දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කළ වෑන් රියක් 23.1 කිලෝමීටර කණුව අසළදී අනතුරකට පත්වීමෙන් වයස අවුරුදු එක හමාරක දැරියක මියගොස්, පස් දෙනකු නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි ද වෑන් රියේ නව දෙනකු ගමන් කරන්නට ඇතැයි සැක කරන බව ද පොලිසිය කියයි.
3
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කළ වෑන් රියක් 23.1 කිලෝමීටර කණුව අසළදී අනතුරකට පත්වීමෙන් වයස අවුරුදු එක හමාරක දැරියක මියගොස්, පස් දෙනකු නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි ද වෑන් රියේ නව දෙනකු ගමන් කරන්නට ඇතැයි සැක කරන බව ද පොලිසිය කියයි.
3
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ආවෙ මේ වාහනයට වාහන 5ක් පසුපසින්' මම තමයි 1969 හදිසි ඇමතුමට කතා කරලා ඇම්බියුලන්ස් ගෙන්නුවේ. විනාඩි 10ක් යන්න කලින් ඒවා ඇක්සිඩන්ට් එක වුණ ස්ථානයට පැමිණිලා තුවලකරුවන් අරගෙන ගියා. නමුත් අර පොඩි දරුවා ඒ වෙනකොටත් මැරිලා වගේ.සිය පවුලත් එක්ක යනකොට රියදුරා(පියා)කල්පනාකාරි වෙන්න ඕනෑ.තනිකරම රියදුරාගෙ වැරැද්ද. (නි)
මෙය මාර්ගයේ දෝෂක් නෙමෙයි. වතුර තියෙන විට වේගය නිසා ටයරය වටා බැඳෙන ජාල පටලය ඉවත් වීමට කාලයක් ලැබෙන්නේ නැහැ. එම නිසා එය හරියට ජලය මත ලිස්සා යන වාහනය වගේ ගමන් කරනවා. එම නිසා පාලනක් නැතුව යනවා... (ස)
ඇත්තෙන්ම දෝෂය තිබෙන්නේ අධිවේගී මාර්ගයේ නෙමේ. නියම දෝෂය තිබෙන්නේ වාහනයේ හා පදවන රියදුරාගේ. ලංකාවේ වාහන හිමිකරුවන් වාහනයේ ටයර් ගැන කිසිඳු සැලකිල්ලක් නැහැ. කලක් පාවිච්චි කල නවීන වාහන වල උනත් තියෙන්නේ ගෙවී ගිය ටයර්. ඒ නිසා විශේෂයෙන් පොද වැහි පවතින අවස්ථාවක හා හදිසි තිරිංග තද කිරීමකදී වාහනය ලිස්සා යන ප්‍රවනතාවය වැඩියි. මෙහිදී රියදුරාට වාහනය පාලනය කර ගැනීමට නොහැකිවීම අරුමයක් නොවේ. දුම් පරික්ෂාව මෙන්ම වාහනයේ ටයර් ද පරීක්ෂාවට ලක්කිරීමට කිසියම් කඩිනම් වැඩපිළිවෙලක් යොදනවා නම් එය මාර්ග අනතුරු අවම කර ගැනීමට මහත් පිටුවහලක් වනු ඇත. අධිවේගී මාර්ගයට පමණක් නොව අලුතින් ඉදිකර ඇති අනෙක් මාර්ග වල සිදුවන අනතුරු වලටත් මෙය අදාලයි. (ස)
මීටෙර් එකේ 0 ට තියල පාවිච්චි කරපු වාහන තමයි ගොඩක් ලංකාවේ තියෙන්නේ.(නදී)
අදිවේගී මග හරිම භයානකයි. පාර තෙත සහිත වෙලාවන් හිදී කුමක් හෝ හේතුවක් නිසා පාර අදික ලෙස ලිස්සනවා. ඒ පිලිබදව සියලු දෙනා දැනුවත් කළ යුතුයි. ගෙවී ගිය ටයර් සහිත වාහන දාවනයට ඉඩ දිය යුතු නැහැ.(නදී)
සමහරු අධිවේගී මාර්ගය අවසාන ගමන යන මාර්ගය කරගෙන. බීමත්කමත්, පළපුරුද්ද අඩුකමත්, වාහනයේ අඩුපාඩුකම්, රියදුරාගේ නොසැළකිළිමත්කම... කුමක් හෝ වේවා මෙම රියදුරන් සමග ගමන් ගන්න අයටද අවසාන ගමන ගෙනදේ (නි)
