සබරගමුව විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව අද (05) වසා දැමු බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
උසස් අධ්‍යාපන ඇමැති අද (05) විවෘත කළ නේවාසිකාගාරයේ තාප්පයක් නැතැයි කියමින් ශිෂ්‍යාවන් එහි පදිංචියට නොගොස් සිසුන් පදිංචිව සිටි ‘සිංහරාජ‘ නේවාසිකාගාරයට යාමත් සිසුන් සරසවියේ වෙනත් ගොඩනැගිලිවල නතර වීමත් නිසා සරසවිය වැසු බව දැනගන්නට ඇත.
අද සවස හය වන විට සියලු සිසුන් සරසවියෙන් ඉවත් විය යුතු බව සරසවි නිලධාරිහු පවසති.
මේ අතර සිසුන් වෙනුවෙන් ඉදි කරන්නට යන නේවාසිකාගාරය හමුදා කඳවුරක් සමීපයේ ස්ථානගත කිරීමට යතියි සිසුහු විරෝධය පළ කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම දෙයක්ම හමුදාකරණය වෙලා වගේ රටකට ගිය කලක් (නදී)
නිහාල් පොඩ්ඩක් අහලා බලපන් මාසේ අන්තිමට බර්සරිය හම්බ වෙනකල් අමාරුවෙන් රෝල ගහලා ඉගෙන ගන්න කොල්ලෙක්ගෙන් / කෙල්ලෙක්ගෙන් හරි එතකොට උඹට තේරේවි. (නදී)
අනේ තරංග ඔයාල වගේ ලින් මැඩියන්ට තේරුනේ නැති වුනාට ලෝකයේ බොහෝ රට වල සරසවි සිසුන්ට ඔය මහපොළවත්, බර්සරියවත් හම්බ වෙන්නේ නැහැ. තමන්ගේ අතින් වියදම් කරගන ජීවත්වෙලා, තව පාඨමාලා ගාස්තු ලක්ෂ ගානක් අතින් ගෙවන්න ඕනේ. අනික සරසවි අධ්‍යාපනය විතරක් නෙවේ පාසලේ මුලික අධ්‍යාපනයත් සල්ලි දීලයි ලබාගන්න ඕනේ. අපේ ලංකාවේ ඉන්න සිසුන්ට මුලික අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය නොමිලේ දීල තව වියදමට බර්සරියකුත් දෙනවා. එහෙම කරලත් මෙයාල බංකොලොත් දේශපාලන පක්ෂ පස්සේ ගිහින් ඉගෙනගන්නේ නැතුව පිස්සු කෙලිනවා. (නදී)
සමන් ලංකාවෙ ගොඩක් අයට ඕක නොතේරෙන එකයි ප්‍රශ්නෙ. මෙයාලට මෙහෙම වෙලා තියෙන්නෙ හැමදේම නිකං ලැබිලා දැං හැමදේම නිකංම බලාපොරොත්තු වෙන එක. අනිත් හැම රටකම ලමයි ඉගනගන්නෙ පාට් ටයිම් ජොබ් කරලා , පුදුම දුකක් විදගෙන. මෙයාලට තියන ප්‍රශ්නෙ තමා හොස්ට්ල් වලට දොරවල් නැති එක තාප්ප නැති එක.(නදී)
සබරගමු විශ්ව විද්‍යාලය ගැන තීරණයක් බලධාරීන් වහාම ගත යුතයි..අවුල් වැඩිම සහ සිසුන්ට නිදහසේ අද්‍යාපන කටයුතු ඉටුකරගන්න නොහැකි අසාර්ථක විශ්ව විද්‍යාලයක් බවට මේ ලස්සන සුන්දර සරසවිය පත් වෙමින් යනවා සීග්‍රයෙන්..(නදී)
ජීවිතේට සරසවියකට නොගිය එහි උප සංස්කෘතිය හඳුනානොගත් බොහෝ අය ගල් පැලෙන තර්ක විතර්ක දානවා. (නි)
සේනා මල්ලිට කියන්න තියෙන්නේ ලොකු ලොක්කන්ගේ සල්ලි වලින් පිස්සු නටනවා නම් අපිට ඒක කොහොමටවත් ප්‍රශ්නයක් නෙමෙයි. අපිට ප්‍රශ්නය තියෙන්නේ අපේ බදු මුදලින් ප්‍රයෝජන අරගෙන නිදහසේ ඉගෙනගන්න ශිෂ්‍යයින්ගේත් ඉගෙනීමට බාධා කරමින් පිස්සු නටන එකයි. (නි)
ලෝකේ ඕනෑම රටක අවශ්‍ය දරුවන්ට අදාර ලබාගන්න ක්‍රම තියෙනවා. ලංකාවේ නිදහස් අද්‍යාපනය දෙන්නේ මහජනතාවගේ මුදල් වලින් මිසක් ලොක්කොන්ගේ ගෙවල් වලින් ගේන සල්ලිවලින් නෙවෙයි. ඔයා කැමැතියිද ඔයාගේ දැරියක් හරි සහෝදරියක් හරි අනාරක්ෂිතව තියන්න. (නදී)
අධ්‍යාපනය නොමිලේ දීල තව වියදමට බර්සරියකුත් දෙනවා. එ්ත් ගොඩක් කැම්පස් ළමයි පාර්ට් ටයිම් ජොබ් කරනවා. එ්ක මදි හින්දා ගෙදරට වියදම් කරන්න. හැමෝටම පේන්නේ ළමයින්ගේ වැරදි (නදී)
