පාර්ලිමේන්තුවට තේරී පත්වූ සබරගමුව පළාත් සභාවේ හිටපු විපක්‍ෂ නායිකා තුසිතා විජේමාන්න මහත්මිය ඇතුඵ එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් පස්දෙනෙකු වෙනුවෙන් මන්ත‍්‍රීවරුන් පස්දෙනෙක් සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා ඉදිරියේ අද (08) දිවුරුම් දුන්හ.
රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණය ජය ගත් ඒ.ඒ.විජේතුංග සහ හේෂාන් විතානගේ වෙනුවෙන් එජාප ලැයිස්තුවේ නිමල් විජේනායක සහ කේ.එල්. රත්නායක යන මන්ත‍්‍රීවරුන් දිවුරුම් දුන්හ.
කෑගල්ල දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළාත් සභාවේ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කළ විපක්‍ෂ නායිකා තුසිතා විජේමාන්න මහත්මිය සන්දිත් සමරසිංහ රංජිත් පොල්ගම්පොල යන මන්ත‍්‍රීවරුන්ගෙන් පුරප්පාඩු වූ පළාත් සභා මන්ත‍්‍රීධූර නියෝජනය වෙනුවෙන් සිරිල් පල්ලේපොල ගුණරත්න , උපුල් ශ්‍යාමල් බණ්ඩාර මහතා ලක්‍ෂමන් කොඩිකාර මහතා යන මන්ත‍්‍රීවරුන් දිවුරුම් දුන්හ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි (නි)
පළාත් සභා සහ ප්‍රාදේශීය සභා යනුවෙන් ආයතන දෙකක් බිම් මට්ටමේ පාලනයට අනවශ්‍යයි.මෙය ජනතාව මත විශාල බදු බරක් පටවනවා. මේ දෙකෙන් එකක් ඉවත් කළයුතුයි. මේ සඳහා පැවැත්වෙන මැතිවරණ වලටත් ජනතාව විශාල වියදමක් දරනවා. ඒ වගේම මේ බොහෝ කටයුතු රාජ්‍ය නිලධාරීන් හරහා පහසුවෙන් ක්‍රියාත්මක කළහැකියි. බිම් මට්ටමේ පරිපාලනයට රටටම පොදු න්‍යාය ධර්ම ටිකක් නිර්මාණය කිරීමෙන් මේ බොහෝ කටයුතු පරිගණක භාවිතයෙන් වඩාත් ඵලදායීව හා ක්‍රමවත්ව සිදුකළ හැකියි. (නි)
සදරුවන් සමඟ 100% ක් එකඟ වෙනවා. විදේශ රටවල ලියාපදිංචි වූ ගොවීන්ට පොහොර,බීජ නොමිලේ ලබාදෙනවා. ගොවි උපරකණ යන්ත්‍ර සුත්‍ර ඉතා අඩු නාමික මිලකට කුලියට දෙනවා. මේ නිසා විදේශ රටවල ගොවීන්ට ශ්‍රමය ඇරුණු විට නිෂ්පාදන වියදමක් ඇත්තෙම නැහැ. මේ නිසා පාරිභෝගික ආහාර මිල ඉතා අඩුයි. ගොවියොත් හොඳින් ලාබ ලබනවා. අපේ රටෙත් මෙවැනි අනවශ්‍ය වියදම් අඩුකළොත් මෙවැනි හාස්කම් කරන්නට පුළුවන්. (නි)
සමහර රටවල පෙට්‍රල් දෙන්නේ නොමිලේ, පාසල් ළමයින්ට කෑම වේල දෙන්නේ නොමිලේ. කසාද දින අලුත් පවුල් වලට නොමිලේ ගෙයක් දෙනවා. රස්සාවක් නැත්නම් මාසිකව විශාල දීමනාවක් ගෙවනවා. ඇඳුම් මිලදී ගැනීමට වාර්ෂිකව මුදලක් ,කූපන්පතක් ලබාදෙනවා. අවුරුදු 55 ට වැඩි අය සඳහා ප්‍රවාහනය නොමිලේ. මේ වගේ ලක්ෂයකුත් එකක් වරප්‍රසාද ජනතාවට ලබාදෙනවා. මෙහේ මේවා කරන්නේ කොහොමද අනවශ්‍ය වියදම් දහස් ගණනින් කරනකොට? හැබැයි මේ රටවලට අඩුගානේ අපිට වගේ විශාල ආදායම් ලබන වරායක්වත් නැහැ. සදරුවන් හරියට හරි (නි)
මේ පළාත් සභා,ප්‍රාදේශීය සභා සහිත දේශපාලන ක්‍රමයේ වෙනසක් අවශ්‍ය කාලයයි මේ (නි)
ගම කේන්ද්‍ර කරගත් පාලනයක් -ග්‍රාම රාජ්‍යක් (අ)
රටක දියුණුව විදිමත් බල බෙදුමක ප්‍රතිඵලයකි (අ)
පළාත් සභා හෝ ප්‍රාදේශීය සභා දෙකෙන් එකක් ඉවත් කරන්න. මැතිවරණ වියදම කෝටි 400 ත් ඉතුරුයි. (අ)