අධිසුඛෝපභෝගී වාහන සඳහා අවම දඩය රුපියල් දස දහසක් කරන්නැයි සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.
රථ වාහන සඳහා අවම දඩය රුපියල් 2500 කිරීමෙන් දැඩි ලෙස පීඩාවට පත්වන්නේ අඩු ආදායම්ලාභීන්ගේ යතුරු පැදිය යැයි පවසන එම සංගමයේ ලේකම් චිරන්ත අමරසිංහ මහතා එමනිසා නීතිය ප්‍රායෝගික කිරීම සඳහා ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කරන්නේ යැයි අවධාරණය කරයි.
යතුරුපැදිකරුවෙකු මසකට ඉන්ධන සඳහා දරණ වියදමට වඩා අදාළ දඩ මුදල වැඩි බවත් මීට විරෝධය පළ කරමින් යතුරුපැදිකරුවන්ට තම අතෙහි හෝ යතුරුපැදියෙහි කළු පටියක් ප්‍රදර්ශනය කරන ලෙස එම සංගමය ඉල්ලයි.
අවම දඩ මුදල වැරැද්ද කරන රියැදුරා ධාවනය කරන වාහනයේ වටිනාකම අනුව අයකිරීමට පියවර ගන්නැයි ද ඒ අනුව 100 සී.සී අඩු යතුරු පැදි සඳහා 30% කින් ද 100 සී.සී වැඩි යතුරු පැදි සඳහා 50% කින් ද අධිසුඛෝපභෝගී වාහන සඳහා 400% කින් ද දඩ මුදල් වැඩි කරන්නැයි ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් එම සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටී.
දඩ මුදල් ඉහල නැංවීමට විරෝධය පළ කරමින් හෙට (15) ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයද වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
කෙසේ වෙතත්, මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් වන බැවින් මෙවර අයවැය මගින් යෝජිත මාර්ග නීති උල්ලංඝනය කිරීම සඳහා අවම දඩය වෙනස් නොකරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි..
මාර්ග නීති පිළි නොපැදීම අද රටේ පවතින විශාල ගැටළුවක් බවත් අයවැයට ඉදිරිපත් වූ යෝජනාවකට අනුව මෙය සිදුකළ බවත් ඔහු කීය.පෞද්ගලික බස් රථ හිමියන් නීතියට එරෙහිවීම පිළිගත නොහැකි කරුණක් යැයි අමාත්‍යවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිලාන් මහතාණනි ! ඔබගේ යෝජනාවට මමත් එකඟයි දඩ මුදල වැඩි කිරීම හොදයි . එය සාධාරණ හා යුක්ක්ති යුක්ක විය යුතුයි මෙවැනි දේවල් වලට එක නිර්නායකයක් පොදුවේ ගැනීම අපහසුයි (හේ)
දැනටමත් අනතුරු වලට බලපාන ප්‍රධාන වැරදි වලට දඩ කොලෙකින් තොරව උසාවි දානවා. අනතුරු වැලක්වීමට අවංක උවමනාවක් තියනවා නම් ඒක ශක්තිමත් කරන්න රජයට පුළුවන්. මේක රජයේ අදායම වැඩි කරන්න කරපු වැඩක් කියල තේරෙන්නේ නැත්තේ ඇයි? හදිස්සියේ වාහනයේ සිග්නල් ලයිට් එකක් පිච්චිලා තිබුනත් රුපියල් 2500 ක් දඩ ගෙවන්න ඔයාලා කැමති ද ? (හේ)
වැරදි වලට දඩ නියම කරන්න කලින්..ලංකාවේ මාර්ග පද්දතිය ගැන ආණ්ඩුව හිතන්න ඕනි.මාර්ගයේ තියෙන වාහන ප්‍රමාණය ගැන හිතන්න ඕනි.ඉඩ ප්‍රමාණවත් නැ.නීති කැඩෙන්නේ කරන්න දෙයක් නැති කමට.දඩ වැඩි කරනවට වඩා..නගරයට වාහන ඇතුල් වීම අඩු කිරීමට ..බද්දක් නියම කරන්න ..(හේ)
හිතුන හිතුන හැටියට තමන්ව බලයට පත්කරපු ජනතාවට නොයෙකුත් බදු ගහලා ජීවත්වෙන්න අමරුකරන අයට කරන්න තියන්නේ ජනතාවට තවත් ද්වේශ කරන එක. ඡන්දයක් නොතියා ඉන්න එක. මේවා මහා පව්කාර වැඩ. (හේ)
