දක්ෂිණ අධිවේගී මාර්ගයේ තැනින් තැන වතුර පිරීමත්, රාත්‍රී කාලයේ දී පාර නොපෙනීමත් නිසා රිය ධාවනය අනතුරුදායක බව රියැදුරෝ කියති.
මාර්ගයේ බොහෝ ස්ථානයන්හි දැඩි අඳුරක් පවතින බවත්, සේවා මධ්‍යස්ථානයේ පිහිටා ඇති වැසිකිලි පද්ධතියද දැඩි අපිහිරිදු තත්ත්වයක පවතින බවත් ඔවුහු පවසති.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් මාර්ගය ආසන්නයේ හැරෙන්නට රාත්‍රී කාලයේ අන් සියලු ස්ථාන දැඩි අඳුරේ පැවතියත් ප්‍රතිවිරුද්ධ දිශාවේ සිට පැමිණෙන බස්, ලොරි හා කන්ටේනර වලින් නිකුත් වන සැර ආලෝක ධාරා වෑන්, කාර් පදවන්නන් දැඩි අසීරුතාවයට පත්වීම නිසා අනතුරු වීමේ ඉඩ වැඩි බව ද රියදුරෝ කියති.
ඒ බව කියන අය අතර වෛද්‍යවරු, ඉන්ජිනේරුවරු, නීතීඥවරු සහ ව්‍යාපාරිකයෝ ද වෙති.
කිලෝමීටර විස්ස, විසිපහ, පනහ, හැට, හැට පහ ඇතුළු අධිවේගී මාර්ගයේ ස්ථාන කිහිපයක මාර්ගයේ වතුර රැඳෙන ස්ථාන පවතින නිසා එම ස්ථානවල අනතුරු බහුලව සිදුවන බව අධිවේගී මාර්ග නිලධාරියෙක් කීවේය.
කළු ගඟ හරහා ඉදි කර ඇති පාලම (ගාල්ල දෙසට) අඟල් කිහිපයක් ගිලා බැස ඇති නිසා කොළඹ සිට ගාල්ල දෙසට යන කුඩා වාහන රියදුරන් හිටි ගමන් වළකට වැටී යළි ගොඩ එන තත්ත්වයක් මේ මාර්ගයේ ඇති බව ද බොහෝ දෙනෙක් කියති.
මාර්ගයේ ගැටළු ගැන අධිවේගී මාර්ග අධ්‍යක්ෂ (මෙහෙයුම්, නඩත්තු) එස් ඕපනායක මහතා මෙසේ කියයි.
‘මෙම මර්ගයේ වතුර රැඳෙන ස්ථාන හා අනෙකුත් අඩුපාඩු ඇති ස්ථාන හඳුනාගෙන තිබෙනවා. එම ගැටළු කොන්ත්‍රාත් සමාගමේ අවධානයට යොමු කර තිබෙනවා. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවට වියදම් කරන සල්ලි වලින් කී දෙනෙකුට නොමිලේ කන්න දෙන්න තිබ්බද?.(ම)
රොහාන් ඔය පාරට වියදම් කරලා තියෙන්නේ රටේ ජනතාව බදු ගෙවන මුදල්. ණයට ගත්තත් ඒවා ගෙවන්න වෙන්නේ අපේ බදු මුදල් වලින්. දැන් ඔය කියන විදියට ජනතා බදු මුදල් වලින් නිකන් කන්න දෙන්න කියලද කියන්නේ? (බ)
ඔය විද්‍යා වරු ඉංජිනේරුවන් නීතිඥ වරු ව්‍යාපාරිකයෝ කියල දාල තියෙන්නේ වැඩේ බරපතලකම පෙන්නන්න වෙන්න ඇති. නමුත් ඒ කට්ටිය කවුරු වුනත් මහාමාර්ග ඉංජිනේරුවරු ඔයගැන යමක් කියල නැතිනම් අනිත් සැමෝම සාමාන්‍ය රියදුරන් විතරයි.පාර හදන හැටි දත් දොස්තරට වැඩ මහාමාර්ග කම්කරුවෝ දන්නවා. (බ)
වෛද්‍යවරු , ඉංජිනේරුවෝ, නීතිඥයෝ, ව්‍යාපාරිකයෝ කිව්වා කියන දේවල් මෙතනට අදාළ නැහැ . මෙතනට වැදගත් වෙන්නේ ""රියදුරන්ගේ "" අදහසුයි . වාහන පදවන අය රියදුරන් හැටියට සමානව නොසලකා ඔවුන්ගේ වෘත්තියන් මේකට ගාවා ගැනීම ලංකාව වගේ තුන්වැනි ලෝකයේ රටවල තියන බරපතල වරදක් . රියදුරන්ගේ විනයක් නැති වීමටත් මේක එක හේතුවක් (ම)
මමත් දොස්තර කෙනෙක්.නමුත් සැම හරි. පාරේ දි ඔක්කොම රියදුරෝ (ම)
රොහාන් ඔයා ඉන්න කැලෙන් එලියට එන්න. එළියේ මිට වඩා දියුණු ලෝකයක් තියෙන්නේ. එහේ කන්නත් තියෙනවා. බය වෙන්න එපා. මැටි ඔලු. (නදී)
රොහාන්ට කන්න තිබුනානම් ඇති. රටක දියුණුව කෑම විතරක් නෙමේ (නදී)
මහා ලොකු ආදායමක් ලබනවා කියනවානේ ඔය අධිවේගෙන්. ඔය මෙහෙයුම් අධ්‍යක්ෂකට බැරිද කළුවර තැන් හදුනා ගත්තා නම් ආලෝකමත් කරන්න පියවර ගන්න වටේ යන්නේ නැතුව. (නදී)
ඇත්තටම ඔයා පොඩ්ඩක් පිට රටකට ගිහින් බලන්න, කොච්චර දියුණු මාර්ගද තියෙන්නේ කියලා. ලැජ්ජා වෙන්න ඕන අපේ රටේ මෝඩ මිනිස්සුන්ගේ අදහස් ගැන. ඕව නාස්තියක් කියල හිතන පැය ගණන් පාරේ රස්තියාදු වේවි රට දැන් අාපස්සටනේ යන්නේ. (නදී)