ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්නේ දී අනතුරකට ලක්ව නාගොඩ රෝහලට ඇතුළත් කරනු ලැබීය.
මන්ත්‍රීවරයාගේ රිය මැද වැටේ හැපීමෙන් අනතුර සිදු වූ බව අධිවේගී මාර්ග පොලිසිය කියයි.
ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්නේ දී අනතුරකට ලක්ව නාගොඩ රෝහලට ඇතුළත් කරනු ලැබීය.
මන්ත්‍රීවරයාගේ රිය මැද වැටේ හැපීමෙන් අනතුර සිදු වූ බව අධිවේගී මාර්ග පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරි මගේ ඉගිලෙන්නේ බලාගෙනයි.(දිල්)
අපේ මන්ත්‍රී තුමාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු.(දිල්)
මන්ත්‍රීතුමාට ඉක්මන් සුවය.(දිල්)
තෙරුවන් සරණයි. ඔබට ඉක්මන් සුවය.(දිල්)
මෙතුමා පාර්ලිමේන්තුවේ ඉන්නා උගත්,දක්ෂ වගේම වැදගත් විදියට කතා කරනා අයෙක්. එතුමාට ඉක්මන් සුවය පාර්ථනා කරමු. එසේම මෙම අධිවේගී මාර්ගයේ සීයට නෙමෙයි 80 ට වගේ ගියත් ආරක්‍ෂිත බව නං මදි. පාරේ හිටපු ගමන් තැනින් තැන බලු රංචු,මොනරු,කුරුල්ලන් ඉන්නවා. පැයට කිලෝමීටර් 80 ට 90 ට යනකොට එක් වරම වහනය ඉදිරියට බලුපැටවෙක් පැන්නම කලබල නොවන්නේ කවුද?(දිල්)
එකත්...... ආංඩුවේ වරදක් නොවේ නේද......හැමදේටම ආණ්ඩුවට දොස් කියන නිසයි ..එහෙම ඇහුවේ....එතුමාට ඉක්මන් සුවය. (අ)
මෙයාල මේකට බැන බැන මේකෙම යනවා.හොඳ වැඩේ. (අ)
වැට හදන්න කීයක් ගෙවන්න වෙයිද (නදී)
මෙතුමා අධිවේගී මාර්ග හැදුවට බැනපු කෙනෙක්ද නොදනී. කෙසේ වෙතත් ඉක්මන් සුවය ලැබේවා ! මින් පසුව අධිවේගී මගේ යනවිට සුදුසුකම් ඇති හොද විනීත රියදුරෙකු සමග යන්න. අපරාදේ වාහනය නේද, ජාතික ධනයනේ. සුවවී ගෙදර එනවිට වෙන වහනයක් ලැබෙනවා. ඔහොම යන් ජයවේවා ! (නදී)
හයිලෙවෙල් පාරේදී පන්නිපිටිය හරියෙන් යනකොට අපිට දැනුනා. ඔය දැන් බෙහෙත් ගන්න වෙලා තියෙන්නේ. (නදී)
මේ ගොල්ල මන්ත්රිතුමාලා හින්දා යන්නේ ඉගිලිලා, දන්නවා දඩ කොළ ලියන්න බැරි බව (නදී)
අපිට සේවය කරන්නනේ ඔච්චර ෆාස්ට් යන්නේ.....අනේ පව්. (නදී)
මොන මැද වැටක්ද මේ වාහනේ වැදිලා තියෙන්නේ වම් පැත්තේ ආරක්ෂක වැටේනේ (නදී)
ඔබ තුමාට ඉක්මන් සුවය පතමි. (අ)
මේ අනතුරු ගොඩක් වලකන්න පුළුවන් අර දඩ කොලය දීල අමාරුවේ වැටුණු පොලිස් නිලදාරීන් අපිට සිටියා නම්.කරුමෙට එම නිලදාරීන්ට අවංකව සේවය කිරීමට අවකාශ නැහැ (අ)
වාහන වලට වේගයක් තියනව නමුත් ප්‍රමිතියෙන් යුතුව පාරවල් තියනවනම් ඔහොම වෙන්නේ නැහැ රියැදුර වැඩේ දැනගන්නත් ඕනේ (අ)
ලංකාවේ අදි වේගී මාර්ගයේ අනතුරු අඩුයි. සෞදි රටේ මෙහෙම අනතුරක් උනොත් අඩු ගානේ වාහන දහයක් දොළහක් වත් එක දිගට අනතුරු වෙනවා. මොකද වාහන යන්නේ එක දිගට පෝලිමෙනේ. ඔය අනතුරු මොනවා කරලවත් නතර කරන්ට බැහැ. ඔය විදියේ අනතුරු වෙනවම තමා. (නදී)
දලදා සමිඳු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා (නදී)
ඔය අදිවේගී පාරවල් ගොඩක් අයට වඳුරට දැලිපිහිය ලැබුන වගෙයි. මන්ත්‍රීලගේ රියදුරෝ දැලිපිහිය ලැබුන සුපර් වඳුරෝ වගෙයි. ඔහොම ගිහිල්ල කවදා ඉගෙනගනියිද. (නදී)
ඔබට ඉක්මන් සුව! (අ)
ගම්පහට හිටිය හොඳම ගුණයහපත් මන්ත්‍රී තුමා!!! හිතට හරිම අමාරුයි හොරකම සහ මැරකම ඇත්තෙම නැ! පුදුම කණගාටුවක් දැනෙන්නේ ! හොද මිනිසුන්ටමයි නරක දේ වෙන්නේ! (අ)
එක දිගටම හැපෙනවා.ස්වභාව ධර්මයා කුපිතවෙන වැඩ කරන්න හොඳ නැහැ කියලා අපේ කිරි අම්මා ජීවතුන් අතරේ සිටියදී අපිට කියලා දුන්නා. අපි තවමත් ඒ වදන් වලට බයයි (නි)
දක්ෂිණ අධිවේගයේ වේගයෙන් ගිහිල්ලා මැත දොඩවපු කෙරුම්කාර දේශපාලකයිනුත් මේ තත්වයට වග කියන්න ඕනෑ. (නි)
සියයේ වේගෙට පරිස්සමෙන් එලවන්න බැරි රියදුරෝ මොකටද? (දිල්)