දැන් වැරදි කරන අය තමයි මේ බයවෙලා ඉන්නේ (නි)
දියුණු රටවල ලයිසන් එකට අවුරුද්දකට තියෙන්නේ 12 පොයින්ට්ස් . වැරදී වල ප්‍රමාණය අනුව පොයින්ට් කැපෙනවා දඩ ගන්නවා . පොයින්ට් 0 වුනාම ලයිසන් එක අවලංගු වෙනවා . මේ ක්‍රමය ලංකාවෙත් කරන්න ඕනේ . පොලිසියට ලයිසන් වල පොයින්ට්ස් පරේදීම බලන්න තාක්ෂණය දියුණු කරන්න ඕනේ (හේ)
අදහස් දක්වන ලද අයට වාහන නෑ. නෑම තමයි. මට ෂුවර්. වක්‍රව රවී මාමා අයවැය කියලා වාහන මිල අඩු කළා හිතන්න. අපිට දැන් සතුටුයි...(බ)
සම්පත්.නිකන් බොළඳ කතා කියන්න එපා.ට්‍රැපික් පොලිසියෙන් ගස් අස්සේ හැංගිලා තාප්ප පිටුපස හැංගිලා ඉදල අල්ල ගත්තම ඔහෙට වෙන්නෙත් කියල දේ අහගෙන ඉදල දඩ මුදල ගෙවන්නයි.එකට නීති ගරුකව වාහනේ පැදව්වද කියන කාරනේට වඩා දවසකට මෙච්චර ප්‍රමාණයක් අල්ලාගෙන එන්න ඕනේ කියන කාරනාවයි වැදගත් වෙන්නේ (බ)
කලට වේලාවට වැඩට යන්න,එන්න,..... හොඳ සුපිරි මගී ප්‍රවාහන සේවයක් අරඹල ඉවර වෙලා මේ දඩ ගැහිල්ල ගහනවානම් තව ඉවසන්න පුළුවනි.මෙලෝ කෙනෙක් දුවිලි කාගෙන,වාහන තදබදයේ මිරිකිලා තමන්ගේ යතුරු පැදියෙන් වැඩට යන්නේ බඩේ බත් බහින්න නම් නෙමෙයි. (බ)
මේ කියන විදිහට ම්නීමරපු ආයුධයේ වටිනාකම අනුව මිනීමරුවාගේ දඬුවමේ ප්‍රමාණය තීරණය කළ යුතුයි !. (ම)
යතුරුපැදි,ත්‍රිරෝදරථ, බස් තමයි නීති 99% කඩන්නේ. ඔවුන්ට මේ නීති තිබිය යුතුමයි (බ)
රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් ගසා කාපු කම්බා හොරු යහතින් ඉදිද්දී,ලක්ෂ 62 කක් යහපාලනය වෙනුවෙන් ඡන්දය දුන්නු අසරණ මිනිසුන්ට දැඩි දඩුවම් දීම ගැන ඇත්තේ බලවත් කලකිරීමක්.බඩ ගින්නට කොස් ගෙඩියක් කඩන් කාපු,පාර දෙපැත්තේ හිටවල තියෙන බතල අල හාරපු අසරණය බරපතල වැඩ ඇතිව හිරේ යන රටක අසරණයන්ට නම් දෙවියන්ගේම පිහිටයි.(බ)
ඔහොම ගිහිං මේ යෝජනාවේ පදනම අනුව අඩු අදායම් ලාභී ස්ත්‍රී දූෂකයන්ටත් අඩු දඩයක් අය කරන්න වේවි .(බ)
ඔය ටික කරන්න තිබ්බේ පාරවල්ටික පිළිවෙළකට හදලනම් හොඳයි. මාර්ග නීති මොනවත් මේ හදන අයට නෑ (බ)
වාහනේ ලොකුද පොඩිද, සුඛෝපබෝගිද බලලා දඩ මුදල් තීරණය කරන රටක් ලෝකේ කොහෙවත් නැහැ. අර "නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් හොයාගෙන එන්න" කියනවා වගේ ගොන් යෝජනා කරලා කළ යුතු දේ කඩා කප්පල් කරලා පලක් නැහැ. මෙම දඩ මුදල ඉතාම සාධාරණ තීරණයක්. වාහනයක් පදවන්න නුසුදුසු අය තමයි මේ දඩ නීතියට කුලප්පු වෙලා තියෙන්නේ. කෙසේවෙතත්, ත්‍රී රෝද රථ රියදුරන්ට හා යතුරු පැදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්, පෞද්ගලික බස් රථ රියදුරු මාෆියාවට වඩා නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව නම් අපි දැක තිබෙනවා. එය ඉතාම කණගාටුදායක තත්වයක්. (බ)
නව නිතිය ක්‍රියාවට නැන්විමට කලින් මාර්ග ටික හදන්න ඔිනි පාරට බැස්සම ත්‍රිව්ල කාර් බස් රථ ජංගම දුරකතන තියන් කථා කර කර වාහන ඒලවන අය ඉන්නවා කාටවත් පාර ඉඩ දෙන්නේ නෑ(බ)
ගෙදරයන ගමන් හදපු අයවැයක් (ම)
