හම්බන්තොට වරායට සමාන වරාය හතරක් සෑදීමට වැයවන මුදලට සමාන මුදලක් ශ්‍රී ලංකන් ගුවන් සේවය පාඩු ලබන බවත් එය තවත් විදියකින් කියනවානම් දක්ෂිණ අධිවේගී මාර්ගය මෙන් අධිවේග මාර්ග දෙකක් සෑදීමට වැයවන මුදලට සමාන මුදලක් එසේ පාඩු ලබන බවත් නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා මහතා පවසයි.
රුපියල් බිලියන 461ක ණය බරක් සහිතව මෙය කළමනාකරණය අසීරු බවත් ණය වෙනවා කියලා මෙහෙම ණය වීමකට කිසිවකු කර ගැසීමට නොපැමිණෙන බවත් ඔහු කීවේය.
ශ්‍රී ලංකා ගුවන් සේවයේ කළමනාකාරීත්වය පෞද්ගලික අංශයේ ව්‍යවසායකයකු සමග කරගෙන යාමට අමාත්‍ය මණ්ඩලය හා අගමැතිතුමන් තීරණය කළ අයුරින් කටයුතු කිරීමට සූදානම් බවත් අද (27) සිරිකොත පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ ශ්‍රී ලන්කන් එක පෞද්ගලිකකරණය කළාට පස්සේ ඔය කියන රුපියල් බිලියන 461 ඉතිරි වෙනවනේ. තවත් විදියකින් කියනවනම් ශ්‍රී ලන්කන් එක පෞද්ගලිකකරණය කළාට පස්සේ මීළඟ අව්රුද්ද ඇතුලත අපේ රටේ අනිවාර්යෙන් තව අධිවේගී මාර්ග, තව වරායවල්, තව ගුවන්තොටුපළවල් දකින්න ලැබෙය් නේද? මොකද මේ වෙනකන් නම් වත්මන් රජයෙන් අලුතින් ගමේ බෝක්කුවක්වත් හදලා නැහැ. (බ)
මේ වගේ දේ අහන්න අපි අවාසනාවන්ත වුණා එහෙනම්? (නි)
බොරු කියනවා කියල මෙහෙමත් බොරු කියල කොහේ යන්නද මන්ද? කට ඇරියොත් කියන්නේ බොරු .(බ)
ඒ කියන්නේ රුපියල් 461,000,000,000.... කෝටි 46,100 .... මිලියන් 461,000.... ලක්ෂ 4,610,000... මේ මුදලෙන් පාරවල් දෙකක් හෝ වරායවල් 4 ක් හදන්න නෙමෙයි මුළු රටේම රැකියා ප්‍රශ්නය විසඳිය හැකි ලෙස මොන තරම් කර්මාන්ත ශාලා ප්‍රමාණයක් හැදිය හැකි මුදලක්ද මේ ..(බ)
කයිවාරු ගහන්නේ නැතිව මේ පාඩුව අඩුකරන්න වැඩ කරන්න. කොහොමටත් අපේ ගුවන් සේවයේ ටිකට් මිල වැඩියි. මිල අඩු කරලා වැඩි මගින් ගණනක් ලැබුනොත් වඩා ලාබ ගන්න පුළුවන්. (බ)
අැයි රජය ව්‍යවසායකයන්ට බැරි ලාබ ලබන ආයතනයක් කරන්න (බ)
එයට වඩා අලාභයක් වුනානේ මහබැංකු හොරකමෙන්. එයටත් වඩා විශාල අලාභයක් වුනානේ පසුගිය අවුරුද්දට සංවර්ධන වැඩ නැවතීමෙන්. මේවා යහපාලන වැඩ නිසාද නොපෙනෙන්නේ ? (බ)
ශ්‍රීලන්කන් ගුවන් සමාගම ගොඩ ගන්න කටාර් එයාර්වේස් එකට විකුනන්න. අවුරුද්දෙන් ලාබ ලැබෙයි. (බ)
කළමනාකාරිත්වය පෞද්ගලික අංශයට පැවරුවහම පාඩු ලබන ආයතන ලාබ ලබන්නෙ කොහොමද? (බ)
ඔබතුමන්ලා මේවා පියවන්න හිතාගෙන නෙමෙයිද චන්දෙ ඉල්ලලා දිනුවේ. (ර)
වැඩ නැති උනාට ලස්සන රගපෑම් තියෙනවා ඔබ තුමාට (කෞ)
චන්ද්‍රිකා ශ්‍රී ලංකන් එමිරේට්ස් එකට විකිණුවෙලේ දැඩි විවේචන එල්ල කළේ දැන් ඉන්න මුදල් ඇමතිතුමා. ඔහු එදා කිව්වා මොණරා දියබරියෙක් කළා කියලා.මේකටත් උපදෙස් ලැබුනේ ඇයගෙන්ද (බ)
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අධික ණය බරක් ඇත්තේ අලුත් ගුවන් යානා මිලදී ගැනීම නිසයි - එ්ත් එක අවශ්‍යයි, 1980 ගණන් වල පරණ යානා වලින් අනාගත ගුවන් සේවයක් පවත්වන් යන්නේ කොහොමද? අනවශ්‍ය වියදම් කපා හැර පරිපාලනය ක්‍රමවත් කරනම් මේ ආයතනය ලාබ ලැබිය හැකියි. (හේ)
ඒ වගේ පාඩුවක් තියෙනවද?(හේ)
කතාව ඇති මහත්තයෝ වැඩක් පෙන්වන්න. (ර)
ශ්‍රී ලන්කන් පුද්ගලීකරණය කරන එකනම් හොඳයි. හැබැයි පාරවල් හදන්නත් වෙනවා (හේ)
කතාවේ හැටියට අලුතෙන් සුපිරි මං තීරුත් නැහැ අන්තිමේදී සමාගමත් නැහැ.ඉතිරි උන මුදලුත් නැහැ. (කෞ)