දක්ෂිණ අධිවේගී මාර්ගයේ උතුරු කළුතර කිලෝ මීටර් 23 කණුවේදී මොටර් රථයක් හා ලොරියක් ගැටීමෙන් මොටර් රථයේ ගමන් ගත් දෙදෙනකු බරපතල තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළු කරනු ලැබුහ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ උතුරු කළුතර කිලෝ මීටර් 23 කණුවේදී මොටර් රථයක් හා ලොරියක් ගැටීමෙන් මොටර් රථයේ ගමන් ගත් දෙදෙනකු බරපතල තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළු කරනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ! (නි)
බණ්ඩාර හරි. පැයට කිලෝමීටර් 100 කියන්නේ අධි වේගයක්. යන කෙනා දැනගන්න ඕනෑ ප්‍රවේශම් වෙන්න (නි)
පාරේ එක දිසාවකට යද්දී තියන්නේ පටු පාරවල් දෙකක එක වහනයක් අනිකට පහු කරද්දී හරිම ලඟින් පහු වෙන්නේ පාර පළල නැහැ කල්පනාවෙන් එලවන්න වෙනවා (අ)
සත්‍යා,අධිවේගී මාර්ගය කියලා කිව්වාට හැම වෙලාවේම හැමතැනම හැම කෙනෙක්ම 100 ක වේගයෙන් යා යුතුයි කියලා අදහස් වෙන්නේ නැහැ.වාහනයේ තත්ත්වය, රියදුරාගේ පළපුරුද්ද, විඩාබරකම, පාරේ වංගු සහ දේශගුණික තත්ත්වය ආදී කාරණා ගණනක් සළකා බලා ආරක්ෂාකාරී නම් 100 ක උපරිමයකට එළවීම තමා කළයුත්තේ. මම 110 ෆ්‍රී වේ එකේ 20 ටත් අඩුවෙන් ගිහින් තියනවා නරක දේශගුණික හේතු නිසා. එතකොට සෑම රියදුරෙක්ම ඒ තරම් අඩු වේගයෙන් අධිවේගී මාර්ගයේ යනවා. කිසිකෙනෙක් 110 ට යන්න දඟලන්නේ නැහැ. ඒකට කියන්නේ 'විනය" සහ "දැනුවත්කම " කියලා. ලංකාවේ රියදුරන්ට නැත්තෙත් ඒකමයි (නි)
කාර් එක දැක්කහම අනතුරේ තරම හිතාගන්න පුළුවන් (නි)
ඉක්මන් කොටයි කියන්නේ ඕක තමයි (ස)
හැම දෙනාටම ස්තුතියි. ඔය තියෙන්නේ මගේ කාර් එක. ඉන්දියන් එකක් නෙවේ. කියා ස්පෙක්ට්‍රා. මම ගියේ 70 ට. පිටුපසින් ආව මාළු ලොරියේ රියදුරාට නින්ද ගිහින්. මම මොනවා කරන්නද? අපිට තුවාල නැහැ (නදී)
ඉක්මන් කොටයි කියන්නේ ඕක තමයි (ස)
මේ කාර්යබහුල සමාජයේ මිනිස් ජීවිතත් අධිවේගී වෙලා (නි)
ඕකට අධිවේගී කියල නමක් දැම්මේ අහවල් දේකටද හයියෙන් යන්න බැරිනම්. අනික ඕක විවෘත කරලා කිව්වේ ජනතා අයිතියට පැවරුවා කියලනේ. ඉතින් ජනතාවත් තියල පාගනවා. (ස)
