පළමු වසර සිසුන්ට නවකවදය දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාල සිසුන් 17 දෙනෙක් තාවකාලික පන්ති තහනමකට ලක් කළ බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉකුත් 27 වැනි දා නව ශිෂ්‍ය ආපන ශාලාවේදී නවක සිසුන්ට නවකවදය දුන්නැයි ද , එම තත්වය වැළැක්වීමට ගිය ආරක්ෂක නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි ඔවුන්ට බැන වදිමින් පහරදීමට උත්සාහ කළැයි කියන සිද්ධියකට තහනම ලබාදී ඇති බව කියති.
කළමනාකරණ පීඨයේ දෙවැනි වසර සිසුන් 15 දෙනෙකු හා සමාජයීය විද්‍යා හා භාෂා පීඨයේ සිසුන් දෙදෙනෙකුටමේ අනුව තහනම පනවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානසික රෝගීන්. අයිතිවාසිකම් දිනාගන්න නවකවදය දීලද? තියෙන අයිතිවාසිකම් නැතිවෙන එක අහන්න දෙයක්ද? දැන් ලෝකයේ කොහෙවත් නැති මේ වදය තියෙන්නේ ලංකාවේ විතරයි (නි)
මේතරම් දේ වෙලත් තවත් බියකින් හෝ කිසිම චාරයකින් තොරව නවක වදය දෙන මේ නරුමයන්ට තාවකාලිකව නොව සදාකාලිකවම පන්ති තහනම් කළයුතුමය. (නි)
පන්ති තහනම් කරලා මදි, ගෙදරම යවන්න. (නි)
දේශපාලනයට ගැතිනොවන හොඳ සංවේදී පරිපාලකයෙක් සහ පරිපාලන නිලධාරීන් පිරිසක් මේ විශ්ව විද්‍යාලයට අවශ්‍යයි. නමුත් තව අවුරුදු විසි පහකටවත් එහෙම කෙනෙක් මෙතෙන්ට පත්වේවි කියලා හිතන්න අපහසුයි. (නි)