මස්කෙළිය ඔයට බාධාවන අයුරින් ඉදිකරගෙන යතියි කියන සප්ත කන්‍යා පෞද්ගලික ජල විදුලි බලාගාරයේ වැඩ අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පුරවැසියෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අගෝස්තු 05 වැනි දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(13) තීන්දු කළේය.
මෙම පෙත්සම චන්ද්‍රා ඒකනායක , ප්‍රියන්ත ජයවර්ධන සහ උපාලි අබේරත්න යන විනිසුරුවරුන් හමුවේ හමුවේ කැඳැවිණි.
චමින්ද නිරෝෂණ විසින් ගොනු කැරුණු පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසරයට හානියක් වෙනවනම් මොන ව්‍යාපාරයක් පටන්ගත්තත් එකට ඉඩ දෙන්න බැහැනේ.(හේ)
අපේ රටට දියුනුවෙන්න බැරි හේතුව මේකේ මොනවා කරත් කවුරුන් හෝ හරස් වෙනවා (නදී)
අපි දන්නේ නැහැනේ මෙතන හරි හේතුව මොකක්ද කියලා. "මස්කෙළිය ඔයට බාධාවන අයුරින්" කියන්නේ හොඳ දෙයක් වෙන්න අමාරුයි. (නි)
පරිසරය රැකීම සහ විකිණීමේ වෙනස (ම)
බාධා වෙනවා නම් වාරිමාර්ග හා පරිසර අංශ වලින් ඉඩ දෙන්නේ නෑ. මේවා පිටින් බලල කරන විරෝධතා. (හේ)