IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සබරගමු විභාගෙත් අනාගනී

සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් අද (25) පැවැත්වූ 10 සහ 11 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර දෙකක ගැටළු මතුවීමෙන් සිසුන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියයි.

 11 ශ්‍රේණිය සිසුන් සඳහා ලබා දුන් භූගෝල විද්‍යාව දෙවැනි පත්‍රයේ පළමු කොටසේ පළමු ප්‍රශ්නයේ සිතියමක් ආශ්‍රයෙන් පිළිතුරු සැපයීමට ලකුණු 10 ප්‍රශ්නයක් දී තිබුණත් ඒ සඳහා සිතියමක් තිබී නැත.

එහි හතරවැනි ප්‍රශ්නයේ ද රූප සටහනක් ආශ්‍රයෙන් පිළිතුරු ලිවීමට තිබුණත් එහිද රූප සටහන් දී නොතිබිණි.

11 ශ්‍රේණිය සිසුනට ලබා දුන් පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්න පත්‍රයේ 21 වැනි ප්‍රශ්නයේ සිට 30 වැනි ප්‍රශ්නය දක්වා නොගැලපෙන ප්‍රකාශ තෝරා හිස්තැන් පුරවන්නැයි යනුවෙන් ඇති බවත්, ඒවාද ගැටළු සහගත බවත් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

මේ අතර උතුරුමැද පළාතේ අද පැවැති පෙරදිග සංගීතය ප්‍රශ්න පත්‍රයේ හය ශ්‍රේණියට අදාළ ප්‍රශ්න කිහිපයක් ලබා දී ඇතැයි ද ප්‍රනාන්දු මහතා පවසයි.



අදහස් (0)

සබරගමු විභාගෙත් අනාගනී

පිටිගල Thursday, 25 July 2013 07:11 PM

අධ්‍යාපන ඇමතිකම අපේ පණ්ඩිත අහවල්තුමාට දෙමුද? (නි)

:       0       0

කුසල් Thursday, 25 July 2013 07:50 PM

සබරගමුව විතරක් නෙමෙයි අද කැලනියෙත් විභාගෙ අනාගෙන. 11ට දෙන්න තිබුණ ප්‍රශ්ණපත්‍රය 11ටත් මුද්‍රණයේ. මුන්ට පිස්සු (අ)

:       0       0

බන්දුල Friday, 26 July 2013 10:06 AM

අපේ කාලෙත් විබාග තිබුනා.ප්‍රශ්න පත්තර වල වැරදි තිබුනා.ඒත් ඒවා ඔය විදියට ප්‍රසිද්ධ වුනේ නැහැ. විෂය බාර ගුරුවරයා විබාගේ ලියන අතරේ වැරදි ප්‍රශ්න නිවරදි කලා.මුද්‍රණ දෝෂ නිවැරදි කළා.අද වෙලා තියෙන්නේ මේකත් දේශපාලනයට ඈද ගෙන. මේ සමහර සංගම් කට ඇරෙන බලාගෙන ඉන්නේ වරදක් වෙනකම්, දෙන්නම් බැටේ කියාගෙන.. (නි)

:       0       0

සනත් Thursday, 25 July 2013 10:07 PM

ගාල්ල කලාපේ අයි.සි.ටි. ප්‍රශ්න පත්තරෙත් නාගෙන. ළමයි අනාථයි. මෙවා ගැනත් හොයන්න.(නදී)

:       0       0

රජිත් Thursday, 25 July 2013 04:33 PM

කන්නන්ගර මහත්තයා වලෙන් නැකිටල එනවා ලගදීම‍. (ස)

:       0       0

රනා Thursday, 25 July 2013 04:38 PM

මොන පිස්සු වැඩක්ද මේක. (ස)

:       0       0

දිමුතු Thursday, 25 July 2013 04:41 PM

මේක දැන්නම් ඕන කමින් කාගේ හරි උවමනාවට කරන වැඩක් වගේ. දැන් ඉතින් ගොන් පාට් ඇති පොඩි එවුන්ටවත් ඉගෙනගන්න දෙන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site