ඇඹිලිපිටිය නගරයේ සංවර්ධනයට රුපියල් කෝටියක් දෙන බව කියා සබරගමු පළාත් සභාව විසිරවීමට පෙර එහි හිටපු ප‍්‍රධානියකු තමා රැවටී යයි ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති වේවැල්දූවේ ඥානප‍්‍රභ හිමියෝ කියති. ඒ ප‍්‍රතිඥාව නිසාම මේ පුද්ගලයාට මහා ඇමැති අපේක්ෂකත්වය දිය යුතු බව කියන ලියැවිල්ලකට අත්සන් කළ බවද ඒ හිමියෝ ඇඹිලිපිටියේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී කීහ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සබරගමු ජනතාව දැන් බුද්ධිමත් විය යුතුව ඇත
අපේ හාමුදුරුවෝ ගොඩක් හොද කෙනෙක් කවදත් සමාජ සේවයමයි. බොරුනම් ඕන කෙනෙක් ගමට ඇවිත් බලන්න
ඔව් ඔව් ...උන්නාන්සේ බබා .....තව මොනවට අත්සන් කලාද දන්නේ නැ.....පව් ...බබා ....
අනේ හාමුදුරුවෝ මුකුත් දන්නේම නැද්ද?
රුවටිල්ල සහ බොරැ කීම ශ්‍රී ලංකා දේශපාලනයේ ප්‍රධාන ලක්ෂණයකි..
චූටි, අහිංසක හාමුදුරුනමක් !
මේ කාලයේ මුලින් ම රවට්ටන්නේ හාමුදුරුවන්, ඉන් පසුවයි ජනතාව රවට්ටන්නේ. බොහෝ හාමුදුරු වන්ටත් එයාලා ලොකුයි දායකයන්ට වඩා.
හාමදුරුවනේ ඇදිවත විතරයි ඔවුන්ගේ සුදු ..හදවත පට්ට පල් කළු ..
පට්ට පල් බොරු කාරයෝ ඉන්න ඉල්ලන් කෑ රට මේකයි හැමදුරුවනේ
සබරගමු ලොක්ක විතරද ඔහොම කියන්නේ ...එහෙනම් අනිත් ලොක්කෝ ඇත්තද කියන්නේ හාමදුරුවනේ ...
හොද වැඩේ
හාමුදුරුවෝ හිතනවා ඇති ඇත්ත කියන දේශපාලනඥයන් ඉන්නවා කියලා
එයා එහෙම තමා.ආයේ රැවටෙන්න එපා.
හාමුදුරුවන්වත් රැවැට්ටුවා නම් අහිංසක මිනිස්සු ගැන කවර කතාද?
හාමුදුරුවනේ, ඔබතුමන්ලාට මේ දේශපාලනය අකැපයි.ධර්ම ප්‍රචාරයේ යෙදෙන්න හාමුදුරුවනේ.
අනේ හාමුදුරුවනේ මොකටද දේශපාලනය කරන්නේ? ඇඹිලිපිටිය නගරයේ සංවර්ධනය මිනිස්සු කර ගනීවි. ඔබ තුමා මිනිසුන්ට සසර කෙටි කර ගැනීමට මාර්ග පෙන්වා දෙන්න.
එයා පරාද වුනොත්...???
සාධාරණව තම මහන්සියෙන් උපයපු මුදලකින් රුපියල් කෝටියක් පිනට දෙනවා කියන්නේ මොන තරම් කරන්න අපහසු පිනක්ද ? නමුත් හැමෝටම එහෙම බැහැ
කවුද මේ?
තවත් මදිද හාමුදුරුවනේ.
හාමුදුරුවන්ට කළේ ඔහොම නම් අපි ගැන කවර කතාද? හාමුදුරුවන්ටත් හොද වැඩේ හොරුන්ව විශ්වාශ කරනවට.
අනේ හාමුදුරුවනේ, දේශපාලනේ ගැන හුගක් දේවල් තියෙනවා ඉගෙන ගන්න.මට නම් පේන්නේ තාමත් දේශපාලනේ අත්පොතවත් කියවලා නැහැ වගේ
අනේ අපේ හාමුදුරුවනේ, ඕක කලින් කිවුව නම් ඉවරනේ