මෙරට තුළ සැබෑ ජාතික සංහිදියාවක් සහ වගවීමේ ක්‍රියාවලිය ඇති කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස යුරෝපා සංගමය නව රජයෙන් ඉල්ලයි.
පසුගියදා අවසන් වුණු පාර්ලිමේන්තු මැතිවරණය ඉතා සාමකාමීව හා අව්‍යාජව පැවැත්වු බව යුරෝපා සංගමය කියයි. ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා සහයෝගය ලබාදීම සඳහා ඉතා උනන්දුවෙන් ඡන්දය භාවිත කළ බව ද සංගමය පෙන්වා දෙයි.
යහපාලනය වැඩිදියුණු කිරීම, මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම සහ නීතියේ ආධිපත්‍ය සුරැකීම වැඩි ඉඩක් දෙන්නැයි එම සංගමය නව රජයෙන් ඉල්ලයි.
මේ සඳහා සියලුම දේශපාලන පක්ෂවල සහය හිමිවිය යුතු බවත් එමෙන්ම යුරෝපා සංගමයේ සමීපතම දිගුකාලීන පාර්ශවකරුවෙකු වන ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික සහ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් තමන් ශ්‍රී ලංකා රජයට සහයෝගය ලබාදෙන බව යුරෝපා සංගමය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ද සිල්වා, අපිට සුනාමි ආධාර දුන්නේ යුරෝපයෙන් බව අමතකද? (නි)
පිටරට ඉන්න අය මොනවාද දන්නේ කියලා ඇතැම් අය ලංකාවේ ඉඳගෙන පුරසාරම් දෙඩුවට බර්ලින් වල සහෘදයෙක් මේකට නියම උත්තරයක් දීලා තියෙන්නේ. හිල් කූඩ වලින් වතුර අදිනවා වගේ වැඩකරලා අපිට අපේ නමයි ගෞරවයි ජාත්‍යන්තර වශයෙන් රැකගන්න ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් අපේ විදේශ දූත මෙහෙවරට වෘත්තීය පුහුණුව ඇති රටේ ඉතිහාසය හා සංස්කෘතිය ගැන අවබෝධයක් ඇති අය පමණක් පත්කරන්න නව පාලනය වගබලා ගතයුතුයි. (නි)
මෙරට තුළ සැබෑ ජාතික සංහිඳියාවක් ඇති කරන්නේ කොහොමද කියන එක මට නම් ප්‍රශ්නයක් (නි)
කොටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් බවට යුරෝපා සංවිධානය විසින් සම්මත කර ඇත. කරුණාකර එම නිතිය අකුරට ක්‍රියා කරන්න. කොටින්ට සෘජුවම හෝ වක්‍රාකාරව කඩේ යන යුරෝපයේ දේශපාලකයන්, චිත්‍රපටි නිෂ්පාදකයන් ගැන සොයා බලා නිතිය ක්‍රියාත්මක කරන්න එතකොට ලංකාවේ ජාතික සන්හින්දියව ඉබේම ඇති වේවි (නදී)
ජාතික සංහිදියාවක් ඇතිවෙන්න නම් රටේ ජනතාව අතර විශ්වාසයක් ඇතිවෙන්න අවශ්‍යයි. නමුත් ලංකාවේ එහෙම නැහැ .(ම)