IMG-LOGO

සුප්‍රසිද්ධ නඩු 3කට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලු 3ක්

(මනෝප‍්‍රිය ගුණසේකර)

රතුපස්වල ප‍්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල සිදුකිරීම, මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් මරාදැමීම සහ ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑම යන සිද්ධීන් වලට අදාළ නඩු විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලු තුනක් අද (28) පත් කරන ලදී.

මෙම අපරාධ සිද්ධීන් විශේෂ අපරාධ සිද්ධීන් ලෙස සළකා එම නඩු  විභාග කිරීම සඳහා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලූ පත් කරන ලෙස නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා මීට පෙර අවස්ථාවක කරන ලද ඉල්ලීම් පිළිගනිමින් අදාළ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලූ පත් කර ඇතැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

රතුපස්වල ප‍්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කොට තවත් 45 දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව යුද හමුදා බි‍්‍රගේඩියර්වරයකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරුන් වන මේනකා විජේසුන්දර (සභාපති) නිමල් රණවීර සහ නිශාන්ත හපුආරච්චි මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර ඇත.

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් මරාදැමීමේ සිද්ධියට අදාළව යුද හමුදා ලූතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදා නිලධාරීන් 09 දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකොන් (සභාපති) සම්පත් විජේරත්න සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන් ගෙන් සැදුම්ලත් විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර ඇත.

ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති,  ‘රක්නා ලංකා’ හිටපු සභාපතිවරයා, ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා ඇතුළු 13 දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගනේපොළ (සභාපති)  ආදිත්‍ය පටබැඳි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන් ගෙන් සැදුම්ලත් විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර ඇත.



අදහස් (16)

සුප්‍රසිද්ධ නඩු 3කට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලු 3ක්

සෙනෙවිරත්න Wednesday, 28 August 2019 01:38 PM

මේ තනන්නේ වැරදිකාරයන් සුදනන් කරන්නද, නැත්නම් දඬුවම් දෙන්නද?

:       2       573

PerakumWednesday, 28 August 2019 04:20 PM

මොකවත් නෙවෙයි.., සෙනෙවිරත්න... ජනාධිපතිවරණය ළංවෙනකොට ගිය සැරේ කියපුව මතක් වෙනවා...!

:       4       260

WasudewaThursday, 29 August 2019 07:10 AM

ඔව් සෙනෙවිරත්න... මේවයින් වෙන එකම දෙය පහුගිය කාලේ හොරාකාපු බිලියන් ගනම් මහජන මුදල්, ඒ කියන්නේ කළු සල්ලි... සුදු සල්ලි කරගෙන නිදහස් වෙලා ගෙදර යනවා. මේ 225න් කිසි කෙනෙකුට ඡන්දෙ දෙන්න එපා.

:       0       422

sirimal Wednesday, 28 August 2019 04:09 PM

දැන් ඉතින් නැවත වතාවක් "රණවිරුවන් දංගෙඩියට ගෙනයනවා" කියන කලින් පට්ට ගහපු කතාව වේදිකාවල නින්නාද දෙන්න පටන් ගනී.

:       115       1721

Chathuri Wednesday, 28 August 2019 04:13 PM

අණ බෙරගහලා පටන් ගන්නේ... විනිසුරු මඩුලු 3ක් පත්කෙරුවා කියලා නඩුව අහන්න. දැන් අවුරුදු 4 ඉවරවේගෙන යන්න පටන්ගත්තේ... අවුරුදු 3කට උඩදී මල්වෙඩි පත්තු කරලා දූෂිත හොරුන්, මිනීමරුවන් අල්ලන විදියට ජනතාව රවටන්න කරන නාඩගම්... අද මේ වැරදි පොඩි මිනිහෙක් කෙරුවා නම් අද ඒ මනුස්සයා ඇතුලේ... පුදුම විනිසුරු මඩුල්ලක්. මිනිසුන් අධිකරණයට අත කෙලින් තියන් දිවුරුම් දෙනවා... කිසිම බොරුවක් නොකියන බවට නමුත්... මේ විනිසුරුවන් නිර්භීතව නීතියට ගරු කරමින්, උස මිටි පහත් භේදයක් නැතිව, නඩු විසඳනවද මේ රටේ...? අධිකරණ බලයක් නැති රාජපක්ෂවරුන්ට ඕනෑ විදියටද? නඩු අහන්නේ, දැන් මොකද? එක පාරටම කුලප්පු වෙලා...