සාමාන්‍ය පාරක හරියට යන්න දන්නේ නැති මිනුස්සු පිස්සෝ වගේ අදි වේගෙන් යන්න ගිහින් නිකන් මිනිස්සු මරනවා. මොන පාරේ ගියත් වාහනේ තත්වේ හොඳ නැත්නම් අනතුරු තමියි.(නදී)
මෙම මාර්ගයට අධිවේගී නම වෙනුවට වෙනත් නමක් භාවිතා කිරීමෙන් මගීන්ගේ අධි වේගයෙන් යන මානසිකත්වය වෙනස් වෙනවා.අධි යන වචනය සිංහල භාෂාවේ භාවිත කරන්නේ ප්‍රමාණය ඉක්මවූ යන අදහස දෙන්න නේ. (නි)
මම දවසක් 14 ශ්‍රී කාර් එකක් දැක්කා හයිවේ එකේ..... (ස)
භාතිය ඔබ හරි හයි වේ යන වචනය සිංහලයට පරිවර්තනය කිරීමේ දෝෂයක් තියෙනවා. අබය ඔබටත් මට වගේම හරි දුක ඇති අර චූටි බබා ගැන. වාහනයක් ලැබුණා වේගෙන් යන්න පුළුවන් පාරක්/ අවස්ථාවක් ලැබුණා කියලා මෙහෙම යනවද පව් අර චූටි කෙලී. (ස)
.බල්ලොත් ඉන්නවනෙ හයිවේ එකේ. අනතුරු වෙන එක අහන්නත් දෙයක්ද? (අ)
අර ෆොටෝ එකේ ඉන්න බල්ලා දන්නවා සිද්ධ වුනු දේ.පාර අනාරක්ෂිත බව ඔප්පු වෙනවා. (ස)
මේ බල්ලා නිසාම අනතුර සිදු වුනාද කියන්නත් බැහැ. (ස)
පිටිගල මිලානෝ, ඔබ කියන දේ වරදියි. පොඩ්ඩක් ලංකාවේ පාරක ඇවිද බලන්න. තියෙන තරමක් තියෙන්නේ ගොඩක් අලුත් වාහන. පෙර්මිට් වලට ගේන්නෙත් අලුත්ම වාහන. මෙයින් බාහිරව අලුත්ම වාහනත් ධාවන දුර 0 කියලා බදු වලින් බේරෙන්න පාවිච්චි කල ඒවා කියලා ගෙනෙනවා. අනිත් එක දැන් ලංකාවට ගෙන්න අවසර දෙන්නේ ඉතා අඩු වසර ගණනක් පිටරට පාවිච්චි කල වාහන පමනයි. (ස)
අනුරුද්ධ රත්නායක, ෆොටෝ එකක් බැලුවත් පෙනෙන්නේ ඔයාගේ ජාතියේ කට්ටිය නේද? (ස)
මේ වගේ ලදරන් මාර්ගයට ඇතුල් කරන්න දෙන්න හොඳ ද ? (ස)
අධිවේගී මගේ පුදුම විදියට අනතුරු වෙන්නේ. ඇයි මේ මිනිස්සු මේ තරම් වේගෙන් යන්නේ. අපි කව්රුත් හිමිහිට යමු. එතකොට ඔය වේගේ ඛේදවාචචක වෙන්නේ නැහැ (නි)
අධිවේගී මාර්ගයට විරුද්ධ අය ගොඩක් ඉන්නවා. ලංකාවේ අනිත් මාර්ග වල දවසකට කී දෙනෙක් මැරෙනවද??? මේ මාර්ගය ආරම්භ කළ දවසේ පටන් කී දෙනෙක් මැරිලා තියෙනවද? අනිත් මාර්ගවල කීදෙනෙක් මැරිලා තියෙනවද? සංඛ්‍යාලේඛන අරගෙන බලන්න. (නි)
පද්මිණි, බල්ලෙක්ද අයාලේ යන බැල්ලියෙක්ද නම් දන්නේ නැහැ ඔය ෆොටෝ එකේ ඉන්නේ. හැබැයි ඔය අධිවේගී මාර්ගයේ ගත්තු ෆොටෝ එකක් නෙමෙයි. මම හිතන්නේ ඔය හුවමාරු මධ්‍යස්ථානය අසල ගත්තු එකක්. මොකද මමත් ඔය අධිවේගේ ගිහින් තියෙනවා. බල්ලෝ නම් දැකලා නැහැ. (ස)
අනේ මිහිර ,,, මොලේ නැතුව වගේ කියවන්න එපා. හිමින් යන්න නම් අධිවේගී මාර්ග මොකටද ? (ස)
මේ වාහනය අවුරුදු 20 විතර පැරණියි. අවුරුදු 20 වඩා පැරණි බස් , ලොරි වැනි බර වාහන මෙම මාර්ගයේ යාහැකි වේගය 80ට සීමා කරන්න. එතකොට අනතුරු අඩු වේවි (නි)
