දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම පිටවීමේ දොරටුව අසල අද උදේ රථවාහන තදබදයක් ඇති වූ බව පොලිසිය කියයි.
මීටර් 300ක් පමණ දුරට වාහන පොලිසිම තිබෙනු දක්නට ලැබිණි.
අධිවේගී මාර්ග නඩත්තු හා මහෙයුම් අධ්‍යක්ෂ එස් ඕපනායක මහතා පැවසුවේ සුළු වේලාවක් තුළ වැඩි වාහන සංඛ්‍යාවක් අධිවේගී මාර්ගයට ඇතුළු වූ නිසා මේ තත්ත්වය හටගත් බවයි.
![140420162174[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/1404201621741.gif)
![140420162175[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/1404201621751.gif)
![140420162176[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/1404201621761.gif)
![140420162177[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/04/1404201621771.gif)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොළය කල්පනා කරනවා නම්, මෙහෙම පෝලිම් හැදෙන්නේ නැහැ (නි)
“මේ පාර වාහන යන පාරක් නොවෙයි, අනවශ්‍ය වියදමක්. බොරු සංවර්ධන මායාවක්“ මේ එදා රතු අලින් සහ කොළ අලින් කිවුව හැටි. (නි)
සමහර අය පහුගිය ජනාධිපතිට බැන බැන මේක හරියට හදලා නැහැ කිය කියා මේකෙම යනවා. අනේ මන්දා මෙහෙමත් මිනිස්සු ඉන්න රටක් දියුණු කරන්න පුලුවන්ද? ඔක්කොටම කලින් ඔලු ටික හදන්න ඕනෑ මිනිසුන්ගේ... (නි)
යහපාලනේට ඡන්දෙ දීපු අයත් මේකෙ යනවා ඇති නේද? (නි)
එන්නකෝ කිරිබත්ගොඩට. සෑහෙන පෝලිමක් තිබුනා (නි)
මේ මාර්ගය කතරගමටම වෙනතුරු හැදුවා නම් ගොඩක් වටිනවා. (නි)
මේ ආදායම ලංකාවට ලැබුණා නම් ඉතින් හොඳයි. මේ ආදායම ලැබෙන්නේ චීනෙටනේ. (නි)
ඇත්ත කතාව මේ සල්ලි යන්නේ චීනෙටනේ. ණය ගෙවල ඉවර වෙනකොට පාර මේ තත්වෙන්ම තිබුනොත් හොඳයි. (නි)
තමාට පෙර රට ගැන හිතන නායකයන් රටට අවාසිය (ම)
අනේ ඉතින් ඕවා හදනකොට නම් සමහරු කිවුවේ ඕවායේ යන්නෙත් නැහැ කියලා (නි)
සෙනඟ වැඩි දවස්වලට ඇතුළු වෙනකොටම සල්ලි අරන් විශේෂ ටිකට් එකක් දුන්නා නම් පිටවෙන තැන පෝලිමක් හැදෙන්නේ නැහැ. (නි)
දැන් මේවායේ යන අයට අධිවේගය හොඳයිද දන්නෙ නැහැ (නි)
මේවා අර රතු අලියට පෙනෙන්නේ නැතුව ඇති. දැන් හිතාගන්න පුලුවන්ද ආදායම මොනවගේ වෙන්න ඇද්ද කියලා? අද මහින්ද හිටියා නම් කතරගමටම යනවා හයිවේ එකේ. තවත් ආදායම වැඩි කරගන්න තිබුනා. (නි)
පිටවීමේ දොරටු එකයිනේ තියෙන්නේ. අනික කාර්ඩ් එකට (පෙර ගෙව්ම් සේවයට)නේ (නි)
සුපිරි මඟේ ප්‍රයෝජනය දැන් තමයි තේරෙන්නේ (නි)
මොනවා වුණත් මේ ගිය විදිහට ගියා නම්, දැන් නුවර පාරත් බාගෙට හදලා, කතරගමටත් පැය තුනෙන් යනවා. මොනවා කරන්නද රටේ බහුතරය විමර්ශනයකින් තොරව පාවිච්චි කරන ඡන්දය නිසා රටම ආපස්සට ඇදෙනවා. අනෙක් රටවල් දියුණු වෙද්දී අපි තාම එකතැන පල්වෙන්නේ මේ අවිචාරවත් බව සහ බොරු කෙප්ප වලට රැවටීම නිසයි (නි)
ෆර්හාන් සහ අතුල කියන දෙන්නා ළිඳේ ඉන්න මැඩියෝ දෙන්නෙක්. දියුණු රටවලත් මේ වගේ පාරවල් තියනවා, පුද්ගලික ආයතන වලට අයිති. අපිට කරන්න බැරි දේවල් වෙන කෙනෙක් හරි ඇවිල්ලා කරනවා නම් කොපමණ හොඳද? (නි)