දක්ෂිණ අධිවේගී මාර්ගයේ හා කොළඹ පිටත වටරවුම් මාර්ගය ද කටුනායක අධිවේගී මාර්ගයේ ද පනවා ඇති වේග සීමාව ඉක්මවා වාහන ධාවනය කරන රියදුරනට පිටවීම් කවුළුවේ දී දඩ කොළය නිකුත් කැරෙන බව අධිවේගී මාර්ග නඩත්තු අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා පවසයි.
රියදුරා කුමන පිටවුමකින් එළියට ගියත් වාහනයේ අංකය හා ඡායාරූපය ද සහිතව වේග සීමාව ද ඇතුළත් වාර්තාවක් නිකුත් කරන බවද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ වැඩක්. සාමාන්‍ය පාරවල් වල දැන් 70 වේග සීමා දානවා කියලා දැනගන්න ලැබුන. ඒවා බස් වලටත් අදාළ වෙනවා නම් තමා හොඳ. වේග සීමාව ඇතුළු සියලුම නීති නිසිපරිදි සියලු දෙනාටම අදාළ වෙනවා නම් හොඳයි (නි)
ලංකාව කියන්නේ පොඩි රටක්. 100 ක වේගයෙන් ගියාම හොඳටම ඇති. අරාබියේ 140 ගියාට කමක් නැහැ. අපිට තෙල් සල්ලි නැහැනේ. අපි ණයට අරන් තමා මේවා හදන්නේ. (නි)
වේගය වෙන්න ඕනෑ රියදුරාට වාහනය පාලනය කළහැකි වේගයයි. ඊට අමතරව යන්න නුසුදුසු වාහන එහි යනවද. මුලදී නම් කිව්වේ සුදුසු වාහන විතරයි ඇතුළත් කරන්න දෙන්නේ කියලා. (නි)
සාමාන්‍ය පාරවල් වල දැන් 70 වේග සීමා දානවා නම් බොහොම හොඳයි. මොන වේගෙන් ආවත් නුවර සිට කොළඹට එන්න පැය 4ක් ගතවෙනවා. ඔය ඔක්කොම ඉවරයි 40 වේගෙට යන ත්‍රී වීලරයක් ඉස්සරහින් ගියොත් (නි)
ඉතා හොඳ වැඩක්. රියදුරෝ සෙල්ලම් දාල අනතුරු කර ගත්තම කියන්නේ පාර හදල තියෙන හැටි හරි නැහැ කියල. (බ)
මම නම් කියන්නේ අඩුම වේගයටත් දඩයක් ඕන. එ්කටත් වේග සීමාවක් ඕන. (බ)
වේග සිමාව තහවුරු කරන්නේ කොහොමද? පොලිසියට කැමති ගානක් දාලා එවන්න පුළුවන් නේද? (නි)
චානක ඔබ හරි (බ)
ඒක හොඳයි (නි)
බමුණුසිංහ, අරාබි රටක 140 ට ගියා කියලා අපේ රට හෙළාදකින එක හරි නැහැ නේද? අරාබි රටවල 140 ට නෙමෙයි 180 ටත් යනවා සමහර රියදුරු මහත්වරු. (නි)
එහෙනම් පොලිස් මහතුන් වාහනවලට ස්පීඩ් මීටර අල්ලගෙන ඉන්න එක දැන්වත් නවත්වනවද? (නි)
මුදල් ගෙවුවිට ලැබෙන ලදුපතේ වාහනය ගිය වේගය සටන් වනවිට මම හිතුවා මේ දේ වෙයි කියලා. පිටරටදී 140ට ගිය අපිට 100 යත් වේගයක්ද? අරාබි රටවල මීටවැඩිය හොඳ පාරවල යන්නේ අයකිරීමක් නොමැතිවයි. (නි)
ඇඟට දැනෙන දඩයක් ගහන්න ඕනෑ. හතලිහට පනහට ගිය අයට දැන් සීයත් මදිවෙලා තියෙන්නේ. (නි)
බලමු මේකෙන්වත් අනතුරු අඩුවෙයිද කියලා (නි)
පාර නම් ඉඩ මදි තමයි දහම්. සමහවිට අපේ රටේ මේ අත්දැකීම තියෙන්නේ මෙතන විතරක් හින්දා වෙන්න ඇති මෙහෙම වේගෙන් යන්නේ. නමුත් මේ කිලෝමීටර් 100 ට යන අය හිතන්න ඕනෑ දෙයක් තමයි මේ වේගේදී වාහනය ආසන්න වශයෙන් එක තත්පරයකට මීටර හයක් විතර යනවා. ඔය පාරේ ආරක්ෂක වැට සහ මාර්ගය අත්තර ඉඩ මීටර 10ක්වත් නැහැ. ඉතින් හදිසියකදී නවතින්නේ වැටේ තමයි. මම දැක තියනවා සමහරු 120-140 ටත් යනවා. එයාලට දෙවි පිහිටයි (නි)