කටුනායක අදි වේගී මාර්ගයේ ත්‍රීරෝද රියක් ධාවනය කළ රියදුරෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ත්‍රීරෝද රිය දාවනය අදි වේගී මාර්ගයේ සපුරා තහනම් කර ඇත.
කටුනායක අදි වේගී මාර්ගයේ ත්‍රීරෝද රියක් ධාවනය කළ රියදුරෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ත්‍රීරෝද රිය දාවනය අදි වේගී මාර්ගයේ සපුරා තහනම් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රිවිල් වලින් කී දාහක් ජීවිතේ රැකගන්නවද? පවුල් කීයක් රැකෙනවද රැකියා කීයක් ඇතිවෙනවද ? අනික ඉන්දියාවට බැනල වැඩක් නැහැ. ඉන්දියාව බලෙන් ත්‍රිවිල් ලංකාවට දුන්නනේ නැහැ. ත්‍රීවිල් වලින් එන ආදායම කොහොමද ආණ්ඩුවට ....එහෙනම් ලම්බෝගිනි දාමු පාරට නේද (නදී)
ඇහැලියගොඩ ඉදලා කටුනායකට විනාඩි 20 න් යන්න බැහැ.(නදී)
එහෙම උනත් මම තවම අපේ වාහනේ අමතක කෙරුවේ නැහැ. රූපවතී මම තවම ශ්‍රී ලාංකිකයෙක් හොඳද .(නදී)
ප්‍රනීත් , ඔබ හරි. ඉස්සෙල්ලම වහන්ඩ ඕනේ අතුලුවෙච්ච සිදුර.(නදී)
අනේ රූපවතී නගෝ ඇයි ඔයා ඔය තරමි ත්‍රි විලර් එක්ක අමනාප කියන්න කෝ.(නදී)
පොඩි මිනිහගේ වාහනේට ඇයි අරියාදු? අධි වේගී මාර්ගයේ යන්න පුළුවන් සල්ලිකාරයන්ගේ වාහන වලට විතරද?(නදී)
චමත් ඔයා හරි අද ත්‍රීවීල් වලින් ජීවත් වෙන අය කොපමණ ඉන්නවද. ඔය ත්‍රී වීල් තහනම් කරන්න කියන අයගේ මොලේ අමාරුවක් තියෙනවා වගේ නේද චමත් (නදී)
රූපවතී නගා ත්‍රීවීල් එකෙන් යන කොට පොඩි ඇබැද්දියක් වෙලා මට කියන්න ලැජ්ජයි. ඒ නිසා ඒ නගා ත්‍රීවීල් එක්ක හරිම අමනාපයි.(නදී)
විකි,........ඩයසුයි, රුපවතියි,පෝසත් අයනේ,මොනවා කරන්නද ?ලම්බෝගිනියක් සද්දේ දා ගෙන ගියානම් රුපවතිට සැපට නින්ද යයි. ඔය ත්‍රිවිල් වලට බනින අය තමයි අපිටත් වැඩියෙන් එකේ යන්නේ....(නදී)
චමත් මල්ලි (ඉතාලිය) ..මෙහෙ ත්‍රීවිල් තිබුනා නම් බය නැතිව යනවා ..මොකද මේ මිනිසුන් වාහන පදවන්නේ ..හික්මීමෙන් ..මෙහෙ ත්‍රී විල් නැහැ කරුමෙට ...?මට මෙහෙ පොඩි වාහන කටුවක් තියනවා ...? (ස)
මෙවන් මානසික ලෙඩ්ඩුන්ට වෙනම රොහලක් ඉදිකළ යුතුයි. මෙම අධිවේගී මාර්ගය විවෘත කළ පසුදිනම මෙම මාර්ගයෙන් ගුවන් තොටුපලට පැමිණියෙමි. කෙතරම් ශ්‍රේෂ්ඨ වැඩක්ද ? විනාඩි විස්සකින් ඇහැලියගොඩින් කටුනායකට පැමිණිම අපට සිහිනයක්ව තිබුනි. මෙය සැබෑ ආශ්චර්යකි ! නමුත් මෙය ආශ්චර්යක් ලෙසම තබාගැනීම අපගේ වගකීමකි. (නි)
