කොට්ටාවේ සුපිරි වෙළඳසළකට මහ රෑ ඇතුළුවූ හොරකු පළතුරු කා කිරි බී සුදු ගම්මිරිස්, ගොරකා, කජු ආදිය සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
රාත්‍රී 12ත් අලුයම 6ත් අතර සොරකම සිදුවී ඇතැයිද ඉදිරිපස වීදුරුවට ගලකින් ගසා ලොකු සිදුරක් සදා එහි ඇතුළුවී ඇතැයිද කියති.
රාත්‍රී කාලයට මුරකරුවන් නොමැති මෙම සාප්පුවේ සීසීටීවී ආරක්ෂක කැමරා සවි කර ඇත. එහෙත් හොරුන්ගේ ඇඟිලි සලකුණු හොඳට ඇතැයි පොලිසිය පවසයි.
හෝමාගම, බොරලැස්ගමුව, විජේරාම යන පෙදෙස්හි මෙම ආයතනයේ සුපිරි වෙළඳසල් මේ ආකාරයෙන්ම කඩා ඇති බව පෙනේ යැයිද පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd