත් ඔබ කියාවි ඒක ආණ්ඩුවට සමච්චල්කිරීමක් නැත්නම් ජනාධිපතිවරණය අවුල් කිරීමක් කියලා. රටේ තිබෙන හැම ප්‍රශ්නයකටම ඔය කඩේයාම ආදේශ කරගන්න එපා. මේ ළමයින් කරන වැඩේ නුවණක්කාර නැහැ. (නි)