සබරගමු සිසුන් තම යෝජනා ප්‍රතික්ෂේප කිරීම නිසා විශ්ව විද්‍යාලයේ අර්බුදය විසඳීම සඳහා පාලනාධිකාරිය හා සිසුන් අතර මැදිහත්කරුවකු වීමෙන් ඉවත්වූ බව විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය කියයි.
ආචාර්ය සංගමයේ සභාපති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ ලේකම් ආචාර්ය කේ.පී.එල්. නිශාන්ත මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ 3000 ක් පමණ වූ සිසුන්ගේ අනාගතය අඳුරට හෙළමින් සිසු පිරිස විසඳුම් යෝජනාවලිය ප්‍රතික්ෂේප කළ බවයි.
ශිෂ්‍ය සභා නැවත පිහිටුවීම, සරසවිය තුළ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සහ ශිෂ්‍යභාවය අහෝසිවූ සිසුන් 8 දෙනකුගේ ශිෂ්‍ය භාවය නැවත ලබාගැනීම යන කරුණු 3 ක් මුල් කරගනිමින් සිසුන් සත්‍යග්‍රහය ඇරඹූ අතර ඒවාට විසඳුම් ලෙස යෝජනාවලියක් පාලනාධිකාරිය ඉදිරිපත් කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් ඒ කාලේ ඔය වගේ වැඩ කළා. දැනුයි තේරෙන්නේ කොච්චර මෝඩද කියලා. (නි)
හැමතිස්සෙම හිතන්නේ තමන් තරම් දන්නා කොට්ඨාශයක් මුළු රටේම නැහැ කියලා. අපේ අක්කා උසස් පෙළ කළේ 1987දී. සරසවියේදී ඉගෙනගන්න ඉඩක් ලැබුනේම නැහැ. අක්කා විභාග අසමත්වුණ නිසා නෙමෙයි. අන්තිමට ඔය පෙරටුගාමින් නිසා සරසවියෙන් එළියට එනකොට වයස 30 ට කිට්ටුයි. රැකියාවක් සොයාගෙන විවාහ වෙනකොට වයස 35යි. දැන් වයස 46 යි. තමන්ට කියලා දරුවෙක්වත් නැහැ. තරුණ වයසම නාස්ති වුණා. (නි)
බන්දුල පෙරේරා මහතා, ඔහොම කියන්න එපා. ඒ තීන්දුව දීලා තියෙන්නේ මානව හිමිකම් එහෙම ආරක්ෂා කරන්නනේ. (නි)
අල්ලට සිඟා වත් රස නැති කැවිලි කකා වැල්කොල බිම අතුට නිදි නොලැබ දුක් තකා කල් ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණෙන් වකා ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා.(හේ)
ඇයි මේ ළමයින්ට තමන්ට වඩා වයසින්,දැනුමින් වැඩි අය කියන දේවල් අහන්න බැරි? (නි)
සිසුන්ට ඕන විදියට ඕන දෙයක් කරගෙන අන්තිමට උපාධි සහතිකෙත් තමන්ම අත්සන් කරගෙන පිට වෙන්න පුළුවන් ලොව ප්‍රථම සරසවිය බවට සබරගමුව පත් කරමු.(හේ)
දරැවනේ 100% ඉල්ලිම් දිනා ගත්ත සටනක් නෑ. ඒ හින්දා මුලික ඉල්ලිම් දිනා ගැනිමෙන් සතටු වෙන්න ඉගෙන ගන්න. තවදුරටත් ඔබට ඔය සටනේ ඉන්න බෑ. වටින්නේ ඔබෙ හෙට දවස. පොඩි දේවල් වලට ඔබෙ වටිනා කාලය වැය කිරිමෙන් ඔබේ හෙට දවස අදුරැ වේවී.(හේ)
ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියාව සමරුවේ ඊයේ අද අධ්‍යාපනයේ ප්‍රශ්න.(හේ)
මේ ප්‍රශ්නේ කවදා විසදෙයිද දන්නේ නෑ.(හේ)
තමන්ට කලින් ජීවිතේ අත්දැකීම් ඇති වැඩිහිටියන් සමාජයේ ඉන්නවා කියලා පිලිගන්න මේ ළමයි කැමති නැහැ.(හේ)
ළමයි රවට්ටන්න බැහැ.(හේ)
විශ්ව විද්‍යාල කියන්නේ රටේ පොදු නීතියට යටත් තැනක් මිසක් මුදා නොගත් ප්‍රදේශයක් නෙමෙයි.(හේ)
මම හිතන්නේ පොලිසියට මේ සිසුන් ඉවත් කරන්න අවසර නොදුන් විනිසුරු තුමත් කැමති ඇති සරසවිය දිගටම වහල තියන්න. සිසුන්ට ඕන විදියට ඕන දෙයක් කරගෙන අන්තිමට උපාධි සහතිකෙත් තමන්ම අත්සන් කරගෙන පිට වෙන්න පුළුවන් ලොව ප්‍රථම සරසවිය බවට සබරගමුව පත් කරවමු..,එහෙම නැත්නම් පුර්ණ කාලීනව සබරගමුව සරසවිය ජනතා විමුක්ති පෙරමුණට හා කුරුටුගාමින්ට දේශපාලන මුලස්තානයක් හැටියට පවරලා ඔවුනට ඕන හැටියට දේශපාලනේ කරන්න අපි ඉඩ දෙමු. අපි ඔහේ ඔය පාඩුව කොහොම හරි විද දරා ගමු...විශ්ව විද්‍යාල කියන්නේ රටේ පොදු නීතියට යටත් තැනක් මිසක් මුදා නොගත් ප්‍රදේශයක් නෙමෙයි.. ඔය හුරතලේ තමයි 88/89 දාස් ගානකට මරු කැද වෙව්වේ.අමතක කරන්න එපා දෙවතාවක්ම දහස් ගණන් ජිවිත කෝටි ගනන් දේපල මේ රටට අහිමි කල විප්ලවීය දේශපාලන උන්මන්තකයින්ගේ විෂ බිජ රෝපණය වෙලා අංකුර දාල හැදුනේ වැඩුනේ ඔය සරසවි ඇතුලේ කියලා. (නදී)
ඇත්තටම ඔය සිසුන් තමන් කරන්නේ මොකක්ද කියලවත් හරියට දන්නවනම් ලොකු දෙයක්.(හේ)
කියන දේ අහන්නේ නැත්නම් නිශ්ශබ්දව පැත්තකට වෙන එක තමයි හොඳම දේ (නි)
මේ කරන දේ නිසා සිදු වන්නේ දුප්පත් දෙමව්පියන්ගේ දරුවන් තමන්ගේ වටිනා තරුණ කාලය නිකරුනේ සරසවිය තුල දිය කරන එක. (හේ)
නේවාසිකාගාර නැතුව ඉන්නකොට ඉල්ලලා උද්ඝෝෂණ කරනවා. දුන්නම තත්ත්වය බාලයි කියනවා. අනේ මන්දා කවදා හැදෙයිද කියලා! (නි)