මිය ගිය දරුවාට නිවන් සුව පතමි (නි)
කරුණාකර අධිවේගී මගට දොස් කියන්න එපා. කොළඹ ගාල්ල එක් කළ අපේ කාලයේ සේද මාවත තමයි මේ. පරෙස්සමෙන් ගියොත් කිසිම අනතුරක් නැහැ. මම මේ පාරේ දැනට 25 වතාවකට වැඩිය ගිගින් තියෙනවා. ඒ හැම වතාවකම 100ට තමයි ධාවනය කළේ (නි)
පළවෙනි පින්තූරයේ බල්ලෙක් ඉන්නවා නේද?(නදී)
අපේ රටේ ප්‍රයෝජනයට හෝ සෝබනේට හෝ ලොකුකම පෙන්නන්න වැඩියම ඇත්තේ පිටරට වල 'පට්ට ගහපු' වාහනයි. මේවා අධිවේගී මාර්ගයක යන විට අවුරුදු පතා තත්ත්ව පරීක්ෂණයකට යටත්ව ගත් සහතිකයක් පෙන්වීම අනිවාර්ය කරන්න. (නි)
පිටිගල, අපේ රටේ සහතික 100%ක් පිළිගත හැකිද? (නි)
අධිවේගී මාර්ගය සිමා කර ඇති වේගයට වඩා වේගයෙන් රිය පැදවීමත් බීමත්කමත් රථයේ කාර්මික තත්වයත් රියදුරුගේ පළපුරුදුකම මත තමා රිය අනතුරු සිදු වන්නේ (නි)
ලංකාවේ හයි වේ තියෙන එක කොච්චර හොඳඳ. පරිස්සමෙන් යා යුතුයි. ඒ බබාට අල්ලාහ් දෙවියන්ගේ නාමයන් පිර්ත් තැන. (ස)
මංජුල, ඔය ඉන්නෙ බැල්ලික් නම් නෙවේ. මොකද එහෙම නම් දඩාවතේ යන වල් බල්ලෝ දහ පහළොස් දෙනෙක්වත් වටේට ඉන්නවා. (ස)
එක දිනක් වාහන ගමන නවතා, සර්ව රාත්‍රික පිරිතක් කියා, ඔය අධිවේගී මඟේ දොස් ඇරිය යුතුය. (ස)
මාගේ අදහස නම් දියුණු රටවල මෙන් ස්ථීර වේග කැමරා සහ වැසි සහිත අයහපත් කාලගුණ අවස්ථා වලදී වේගය සීමා කරන වේග සීමා පුවරු මෙම අධිවේග මාර්ගයේ සවි කළ හැක. වේගය ඉක්මවා යන වාහනවල පින්තුරය, ධාවනයවූ වේගය, වෙලාව හා ස්ථානය එහි සටහන් වේ. යම් වාහනයක පින්තුරයක් මෙම කැමරා වල සටහන් වුවහොත් මෝටර්රථ කොමසාරිස් කාර්යාලයට හෝ පොලිසියට එම ඡායාරූපය හා දඩ කොළය වාහනය හිමිකරුට ලියාපදිංචි තැපෑලෙන් යැවිය හැකිය. ඒ අවස්ථාවේ වාහනය පැදවූයේ වෙනත් රියදුරෙක් නම්, වාහන හිමිකරුට එම රියදුරාගේ නම සහ රියදුරු බලපත් අංකය දඩ කොලයට ඇතුලත් කළ හැකිය. මෙම කැමරා පද්ධතියක් සවි කිරීමට යන වියදම විශාලය.නමුත් මේ නිසා වන යහපත බොහෝය.රියදුරන් දඩ මුදල් ගෙවීමට සිදු වන නිසා වේග සිමාව ඉක්මවා යාමට බිය වේ.නිකරුනේ නැතිවෙන ජීවිත හානි හා මාර්ග අනතුරු අවම වේ. (නි)
රියැදුරා කියන තැනැත්තා මෙන්ම එම වාහනයේ ගමන් කරන අයත් දැනගත යුතුයි තමා පදවන,ගමන් කරන වාහනයේ වේගය පාලනය කරගන්න.නැට්ට කැපූ හෝ බීපු සතුන් මෙන් රිය පදවන අමනයන් නිසා තමා මෙවැනි අනතුරු සිදුවන්නේ.මරණයට පත් පොඩි දරුවන් ගැනයි කණගාටු..මැරෙන්න හෝ සදහටම විදවන්න අතක් පයක් කැඩෙන්න තිබුනේ රියදුරාගේ.මම මෙහෙම අදහස් දක්වන්නේ සේවය කළ බස් රියදුරෙක් වශයෙන්. ලංකාවේ සේවය කරද්දී මෙවැනි අනතුරු සිදු කළ අමන රියදුරන්ට උපරිමයෙන් දඬුවම් දීමට උත්සාහ කළ කෙනෙකු වශයෙන්. (නි)