
(රංජිත් රාජපක්ෂ)
දිවයින තුල බිහිසුණුම ගුවන් අනතුර සිදු වු නෝටන්බ්‍රිජ් සප්ත කන්‍යා ස්භාවික රක්ෂිතයට නිසි අවසර පත්‍රයක් නොමැතිව ඇතුල් වි රක්ෂිතය තුළ දින කිහිපයක් කදවුරු බැද සිටි වෛද්‍යවරුන් තිදෙනකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගෙන ඇපකරයක් මත මුදා හැරි බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පවසයි.
කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකු සහ ඔහුන්ගේ හිතවතුන් තිදෙනකු ඉකුත් (02) දින පස්වරුවේ නෝටන්බ්‍රිජ් සප්ත කන්‍යා ස්භාවික රක්ෂිතයට ඇතුල් වි ඇති අතර , පසුව එම පිරිස අතුරුදහන් වි ඇති බවට ලද තොරතුරක් මත නෝටන්බ්‍රිජ් පොලිසියේ නිලධාරින් සහ නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් අතුරුදහන් පිරිස සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබුණි.
එම මෙහෙයුම අතරතුර අවසරයකින් තොරව සප්ත කන්‍යා ස්භාවික රක්ෂිතයට ඇතුල් වි සිටි හයදෙනා රක්ෂිතයෙන් පිටතට පැමිණි අවස්තාවේ අත්අඩංගුවට ගත් බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ.
COMMENTS
සංචාරක ප්‍රවර්ධනය, තිරසාර සංචාරක ව්‍යාපාරය, සංචාරකයින් ආකර්ෂනය කර ගැනීමේ වැඩපිළිවල???? හොඳයි නේද? ඇතුලුවෙන තැනම වනජීවී කාරයාලය තියෙද්දි සල්ලි නොදී හොරෙන් ඇතුළුඋනාට හොඳම වැඩේ. අපි සංචාරක ව්‍යාපාරය දියුනු කරන්නනම් කැලේට ඇතුලුවෙනඑක නවත්වන්නම ඔනෙ
කැලේට යන්නත් අද ලයිසොන් ගන්නට ඕනෙද රාළහාමි?