ඔසන් සලාම්, ඇහැලියගොඩිනුත් අධිවේගී මාර්ගයක් දාලාද? අපි ඒක දන්නේ නැහැනේ (නි)
අපේ ගෙදර අපේ තාත්තගෙ සහ මගේ මාමලා දෙන්නගේ රෝද තුනේ වාහනයට පින්සිද්ද වෙන්න මම අද එංගලන්තේ ඉන්නේ. රුපවති,ඩයස් පොඩ්ඩක් කාරුණික උනොත් නේද වටින්නේ.(නදී)
ත්‍රී රෝද රථ ලංකාවේම තහනම් කරන්ඩ ඕනෑ. ගුවන් තොටුපොල ප්‍රදේශය ඇතුලත කි.මී. 2ක් දුරට ත්‍රීරෝද රථ ඇතුළුවීම තහනම් කරන්න. (නි)
බී එම් ඩබ්ලිව් තියන අයටත් ත්‍රී වීල් ඕන වෙන වෙලාවල් තියනවා. නමුත් වැඩිපුරම වමට සිග්නල් දමා දකුණට හරවන්නේ ත්‍රී වීල්! කාර්මික දෝෂයක්ද දන්නේ නෑ. (දී)
අධිවේගී මාර්ගයට මිනිස්සුන්ට හොරෙන් වාහනයක් දාන්න බැහැනේ. දැන් පිවිසුම් දොරටුවෙන් අනවසර වාහන ඇතුළු කළේ කවුද කියලා බැලුවොත් තමයි සාධාරණ. (නි)
කොහොමද ඇතුළු වෙලා තියෙන්නේ? (නි)
චේ, නමේ හැටියටනම් ඔබ ඉන්න ඕනේ කිඋබාවේ , නැත්නම් රුසියාවේ ?ඒ උනාට එංගලන්තේ! මට කරකෙවෙනවා වගේ (දී)
හොඳ දඩයක් වැදුනාම හැදෙයි. "තල, උක්දඬු සහ මෝඩයන් ගුණ දෙන්නේ තලන තරමටයි." (නි)
මෙම රියදුරා අධිවේගී මාර්ගයට ඇතුල් වූයේ කෙසේද කියා සොයා බැලිය යුතුය. ඔහුට මෙසේ ඇතුළු වීමට ඉඩ ලැබීම ඔහුගේ මානසික රෝගයක් නිසා නොව නිලධාරීන්ගේ වරදකි. අනෙක ඇහැලියගොඩ සිට කටුනායකට විනාඩි 20න් ආපු වාහනය රාවනා රජු පාවිච්චි කළ දඩු මොනරයද දන්නෙ නැහැ. (නි)
ඩයස් මහත්තය නම් බී එම් ඩබ්ලව්'' හිමිකරුවෙක් වගේ .ඔයා කියන දේ කලොත් අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට යන්න වෙන්නේ පයින් තමයි (දී)
මොකට ආවද (දී)
අධිවේගී මාර්ග යනු පීඩිතම ජනතාව පාවිච්චි කරන වාහන ඉවත්කරන ලද මාර්ගයි.එම වාහන ඉවත් කරන්නේ නම් බොහෝ මාර්ගවල අධිවේගයෙන් ගිය හැකි ය..(දී)
කරන්න දෙයක් නැහැ වරද වරදමයි (දී)
මේ ඇත වරදක් ද
සිංහ එතුමාට පොඩි වැරදීමක් වෙලා එක පැලියගොඩ වෙන්න ඕනේ නිවැරදි කලානම් ප්‍රශ්නය අතනින් මෙතනින් දිග්ගස්සෙන්නේ නැහැ .නිහතමානී වෙන්න
මිනිස්සු මේ තරම් මෝඩද (දී)
