හදිසියේ වසා දැමුණු සබබරගමු විශ්වවිද්‍යාලයයේ රැඳී සිටින සිසුන්ට වහාම විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් සහ නේවාසිකාගාරවලින් ඉවත්වන්නැයි අද නැවත දැනුම්දුන් බව ප්‍රකාශකයෙක් කියයි. ඔවුන් ඉවත් නොවන්නේනම් නේවාසිකාගාරවල සපයා ඇති ජල පහසුකම් කපා හැරීමට සිදුවන බවද ඔහු කියයි.
‘‘සිංහරාජ” පිරිමි නේවාසිකාගාරයට ශිෂ්‍යාවන් පැමිණීම නිසා එහි සිටි ශිෂ්‍යයින් විශ්ව විද්‍යාල පරිශ්‍රයේ පොදු ගොඩනැගිලිවල නැවතී පරිපාලනයට බාධා කරතැයිද එම ප්‍රකාශකයා පැවසුවේය.
මේ සම්බන්ධයෙන් සබරගමු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු රසිඳු ජයසිංහ පැවසුවේ අද දහවල් වන විට ‘‘සිංහරාජ” පිරිමි නේවාසිකාගාරයේ සිටි ශිෂ්‍යාවන් ඉන් ඉවත්වූ බවයි. ඒ නිසා දැන් එම නේවාසිකාගාරයේ සිටින්නේ ශිෂ්‍යයින් බවත් පවසමින් පොලිසිය ගෙන්වා ශිෂ්‍යයින් මර්දනය කරන්නට සැරසෙන බව ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේවා කොහොම කෙළවරවෙයිද කියලා (නි)
මේවා ඒ තරම් දුරදිග ගෙනියන්න ඕනෑ දේවල් නෙමෙයි. අපේ රටේ පොලිසිය දේශපාලුවන්ට යටයි. මේ හදන්නේ රටේ පන්ති භේදයක් හදන්නයි (නදී)
පාලක පක්ෂය සමඟ සාකච්ඡා කර තාප්පය සාදාගන්න තෙක් නේවාසිකාගාර දෙක මාරුකරගත්තා නම් දවසක් හෝ කලින් මේ අය උපාධිය ලබාගන්නවා නේද? කැඳවුම්කරුවන් වැඩ කරවා ගැනීමේ දස්කම් පෙන්වන්නේනම් ගැටළු අවම වනු ඇත (නි)
ඔය තාප්ප කෑල්ල හදලා දැම්මා නම් ඉවරනේ. (නි)
ගරු ජනාධිපතිතුමනි, මේ ඇමතිවරු දෙන්නම අධ්‍යාපනය විනාශ කරනවා. රටේ අනාගතය වලපල්ලට යවනවා. ඒ නිසා තියෙන එකම විකල්පය මෝහන් ලාල් ග්‍රේරු මහතායි. ඔහුට මෙය බාර දෙන්න. එවිට රටට සෙතක් සැලසෙයි (නදී)
තාප්පේ හැදුවා නම් කියාවි වහළය කොටයි කියලා. වහළ හැදුවොත් කියාවි ජනෙල් අඩුයි,වාතාශ්‍රය නැහැ කියලා. අපි නොදන්නා අන්තරේ! දෙමාපියනි, තමන්ගේ දරුවන් ප්‍රවේශම් කරගන්න.ඔවුන් කරන්නේ මොනවද කියලා හොයලා බලන්න. (නි)
ජෙහාන් මහත්තයෝ, ටිකක් හොයල බලන්න සබරගමුවේ තරම් ආරක්ෂාවක් සහ නේවාසික පහසුකම් ගැහැණු ළමයින්ට වෙන කොහෙද තියෙන්නේ කියල. අනෙක් බොහෝ සරසවි වල පළමු වසරෙන් පස්සේ බෝඩින් හොයාගන්න සිද්ධ වෙනවා. මෙතන තියෙන්නේ තාප්ප ප්‍රශ්නයක් නෙමෙයි මහත්තයෝ. ඔහොම නෙමෙයි බකිංහම් මාලිගාව ඔතන හදල දුන්නත් මේ අය ඒකෙත් අඩුවක් කියනවා. (නදී)
බන්දුල කවදාද කඩේ යන එක නවත්වන්නේ? (නි)
ඉක්මනින් සුව කල යුතුයි (නදී)
නැහැ, බන්දුල මෙතැනදී කඩේ ගියත් නොගියත් ඇත්ත තමයි කියලා තියෙන්නේ. (නි)
පෙරේරා මහත්තයෝ ඔයාගේ දුව කීවානම් "තාත්ති ගේට්ටුව වහන්න" කියල ඔයා කියනවාද "කෙල්ලේ උඹ දොර වහ ගනින්" කියලා, ඒ වාගේ ඔය ගෑනු ළමයිනුත් අපේම දැරියෝ අද කාලේ ගැහැණු ළමයින්ගේ ආරක්ෂාව කොච්චර වැදගත්ද? ඔය තාප්ප කෑල්ලක් ඔයතරම් බරපතල ප්‍රශ්නයක් කරවලා දරුවන්ගේ අද්ධ්‍යාපනය පස්සට දාන්න තරම් දෙයක්ද? (අ)
ඇත්තටම නේවාසිකාගාර වටා තාප්ප හදලා දෙන්න කියන්නේ ලොකු අර්ථයක් ඇතිවයි. ඒ වගේම තමයි තාප්පය හදලා නොදෙන්නෙත් ලොකු අර්ථයක් ඇතිවයි. තාප්පය හදන්න කියන්නේ හොරුන්, රස්තියාදුකාරන් වගේම පාලකයන්ගේ මැර කල්ලි වලින් ආරක්ෂා වෙන්න ශිෂ්‍යාවන්ට උවමනා නිසා. පාලකයන් මේක සාදා නොදෙන්නෙත් තමන්ට උවමනා වෙලාවට මැරකල්ලි යවලා සිසුන් මර්ධනය කරන්න පහසුවෙන්න ඕන නිසා. මේක අපේ බන්දුල මහත්තයා වගේ මොලය උඩ වාඩි වෙලා ලියන අයගේ මොලයට එන්නේ නැහැ. (නදී)
මේවත් මහා ලොකු ප්‍රශ්නද? ළමයින් ගෙන් මොනාද ඕන කියලා අහලා ඔය කියන තාප්පේ හදලා දුන්නා නම් ඉවරනේ. හැම තැනම ඇමතිවරුන්ගේ මහන්තත්ත කමයි උද්දච්ච කමයි පෙන්නන්න ඕනද? (නදී)
මේවා විශ්ව විද්‍යාලද, සටන් බිම්ද ? ගියේ ඉගෙන ගන්නද , විප්ලව කරන්නද ? බාගෙට ඉගෙන උපාදිය අරන් පිටවුණාම විප්ලව ඉවරයි. ඊට පස්සේ දනවාදේ. ජවිපේ සිසු ඔලු කුරුවල් කරලා. අලුත් පාක්ෂිකයන් හදන්න හදනවා. (නදී)
හැම ගැහැණු ළමයෙක් වටාම පොඩි තාප්ප කෑල්ලක් බැන්ඳා නම් හරි (නි)
මේ ශිෂ්‍ය, ශිෂ්‍යාවෝ රටේ ලියා පදිංචි ඡන්ද නාම ලේඛනයේ නම තියෙන උදවිය. ඉල්ලන සාධාරණ දේවල් ඉටු කර දීලා ජාම බේරා ගැනීම තමා නුවණට හුරු (නදී)