:       28       1252

කරුණාපාල Wednesday, 28 August 2019 07:37 PM

බැසිල් රාජපක්ෂව ඇම්බියුලන්ස් එකෙන් බිමට බස්සව ගන්න බැරිව ගිය නුඹලාට මොන නඩුද? ඡන්දෙ කාලෙට නැට්ට උස්සගෙන බුරන්නේ නැතිව ඉන්න..

:       0       134

Chanak los angeles Wednesday, 28 August 2019 09:23 PM

ඔය නඩු 3 නටම සම්බන්ධ ප්‍රධාන චූජිතයාව ජනපති අපේක්ෂක ලෙස පත්කරගෙන නේද? වසලැජ්ජයි.

:       2       559

Jaya Wednesday, 28 August 2019 10:50 PM

උසේන් බෝල්ට්ගේ මීටර 100 රෙකෝඩ් එකත් කඩයිද දන්නේ නෑ මේ පාර නඩු අහලා. ඡන්දයකට මොන තරම් දේවල් කරන්න පුලුවන්ද ? එත් කමක් නෑ අපේ හොරු කෙසේ වෙතත් අනුන්ගේ හොරු හරි අල්ලනවනම්..

:       0       20

amith Thursday, 29 August 2019 01:09 AM

පාස්කු 21 ප්‍රහාරය කරපු අයට, මේවා අදාල නැද්ද? ඒවා සුළු වැරදිද? කංචිපානි කළාවගේ "සුළු වැරදිද?"

:       8       13

gunarathna Thursday, 29 August 2019 01:13 AM

එක්නැලිගොඩ මැරුණා කියලා දැන් අවුරුදු ගාණක් තිස්සේම කියනවා. මට මතක්වෙනවා එක විනිසුරුතුමෙක් උසාවියේදී කියනවා මිනිහෙක් මැරුවා නම් මරපු කෙනෙක් ඉන්නට ඕනේ... දැකපු කෙනෙක් ඉන්නට ඕනේ.. මිනියක් තියෙන්ට ඕනේ, වලලපු තැනක් තියෙන්නට ඕනේ, වලලපු කෙනෙක් ඉන්ට ඕනේ, මේ කිසිම දෙයක් නැතිව පොලීසිය නඩුවක් පවත්වාගෙන යන්නේ කොහොමද කියලා මට පුදුමයි කියලා. මේ නඩුවෙන් අවසානේ වැරදිකරුවන් නිදහස් වෙනවා සාක්කි ඔප්පු කරන්නට බැරි නිසා. එක්නැලිගොඩගේ නෝනාට සහ දරුවාට වූ වැරැද්ද කවුද හරිගස්සන්නේ...?

:       43       229

vimaliThursday, 29 August 2019 04:13 AM

එතකොට ජවිපෙන් මැරුවා කියන අයගෙත් ඕවා තිබිලද ?

:       55       0

නොකවුට් Thursday, 29 August 2019 01:18 AM

බුදුඅම්මෝ, ජනාධිපතිවරණය කිට්ටු වෙන්න වෙන්න නඩු ඉක්මන් වෙන හැටි...

:       1       40

ABARAN Thursday, 29 August 2019 01:25 AM

අවනීතිය රජයන රටක්.. කාට කියන්නද?

:       1       98

lalithm Thursday, 29 August 2019 02:52 AM

අපි කුලප්පු නොවී බලා ඉඳිමු. ප්‍රමාද වෙලා හරි හොඳ තීරණයක් වෙන්න පුළුවනි. "බලාපොරොත්තුවක් අපට තිබේ"

:       6       127

sara Thursday, 29 August 2019 04:12 AM

දැන් තමයි වැඩ පටන් අරගෙන තියෙන්නේ ....

:       0       11

Ari Thursday, 29 August 2019 04:38 AM

නාගානන්දගෙ කණ්ඩායම තමයි මේවට උත්තරේ.

:       14       452

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 116 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site