(අංජුල මහික වීරරත්න)
අභියෝග රාශියක් කර මතට කඩා වැටුණු සමයක රට හමුවේ ඇති අභියෝග සැබෑ ලෙසම හඳුනා ගනිමින් තම වගකීම් ඉටු කිරීමට සියලුදෙනා එක්වෙමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
නත්තල යනු බලාපොරොත්තුවේ මංගල්‍යය බව කී ජනාධිපතිවරයා “කඳුළින් සුසුමෙන් පීඩිතව අන්ධකාරයේ ඇවිද ගිය ජනතාව මහත් ආලෝකයක් දුටුහ.” එම බලාපොරොත්තුව අලුත් කරන්නට අප සියළු දෙනාගේ වගකීම් සහ යුතුකම් ඉටු කරමින් රට තුළ නව බලාපොරොත්තු ඇති කරවන නත්තලක් අප සැමට උදා වේවායි පළමුව ප්‍රාර්ථනා කරන බවද කීය.
දිළිඳුන් සමග වේලක් වළඳන්න’’ යන තේමාව මුල් කර ගනිමින් ගවලෙනේ උපන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමරන අප කිසිදා එම යථාර්ථය අමතක නොකළ යුතු වෙමු.
සකල මිනිස් වර්ගයා පවින් මුදාගනු වස් කුරුසියේ සිය ජීවිතය පූජා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහි කරන නත්තල සැබෑ පරිත්‍යාගශීලි සමයකි. තමන්ට එරෙහි වූවන්ට, තමන්ට වින කළ වූවන්ට සමාව දෙන ලෙසත්, සියළු වෛරයන්, අමනාපයන් ඉවතලන ලෙසත් කිතුනු ආගමික ඉගැන්වීම්වලින් අපට කියා දෙයි" යනුවෙන් ද ජනාධිපතිවරයා නත්තල වෙනුවෙන් ප්‍රකාශයක් කරමින් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැබෑ අභියෝග හඳුනාගෙන එක්විය යුතු බව ජනාධිපතිවරයා ඉල්ලා සිටියද විපක්ෂ නායකයින් අභියෝගවලට මුහුණදීමට නොහැකිව සඟවා ගිය අවස්ථාවන් අප දැක ඇත්තෙමු...!
රට හෙට කඩා වැටුණත් මේ කාලකන්නි සෙට් එක ඔබ හා එකතු වෙන්නේ නැතිබව ඔබට නොතේරුණාට අපි තේරුම් ගෙන ඇත. මොවුන් එකතු වුණා කියා ආර්ථික වර්ධන වේගය වැඩිවෙන්නේ නැත. ආනයනය වැඩි වෙන්නේ නැත, රටේ මිනිස්සු පිඟාන දික්කරන එක නවතින්නේ නැත. වෙන්නේ ඇමැතිකම් වැඩි වීම හා රජයේ වියදම් වැඩිවීම පමණයි. කරනවා නම් ඔබත් කළයුතුව ඇත්තේ රට ගොඩ ගැනීමට තිබෙන අමාරු ඒ වගේම ජනප්‍රිය නොවන තීන්දු ගෙන අප්‍රසාදයට පත්නෝවී පුළුවන් තරම් බදු, වැට් අඩුකර විදුලිබිල, ඉන්ධන මිල අඩුකර සහන සලසා රුපියල් 30000ක පමණ වැටුප් වැඩිකර කොරහ බිඳ පාලනයෙන් ඉවත්වී ජෙප්පන්ට හෝ සජබයින්ට රට බාර ගැනීමට ඉඩ සැලසීමයි. ඊට පසු ගෙදර ආසනයේ සිට මොවුන් බදු නොගසා, වැට් නොගසා විදුලිබිල ඉන්ධනමිල වැඩි නොකර රට ගෙනියන හැටි මොවුන්ගෙන් ඉගෙන ගන්න.