වත්තල කුකුළු මස් ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින වත්තල හිටපු උප නගර සභාපති බේරෙන ආකාරයට ක්‍රියා කිරීම සඳහා ඔහුගේ මස්සිනා කෙනෙකු හා තවත් අයකු සපුගස්කන්ද පොලිසියේ ප්‍රධාන පරීක්ෂක පී.ජී.එස්.ආර්.සංජීව මහතාට මහර බන්ධනාගාර රථ ගාලේදී රුපියල් ලක්ෂ 15ක අල්ලසක් දෙද් දී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය වත්තල හිටපු උප නගර සභාපතිගෙන් කටඋත්තරයක් ගැනීම සඳහා උසාවි නියෝගයක්ද ගෙන ඇතැයිද ඒ අනුව බන්ධනාගාරයට ගිය අවස්ථාවේ තමා නඩුවෙන් බේරා දුනහොත් රුපියල් ලක්ෂ 25ක් දෙන බව කියා ඇතැයිද සංජීව මහතා කළ පැමිණිල්ලේ සඳහන්ය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා පරික්ෂණ පවත්වයි.
(ජායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)

![IMG_1285[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/IMG_12851.jpg)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇස්වහ කටවහ හෝවහ දුරු වේවා! මෙවන් නිලධරුවන් නිදුකින් වැජඹේවා! (ම)
ඔබ තුමා නිල ඇඳුමේ ගෞරවය ආරක්ෂා කළා (ම)
මෙවන් නිලධාරීන් වාසනාවන්! (නි)
දිලිප්ගේ කතාව මමත් පිළිගන්නවා (නි)
මෙහෙම නිලධාරීනුත් ලංකාවේ ඉන්නවා. අපගේ ප්‍රණාමය! (නි)
රටේ පාලනය යහපත් වනවිට, රටේ නිලධාරින්ට වැරදි කරන්නට සිත් පහළ වෙන්නේ නෑ. රටේ ඉදිරි ගමනට යහපතක්ම වේවා !!!! (ම)
ඔබට අපේ ගෞරවණීය උපහාරය! (නි)
මෙවැනි නිලධාරීන් අගය කළ යුතයි සම්මාන දී උසස් වීම් දිය යුතුයි මන්ද පොලිසිය වගේ තැන් පගා ගන්න බව කවුරුත් දන්නවා (අ)
කොහොම වුණත් මේවාගේ ඇත්ත හොඳට හොයල බලන්නවෙයි (ම)
මෙයා මෙහෙම වුණාට පගාව ගන්න අය කොච්චර ඉන්නවාද. රටේ ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නෑ. (අ)