ඩයස් රෝද තුනේ රථ තහනම් කරාම ඒ මිනිස්සුන්ගේ පවුල් වලට කන්න දෙන්නේ ඔයාගේ තාත්තද? මෝඩයෙක් වෙන්න එපා. ඒකම ජීවනෝපාය කරගත් මිනිස්සු ඕන තරම් ඉන්නවා.(නදී)
ලංකාවෙ ත්‍රීරෝද රථ තහනම් කරන්න ඔයා ජනාධිපතිද මේ ඩයස්(නදී)
වැරදීමකින් ඇහැලියගොඩ කියල ලියවෙලා තියෙන්නේ පෑලියගොඩට අපේ මිනිස්සු සියල්ලෙන් පරිපුර්ණ මිනිසුන් (නදී)
ලංකාවෙ දුප්පත් ම්නිස්සුට ඹයා කාර් අරන් දෙනවද?? ඈ ඩයස් මෝඩ අදහස් එපා හලෝ(නදී)
අප රටේ ඉන්න සමහර අය අවස්ථාවාදීව ප්‍රයෝජන ගන්න අය. මොන මාර්ගයේ වුනත් මාර්ග නීති හැකි හැම විටකම කඩලා තමන්ගේ ගමන කොහොම හරි යන්න බලන අය තමයි වැඩිහරියක් ඉන්නේ. අනුන් පිලිබඳ නොතකා හැමවිටම තමන් අධි වේගයෙන්ම පෙරට යාම, වස්තුව එකතු කර ගැනීම ආදිය පිලිබඳ තමයි හිතන්නේ. මේක හරිම කණගාටුදායක දෙයක්. (නදී)
දිනේෂ්ගේ මොළේ තරම හිතාගන්න පුළුවන් (නි)
පොඩි එකාගෙත් ආසාවනේ ඔන්න ඔහේ දඩේ ගෙවා ආපුදෙන්.(නදී)
ඕසන් සලම්ට ආදී වේගයෙන් වාහන පැදවීම් නිසා දඬුවමකට යටත් කල යුතුයි. . ඇහැලියගොඩ- කටුනායක අදිවේගය හිනෙන්ද? හැබැයි හීනයක්ද? (නදී)
ඕසන් සලාම් ඇහැලියගොඩද? පෑලියගොඩද? (නදී)
රූපවතී අක්කා දන්නේ නැහැ ත්‍රීවීලය දුප්පතාගේ වාහනය බව. ඒක එළවන්නෙත් දුප්පතෙක්. රූපවතී අක්කාට මුල අමතක වෙලා (නි)
ඇතුල් වෙන්න පුළුවන්. මුදල් අයකරන්නේ සීදුවෙදිනේ.(නදී)
තියෙන හැටියට 18 කණුවෙන් ඇතුළු වී මුදල් නොදී ගුවන්තොට ලගින් පිටවෙන්න පුළුවන්.(නදී)
''අධිවේගී මාර්ගයට ඇතුළුවූ පළමු ත්‍රීරෝද රථය''කියන හංවඩුව ඒ රියදුරුගේ පච්චයක් කෙටුවනම් හොඳයි . (නදී)
ඩයස්,ඇයි මේ ත්‍රිවිල් තහනම් කරන්න ඕන කියන්නේ.ඔයාට වාහනයක් තිබුනාට වාහන නැති දුප්පත් මිනිස්සු යන්නේ ත්‍රිවිල් එකේ.කටුනායක ගිහින් බලන්න කොච්චර අහිංසක දුප්පත් මිනිස්සු කි දෙනෙක් කටුනායක යන්නේ එන්නේ ත්‍රිවිල් වලද කියල. .... ඔය කියන ඔයත් හදිස්සියක් වුනාම යන්නේ ත්‍රිවිල් එකේනේ නේද?ඒ අයගේ වැරදි තියෙනවා ඒත් තහනම් කරන්න කියන එක වැරදියි . (නදී)
රූපවති,නමත් වෙනස් කරගත්තා නම් තමයි හොද.(ආර්.එලීසා බත් කියලා දාමු ) පව් දෙයියනේ! මට නම් දුකේ බැහැ, ත්‍රිවිල් එකක ගිහිනුත් නැතිලුනේ. එංගලන්තේ ඔයා මොකේද යන්නේ? (නි)
