
(ඩයනා උදයංගනී)
කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ‘ස්පුට්නික් වී’ එන්නත ලබාදෙන අයට එහි එක් මාත්‍රාවක් පමණක් ලබාදීමට තීරණය කර ඇත්තේ විශේෂඥ කමිටුවක උපදෙස් මත බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ (මහජන සෞඛ්‍ය 1) වෛද්‍ය එස්.එම් ආනල්ඩ් මහතාගේ සභාපතීත්වයෙන් හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාතික වැඩසටහන් නිලධාරී, වෛද්‍ය නාලිකා ගුණවර්ධන වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා , ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා අණුක වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය නිලීකා මලවිගේ සහ වෛද්‍ය ඩී. දසනායක යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් එම විශේෂඥ කමිටුව මෙම තීන්දුව ගත් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. මේ මොහොතේ දී එම එන්නතේ එක මාත්‍රාවක් වුවත් ප්‍රමාණවත් බව ඔවුන් තීරණය කළ බව ද ඇමතිවරයා කියයි.
අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට ‘ස්පුට්නික් වී’ එන්නත ලබාදීමේ දී එන්නත ලබාගැනීමේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ අත්සන් පත්‍රයට ‘එන්නතේ පළමු මාත්‍රාව පමණක් වුව ලබාගැනීමට මම කැමැත්තෙමි’ යනුවෙන් මුද්‍රාවක් ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මණ්ඩලයේ ඉන්න දොස්තරලාට විරුද්ධව නඩු දැමිය යුතුයි. මේ මාධ්‍ය ප්‍රකාශක බොරු කියන්නෙක්. රුසියාවේ ඔය, එන්නත නිපදවපු මහාචාර්ය වරයා කියනවා දෙවෙනි එන්නත මාස 3ක් ඇතුලත දෙන්න ඕනේ කියලා. ඒ වගේම ලංකාවේ වෛද්‍ය අංශ ප්‍රධානියා කිව්වා දෙවෙනි එන්නත වෙනම එකක් කියලා. ඒ වගේම අර ලිපි ගැන දන්නේ නෑ කියලා. ඉතාම නින්දිත ලෙස මරණ බියෙන් ඉන්න ජනතාවගෙන් අත්සන් අරගෙන එන්නතින් භාගයක් දීලා අපි මෙච්චර එන්නත් කලා කියලා ගාන පෙන්වන්න යන හැටි. මේ දක්වා තනි මාත්‍රාව දෙන එකම එන්නත ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත පමණයි. මේ නූගතුන්ට තේරෙන්නේ නෑ එන්නත් කරන්නේ රෝගය වැළැක්වීමට මිස ගණන් හිලව් පෙන්වීමට පමණක් නොවන වග. භාග එන්නත් මගින් වන එකම දේ රෝගය වඩා සීඝ්රයෙන් පැතිර යාමයි. මක්නිසාද එන්නත් ලබාගත් ජනතාව දැන් සියල්ල හරියි කියා සැහැල්ලුවෙන් සෞඛ්‍ය නීති කඩ කිරීමයි. ලංකාවේ ඔය දොස්තරලා සෙට් එක ගියේ මොන ඉස්කෝලෙටද?
අපෝ අපිට නම් මොන ජාතියකවත් එන්නත් එපා. ලෝකයේ ඉන්න ලොකුම වෛද්‍ය විශේෂඥයවත් දන්නේ නැහැ තව අවුරුදු කිහිපයකින් ඔය ඉන්ජෙක්ෂන් ගහපු අයට මොකද වෙන්නේ කියලා. අපේ කොත්තමල්ලි, වෙනිවැල් අපිට හොඳයි...
කරුණාකරලා හෙලිදරව් කරන්න ඔය කියන "විශේෂඥ කමිටුවේ" සාමාජිකයින් කවුද කියලා. අවුරුද්දකටත් වැඩි කාලයක් තිස්සේ විශේෂඥ ශ්‍රමය වැය කරලා ස්පුට්නික් V හදපු විශේෂඥ කියනවා දෙවැනි මාත්‍රාව සති 3-4 කින් දිය යුතුයි කියලා. ඒත් අපේ 10 වසරට වත් උගත්කමක් නොමැති ඇමැතිවරු කියනවා.. "එකක් ඇති" කියලා.. ඔවුන් නම් දෙවැනි එක මේ වෙනකොටත් ගහගෙන ඇති...
අපි දන්නේ නැද්ද ඔය විශේෂඥ කමිටුවලට පත් කරන්නේ කියන කියන දේට එහෙයි කියන විශේෂඥයින්නේ... ආණ්ඩුවට දිය රෙදි නැතුව ඉහින් කටින් නාන්න වෙලා තියෙන්නේ හැමදේටම කොමිටි පත්කරන්නයි, ගැසට් ගහන්නයි යන නිසානේ මහත්තයෝ. අර " වැඩ කරන අපේ විරුවා" සින්දුවේ වචන දැන් මතක නැද්ද?
මේ කමිටුවේත් ඉන්නේ අර මුස්ලිම් මෘත ශරීරවලින් ගොඩ ගිය අයමද? එහෙනම් සර් තවපාරක් අසමත් වෙන්නයි යන්නේ...
එක මාත්‍රාව භාගෙ භාගෙ දෙපාරකට දෙන්න.