සබරගමුව පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ට එම සභාවෙන් දුන් වාහන 50කට ආසන්න සංඛ්‍යාවක් මැතිවරණ ප්‍රචාරණයට යොදා ගනිතියි පැෆරල් සංවිධානය කියයි.
එම පළාත් සභාවේ නිලධාරීන් සඳහා ගෙන්වා තිබූ මෙම වාහන මෑතකදී මන්ත්‍රීවරුන්ට බෙදාදී ඇති බවද ඔවුන් ඒවා මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගන්නා බවද තම නිරීක්ෂකයන් නිරීක්ෂණය කර තිබූ බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
මැතිවරණ ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ සිටම මෙම වාහන ප්‍රචාරක කටයුතුවල යෙදුණු බැවින් ඒ පිළිබඳව පළාත් ලේකම්වරයා ඇතුළු බලධාරීන්ට ලිපි යැවූ බවත් ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ එක් වාහනයක් හා රත්නපුර දිස්ත්‍රික්කයේ වාහන හතක් පමණක් බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd