ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය කතෘවරයෙකු වූ දුෂ්‍යන්ත සමරසේන මහතා දහස් ගණන් සහෘදයන්ගේ සෝ සුසුම් මැද අද (03) බැද්දගාන පොදු සුසාන භූමියේ දී අවසන් ගමන් ගියේය.
ලංකාදීප කන්තෝරුවේ සිට ගෙදර යන ගමන් හැමදාම වාගේ පසුකරගෙන ගිය බැද්දගාන සුසානයට ඔහු අද ඇතුළු වූයේ එහි යන බව නොදැනය. එහෙත් අව්‍යාජ හා අවංක පුවත්පත් කලා වේදියෙකු වූ ඔහු නිතරම කියා සිටි දෙයක් වූයේ කවදා හෝ මැරෙන මිනිසුන් වන අපි හොර බොරු නැතිව රටට ගමට වැඩ කළ යුතු බවයි.
බිරිය මානෙල් මිය ගොස් දස වසරකට පසුව ඔහු ද නොඑන ගමන් ගියේය. සෙනුරිට හා ගිම්හානිට වරෙක මවකද වරෙක පියෙකුද වූ ඔහු දරුවන්ද රැක බලාගෙන ලොකු මහත් කරමින් සිය පත්තර කලා ජීවිතය නොපිරිහෙලා ඉටු කළේය.
ඡායාරූප හා වීඩියෝ - කෞශල්‍ය සමින්ද







COMMENTS
මගේ මිතුරා කරනලද සියලුම හොඳ ගුණ බලයෙන් දරුවන්ට යහපතම සිදුවන බව මට විශ්වාසයි. ඔබට නිවන් සුව පතමි! දරුවන්ට යහපත් අනාගතයක් පතමි! (නි)
අපරාජිත මරණයට පිළිතුරක් (බ)
ඔබතුමාට නිවන් සුව! (නි)
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "මිනිසෙක්" මියගිය වගයි. දරුවනේ, නොම හඬන්න! ඔහු ඔබටත් මගේ දරුවන්ටත් නොමියන සොඳුරු ලොවක් තැනූ වගයි. ඔහුට අනේක පින්! (නි)
නිහතමානී සුන්දර මිනිසෙක්. ඔබට නිවන් සුව පතමු ! (බ)
ඔබතුමාට නිවන් සුව ලැබේවා!! (නි)
මගේ මාධ්‍ය මිතුරාට නිවන් සුව! හොඳ මිනිසෙක් (නි)
එතුමාට නිවන්සුව පතමු (බ)
දුෂ්‍යන්ත අයියේ. ඔබ නැවත අප අතරම ඉපදේවා (කෞ)
නිවන් සුව ලැබේවා! (නි)
හොඳ මිනිසුන්ට ආයුෂ අඩුයි. ඔබට නිවන් සුව! (නි)
ඔබ නැත... සුවඳ ඇත....!! (නි)
ඔබතුමාට නිවන් සුව ලැබේවා!! (නි)