සුළු පිරිසක් තමයි මේවා මෙහෙයවන්නෙ. සිසුන් අතරින් දුප්පත් ළමයි තෝරාගෙන වීරයො වෙන්න නම් මේවා කරන්න කියලා රවට්ටනවා.එයාලත් හිතාගෙන ඉන්නෙ මේවා මහා වීරකම් කියලා (නි)
රවිඳු, සරසවියට ගිය පමණින් මිනිස්සු බුද්ධිමතුන් වෙන්නේ නැහැ. එහි ගියා කියලා වැඩක් නැහැනේ ප්‍රායෝගිකව සමාජයේ ජීවත්වෙන්නවත් දන්නේ නැත්නම් (නි)
තරංග, ඔබ කතා කරන විලාශයෙන්ම සරසවි සිසුන්ගේ උගත්කම පෙනෙනවා. මේක තමන්ගේගේ උගත්කම් ගැන පම්පෝරි නොගහන බුද්ධිමතුන් ඉන්න සභාවක්. (නි)
ලංකාවේ සිසුන් සරසවි වලට තේරිලා අාවිට දෙමාපියන්ගෙන් වෙන්වෙලා තනිවම ජීවත්වෙන්න සිද්ධවෙනවා. විශේෂයෙන්ම ගැහැණු ළමයින්ට අාරක්ෂාව අවශ්‍යයි. එ්ක විශ්ව විද්‍යාලවල පාලන අධිකාරිය තේරුම්ගත යුතුයි. (නි)
මොකද්ද මේ තරංග කියන කෙනා මෙතන කතා කරන භාෂාව ? මේක උගත් සභාවක්. (නදී)
මේ අය ඉගෙනගන්නාතුරු නොමිලේ ලැබෙන්න ඕනෑ දේවල් ඉල්ලලා කෑගැහුවත් එළියට ඇවිල්ලා රැකියාවක් හොයාගත්තට පස්සේ රටේ ජනතාවට නොමිලේ මොකුත් දෙනවද? නොමිලේ නෙමෙයි ගොඩක් අය තමුන්ට රාජකාරියෙන් පැවරී ඇති දේවල් වුණත් කරන්නේ ජනතාව රැකීමට තියෙන නීති ජනතාව පෙළීමට භාවිතා කරමින්. අපේ සරසවිය තම රටට ජනයාට පීඩාකරන, වෛර කරන නිලධාරීන් පුහුණු කරන ආයතනයක් බවට පත්වෙලා හමාරයි (නි)
තරංග,හරි හරි..ඔයාලා ඔය ලස්සන සරසවිය පුළුවන් තරම් නිදහස් අධ්‍යාපනයේ නම විකුණ විකුණා විනාශ කරන්න.මේ හැම දෙයකටම මුල මේ නිදහස් අධ්‍යාපනයයි. ටියුෂන් මාස්ටර්ලට ගතමනාව ගෙවලා ආ ඔයාලා මොනවද අනේ නිදහස් අධ්‍යාපනය ගැන දන්නේ? දැන් එහෙම එකක් නැහැ. මේ පිනට උගන්වන ඔය ටිකත් නැති කරලා ඕකටත් සල්ලි ගත්තා නම් ඔය කරදර මුකුත් නැහැ. (නි)
අදාල හොස්ටල් එකට අයිති ප්ලෑන් එකේ ඔය කියන තාප්පේ තියෙනවා නම්, ඒක හදන එක කළ යුතුමයි. එ්කට වෙන් කරපු මුදල් කා ලඟද දැන් තියෙන්නේ කියන එක වෙන්න ඇති සිසුන්ගේ ප්‍රශ්නය. ඔය වගේ දේවල් අපිත් හොඳට අත් විඳලා තියෙනවා. ඕක තමයි හැමදාම උනේ. අනුමත විදියට වැඩ වෙන්නේ නැහැ. කෝ අනුමත උන සල්ලි (නදී)
ජෙප්පෝ ළමයි විනාශ කරනවා ඉගෙන ගන්න දෙන්නේ නැහැ. මනස අවුල් කරනවා. අතීතේ කරපු දේ නැවතත්. විකෘති දේශපාලනය තමයි මේ විනාශයට හේතුව. (නදී)
නිහාල්, බන්දුල ඔයාලට ස්තුතියි යථාර්තය පෙන්වීම ගැන. (නදී)
මේක ශිෂ්‍යාවන්ට ප්‍රශ්ණයක් උනාට අපිට ප්‍රශ්ණයක් නැහැනේ. මොකද තාප්පේ නැතුවට දොරවල් ඇතිනේ වහගන්නවා නම්. අන්තරේ අය පිටිපසෙන් ඉන්නවද දන්නේ නැහැ. මොකද එයාල ඉගෙනගන්නවට වැඩිය කැමැති ශිෂ්‍යයෝ විදියටම ඉන්න නේ (නදී)
මේ අයට ඉගනගන්න උවමනාවක් නම් නෑ වගේ. හැමදේම මොකක් හරි අඩුපාඩුවක් හොයාගෙන කැම්පස් වහගන්න පුදුම උවමනාවක් නේ තියෙන්නේ. දැං මෙතන තාප්පෙ නෑ කියලා කොල්ලන්ගෙ හොස්ටල් වලට ගියාම එතන හොඳ ආරක්ෂාවක් හම්බවෙනවා ඇති. මේ වගේ අයව කැම්පස් එකෙන් එලවලා අඩුම ගානෙ ඉගනගන්න උවමනාවක් තියන අයට ඉගැන්නුවා නම් ඉවරයි. ඒ අතින් ප්‍රයිවට් කැම්පස් වාසනාවන්. ඔය ප්‍රශ්ණ මොකුත් නෑ (නදී)