එන්ජින් ධාරිතාව සී. සී 150 ට වැඩියෙන් තියනවනම් ඕනෑම අදිවේගී මාර්ගයක ඕනෑම වාහනයකට ඇතුළු උනහැකි යුරෝපයේ නීතිය ඒකයි. ලංකාව ඉතින් ආදි සංවර්දිත රටක්නේ? (නදී)
අපේ ගෙදර හරියටම තිබුනේ අප්පච්චිගේ පුස් බයිසිකලය පමණයි ..? අද මමත් රැකියාවක් කරලා පඩියක් ලබන්නේ ඉංග්ලන්ඩ් වලින් ...? එත් ත්‍රී විල් එකක ගියොත් නැවත ගෙදර එනවා නම් ගොඩාක් දුරට බොරුයි ..මැරෙන තරමක් ත්‍රී විල්වල ගිහින්ම තමා මරුනේ සහ කකුල් කඩා ගත්තේ ...?අසුව දශකයේ ත්‍රී විල් කළා තුරකින් ගෙදරක තිබුනේ ..මේ වගේ මිනිසුන් විනාශ උනේ නැහැ ඒවගෙන් ..අද එදාට වෙනස් ..? නොහික් මුණ මිනිසුන් අතට පත්වෙලා නිසා ..මැරෙනවා වැඩී..අසරණයෝ ...? මමනම් කවදාවත් ගිහින් නැහැ ..යන්නෙත් නැහැ ...?ඒ කේ සද්දේ ...කන්දෙක පලාගන්න මට බැහැ...?(නදී)
තීවීල් රථයට එහෙම කතා කියන්න එපා එම රියැදුරා කෙරුවේ වරදක් උනත් හැමෝම දැනගන්න ඕන ඒ පුංචි වාහනෙන් අද රටේ කි දෙනෙක් ජීවත් වෙනවද කියලා. අපි අපේ අතෙතය ගැනත් ටිකක් හිතමු එයා කල වරදට දඩ කොලයක් දෙමු. (නදී)
ඇත්තටම ..මේ අපේ රටේ තියන ත්‍රී විල් ටික ආපසු ඉන්දියාවටම දීල මුදල්ටික ආපසු ගන්න හැකිනම් ..රටට කරන ලොකූ සේවයක් ..? අපිට ගෙයක් ඇතුලෙවත් කනක් ඇහිලා නිදහසේ ඉන්න පුළුවන් ..පරිසරය වගේම ජීවිතටිකත් සුරක්ෂා වෙනවා ...? (නදී)
රජිත් ඉතාලි රංජි හිතන් ඉන්නේ ලංකාව තියෙන්නේ යුරෝපයේ කියලද? 150සීසී අධිවේගී පාරක දුවන්න දෙන්න?(නදී)
පෑලියගොඩට ඇහැලියගොඩ කියල ලියන අයත් ඒක නොතේරෙන අයත් මෙතෙන ඉන්නවා. (නදී)
සාමාන්යෙන් අධි වේගී මාර්ගයට වාහනයක් ඇතුල් කිරීමට පෙර ටිකට් පතක් ගැනීම අවශ්‍ය වේ , එමෙන්ම ඇතුල්වීම බාදා කර පොල්ලක් වැනි දෙයකින් ආරක්ෂා කර තිබේ . කොහොමද මේ ත්‍රි විල් කරු මෙයට ඇතුල් වුනේ ? මේක ලොකු ප්‍රශ්නයක් (නදී)
ත්‍රී රෝද රථය අනාරක්ෂිත වාහනයක්. වහාම ප්‍රධාන මාවත් වලින් ඉවත් කල යුතුයි. රියදුරාගේ සහ මගීන් ගේ ජීවිත අනතුරේ හෙලන ත්‍රී රෝද රථය ලාබ උනාට අනතුරු දායකයි. එකයි ඇත්ත. (නදී)
රුසියාවේද එංගලන්තේද කියලා වැඩක් නැහැ කොහේ හිටියත් අසදාරණයට විරුද්ධ නම් ඔහු නියම මනුස්සයෙක් සහ විප්ප්ලවවාදියෙක් ඒක චේගේ ඉගැන්වීම (දී)