මාර්ග නීති හැම පුරවැසියාටම එකම ලෙස බලපාන්නේ නැති රටක මෙහෙම අනතුරු වෙන එක පුදුමයක් නෙමෙයි. බලපත් නැතුව රිය පදවා කහ ඉරේදී මිනිස්සු යටකර නිදහස් වෙන රටේ මිනිස්සු හැටට හැටේ රිය පදවන්නේ අපි ගියාම මොකද කියලා. මාර්ග නීති කඩකර අපරික්ෂාකාරිව රිය පැදවූ එක බලවතෙකුට නීතිය මගින් දඬුවම් ලැබුනා නම් තමාගේත් අනුන්ගේත් ජීවිත ගැන සැම රියදුරෙක්ම සිතනවා. (නි)
සෑම්, ලංකාවේ මාර්ග වල විනයක් සහ දැනුවත්කමක් කොහෙද? තියෙන්නේ බලපුලුවන්කාරකම පමණයි. (නි)
අනතුරක් යනු අනතුරකි. එහි සිදුවූයේ කුමක්දැයි අපි නොදනිමු (නි)
චන්දන, ඔබ එක වචනයෙන් ලංකාවේ බහුතරයක් රියදුරන්ගේ තත්ත්වය පැහැදිලි කරලා තිබෙනවා. (නි)
මේ පාරෙ මාත් ගොඩක් වෙලාවට යනව. කවුරු මොනව කිව්වත් මේ පාර පටු වැඩී. 100 උනත් යන්න මේක සුදුසු නෑ. වෙන රටවල් වල මේ වගේ පාරවල් වල ට්‍රැක් අතර ඉඩක් තියෙනව එහෙම තියෙන්නෙ එක දිශාවටම යන වාහන එකට ගැටෙන්න තියෙන ඉඩකඩ අඩු කරන්න. අනිත් එක අතරමගදි නවත්තන්න ත්තියෙන්නෙ එකම තැනයි. ඉතින් ලොකු වෙලාවක් එකම අවධානයෙන් එලවන්න ගියාම අනතුරු වෙන්න තියෙන ඉඩ වැඩියි. (ස).
ලංකාවේ හයි වේ යන අය සෞදි ගිය රියදුරු මහතකුගෙන් උපදෙස් ගන්න හයි වේ යන විදිය, ලෝකයේ හොදම හයි වේ තියෙන්න සෞදියේ . (ස)
බිමල් ඔබ හරි.මම දැකලා තියෙනවා සමහර වාහන සමග පෙර ගමන් රථ යනවා. එකේ එක්කෙනෙක් වීදුරුවෙන් මුළු ඇගම එලියට දාගෙන ඉදිරියෙන් එන වාහන අයින් කරනවා.ලෙඩෙක් ගෙනියන ඇම්බියුලන්ස් එහෙකටවත් නැහැ එහෙම හදිස්සියක්. අනිත් කාරණය, වාහනයේ ආරක්ෂක බද පටි නමැති දේවල්, ඔවුන්ට [පමණක්] අදාළ නොවීමත්ය. (ස)
මම අද එද්දි දැක්කා. හැපිලා තිබුනෙ නිල්පාට මරුටි කාර් එකක්. කාර්එකේ ආ අය ජීවකුන් අතර ඉන්න එකත් පුදුමයි. මේ ඉන්දියන් වාහන, මරුටි, ත්‍රීවීල් වගේ ලංකාවට ගෙන්වන අය දැන්වත් ඒ ගැන හිතන්න (නි)
නොසැළකිලිමත්කම තමයි බොහෝ අනතුරු වලට මුල (නි)
සත්‍යයා මේකට පාර පලි නෑනේ..විනයක් අවශ්‍යයි අධිවේගී මාර්ගයකදී...අනික පැයට කිලෝමීටර් 100 කියන්නේ අධි වේගයක් තමා..(දී)
තුවාලකරුවන්ට ඉක්මන් සුව ලැබේවා! (නි)
මරුටිද හොන්ඩාද කියන එක නෙමෙයිනේ දැන් ප්‍රශ්නය. පැදවූ කෙනා කවුද කියන එක (නි)
කාර් එක පේනකොටත් ඇඟ හිරි වැටෙනවා (නි)
ඉන්දියන් වාහන වල ආරක්ෂාව අඩුයි. ඩීසීඩී ගේ අදහසත් හරි. නිහාල් කියන එකත් හරි. විනයක් ඇතුව පදවන එකත් වියයුතුයි.අධික වේගයට හරියන වාහන තියනවා නම් මීට වඩා අනතුරු අඩුවේවි.හරිම දුකයි ලංකාවේ වෙන අනතුරු දකිනකොට (නි)