සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නවීකරණ කටයුතු ඇමරිකා සමාගමකට හා එක්සත් අරාබි එමිීර් රාජ්‍යයේ සමාගමකට භාරදීමට ඛනිජ තෙල් අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඒ අනුව පිරිපහදුවේ නවීකරණ කටයුතු ඇමරිකාවේ වෙන්ටෙක් ඉන්ජිනියර්ස් සමාගම හා එක්සත් අරාබි එමිීර් රාජ්‍යයේ එස්.එස්.ලූටාහ් සමූහය එක්ව සිදුකරනු ඇත.
නවීකරණ කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යංශයට ඉදිරිපත් කෙරුණු ටෙන්ඩර 20 කට අධික ප‍්‍රමාණයක් අධීක්ෂණය කිරීමෙන් පසු මෙම සමාගම් වලට එම කටයුතු භාරදී ඇත.
අනෙක් ටෙන්ඩර වලට සාපෙක්ෂව අඩු වියදමකින්,අඩු කාලයකින් නමුත් ඉහළම තාක්ෂණයකින් නවීකරණය කටයුතු සිදුකළ හැකියැයි වෙන්ටෙක් හා එස්.එස් ලූටාහ් සමාගම් ද්විත්වය ඔවුන්ගේ ටෙන්ඩර වලින් පෙන්වා දී තිබේ.
නවීකරණ කටයුතු සදහා ඩොලර් බිලයන 1.5 ක පමණ මුදලක් වැය වනු ඇතැයි ගණන් බලා තිබෙන අතර එම කටයුතු අවසානයේ දිනකට තෙල් බැරල ලක්ෂයක් පිරිපහදු කිරීමේ හැකියාව පිරිපහදුවට ලැබෙනු ඇතැයි පැවසේ.
තවද පිරිපහදුව අවසානයේ ඉතිරිවන තෙල් වලින් අමතර ගුවන්යානා ඉන්ධනද,භූමිතෙල් හා ඞීසල් වැනි ඉන්ධනයන්ද පිරිපහදු කර ගැනීමේ හැකියාව ඇති කෙරෙන බවද සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිලක්ගේ,සිල්වාගේ,බන්දුලගේ අදහස් මම අගය කරනවා.(දිල්)
ආරම්භය මෙසේ වුවත් අවසානය ..?(හේ)
මට අධිරාජ්‍යවාදීන්ට උදවු දෙන කෙනෙක් කියා කියන්න එපා. මට හිතෙන හැටියට යමක් අතිනවීන තාක්ෂණයෙන්, ගිවිසගත් මුදලට, නියමිත කාලයට අවසන්කර දෙනවා නම් ඒ යුරෝපීය ඇමරිකානු/ඕස්ට්‍රේලියානු සමාගමක් පමණයි. (නි)
මගේනම් අදහස කාගෙන් වුණත් හොද දෙයක් ගන්න පුළුවන් නම් ගන්න ඕන.(හේ)
ඔය ටෙන්ඩර් පටිපාටිය අකුරටම ඉෂ්ට කරලා කියලා විශ්වාසද?(හේ)
හොඳ වැඩක්.(හේ)
මේ විධියටවත් පෙර අපර සමබර කර ගත්තොත්. ....... ? සුනංගු වුනාට කම් නැහැ.(අ)
මේක සාර්ථක වෙන්න නම් ඇමරිකාවට මුල් තැන දී කටයුතු කරන්න.(හේ)
අවසානයේ ඇමෙරිකානුවන්ට අයත් බොර තෙල් පමණක් පිරිපහදු කළ හැකි ආයතනයක් අපට ලැබේවි.ඉරාන බොර තෙල් වලට මොකද වෙන්නේ.(හේ)
මේ පිරිපහදුව අවුරුදු 50 ක් පැරණියි. මෙවන් ජනාකීර්ණ ප්‍රදේශයක් නොවන හම්බන්තොට නව වරාය සමීපයේ අලුත් එකක් ඉදි කරලා මේක සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සුදුසුයි. එම පිරිපහදුවෙන් නිපදවෙන අතුරු ඵල වලින් වෙනත් නිෂ්පාදන කරන කර්මාන්ත ශාලාත් අවසාන දැවිතෙල් වලින් දිවෙන තාප බලාගාරයකුත් හදන්න පුළුවන් අද අවශ්‍ය වෙන්නේ එවැනි ආයෝජනයක් මිසක් පැලැස්තර නොවෙයි.(හේ)
අන්තිමට හරි තැනට වැඩේ බාරදීලා තියෙනවා ,තාක්ෂණයට ඇමෙරිකාවට ගහන්න කාටවත් බැහැ.(දිල්)
මේකත් නොරොච්චෝලේ වගේ වෙයිද?(හේ)
මේක සාර්ථක වෙන්න නම් ඇමරිකාවට මුල් තැන දී කටයුතු කරන්න අපි බැඳිලා නැහැ. මොකද ඒවා කරනවට අපි සල්ලි දෙනවා. (නි)
ඇමරිකාවෙන් වැඩක් කරොත් දන්නවනේ ඉතින් එල.(හේ)
"තාක්ෂණයට ඇමෙරිකාවට ගහන්න කාටවත් බැහැ" ඇයි ජපන්නු? ඇමරිකාවත් දැන් ජපන් වාහන පාවිච්චි කරන්නේ. ඇමරිකන් කාර් ආයතන දැන් වැහීගෙන යනවා. (නි)
අපේ අයට ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබේ තෙල් පිරිපහදුව සම්බන්ධව.(හේ)
මම හිතන්නේ තිලක් හරි!! හම්බන්තොට ඉතාම කාලෝචිතයි 1.5 බිලියනය කියනේ ලොකු මුදලක් එකකේ දීර්ග කාලින විසදුමකට යන්න ඕනි මේ තුලින් විශාල රැකියා ප්‍රමාණයක් ඇති වෙනවා හම්බන්තොටට හොද වරායවල් පසුකම් වලින් යුක්තයි. (අ)