තනිකර ඉරිසියාව.. උන්ට කෙලවිලා, අපිටත් කෙලවෙනවුනාට නම් කමක්නෑ න්‍යයාය....වැරැද්ද කාගෙන් වුනත් එක සමාන දඬුවම දෙන්න කියලා ඉල්ලන්නෙත් මුන්මයි. වැඩකාරයෝ වගේ වෙට්‍ටු දාල මැරෙන්න වදින්න යනකොට මුන්ව බේරන්නෙත් රෝද හතරෙ වාහන කාරයෝ..(බ)
රන්ජිත් හරියටම හරි. මේකේ කිසිම පිළිවෙලක් නෑ. රියදුරු බලපත්‍රය දැකලවත් නැති සමහරු වාහන පදවනවා තමන් දන්නා නිලධාරින්ට කියල පුංචි පුංචි දඩ කොළ ලියාගෙන ඒවා වලින් ජීවිත කාලෙම වාහන එලවනවා. වැරදි කරන විදියට තියෙන සුළු දඩ මිනිස්සුන්ට ගානක්වත් නෑ එකම වැරැද්ද දෙපාරක් තුන් පාරක් කළත් සිය පාරක් කළත් දඩේ ඒකමයි . ඉතින් මහා පාරේදී මිනිස්සුන්ගේ විනයක් බලපොරුතතු වෙන්න පුළුවන්ද? (බ)
සුඛෝපභෝගී වාහනවල යන්නෙ මැති අැමතිවරුන් බව කවුරුත් දන්නවා ඉතින් එ් අයට විරැද්ධව කටයුතු කරන්න රටේ නිතියට ශක්තියක් තිබේද? (ම)
රටේ සිදුවන මාර්ග අනතුරු අඩු කරන්නනම් ,,,දඩයක් ඇඟට දැනෙන විදියට තියෙන්න ඕනෑ (ම)
ගොඩක් මැදපෙරදිග රටවලත් මේ විදියට රථවාහන වැරදි වලට දඩ ඉහළයි. සෑහෙන දුරට අනතුරු අඩුයි මේ කලාපයේ. ලංකාවෙත් මෙහෙම කළා නම් හොඳයි කියලත් හිතෙනවා. හැබැයි පොලිසිය අවංක වෙලා ඉන්න ඕනෑ මුලින්ම. (නි)
සැප වාහන පොලිසියෙන් අල්ලනවද? (නි)
සුපිරි වාහන වල දඩය ලක්ෂය කළත් වැඩක් නැහැ. මොකද බයිසිකල්, පොඩි වාහන ඇල්ලුවට ඔය සුපිරි වාහන පොලිසියෙන් අල්ලනවා කියලයැ. (නි)
වැඩිම දඩය ගහන්න ඕනෑ යතුරුපැදි වලට. යතුරුපැදි තමා වැඩියෙන්ම මාර්ග නීති කඩන්නේ. (නි)
තමන් වැරදි නොකරනවා නම් ඇයි බයවෙන්නේ? (නි)
වැරදි නොකළහම දඩයක් නැහැ. (නි)
මට වාහනයක් නැහැ. ඒත් රත්න කියන දේ සමඟ එකඟයි. වාහනේ සැප වුණත් පොඩි වුණත් මාර්ග නීති කඩනවිට අනතුර එකයි. අනේ මන්දා ලංකාවේ මිනිස්සු. දඩ වැඩියි කියලා උද්ඝෝෂණය කරනවා කියන්නේ වැරදි කරන්න ඉඩ දීපියව් කියන එකනේ. (නි)
මුදලින් දඩ ගහනවට වඩා රියදුරු බලපත්‍රය සීමිත කාලයකට තහනම් කිරීම වඩා සුදුසු නේද (නි)
දඩ මුදල අඩුකරගන්න දඟලන වෙලේ හරියට වාහනේ එළෙව්වා නම් හරිනේ. අපේ මිනිස්සු බලන්නේ වැරැද්ද නිවැරදි කරගන්න නොවෙයි කොහොමහරි වැරැද්ද කරන්න. (නි)
යතුරුපැදිකරුවන්ට වාහන තදබදයේදී පදික වේදිකාවත් ධාවන පථයක්. කෙසේවෙතත් මඟමරුවන්ට උපරිම දඬුවම් නියම කළයුතුමය. (නි)
කට්ටියම සතුටු කරන්න කිසිම දඩයක් නොගහා හිටියා නම් ඉවරයි (නි)
ලෝකෙට විහිලු සපයන යෝජනාවක්. ලෝකේ කිසි රටක් නැහැ වාහන වර්ගය අනුව දඩ ගහන. කරුණාකරලා මාර්ග නීතියට ගරු කරන්න (නි)
යතුරුපැදි, ත්‍රීරෝද රථ, බස් තමයි නීති 99% කඩන්නේ. ඔවුන්ට මේ නීති තිබිය යුතුමයි (නි)
අර ඩුබායි රටේ ගිණුම් වල තියෙන රුපියල් කෝටි ගණන රාජසන්තක කරලා අසරණ මිනිසුන්ට ගහන බදු ගැහිල්ල නතර කරන්න (නි)
සැප වාහන වලට කොහොමත් මාර්ග නීති බලපාන්නේ නැහැනේ (නි)
දඩ ගහලා මිනිස්සු හදන්න බැහැ (නි)
දඩය වැඩිකළා කියලා අනතුරු අඩුවෙන්නේ නැහැ. එහෙමනම් අවම දඩය රු.කෝටියක් විතර කළා කියලා සියලුම මාර්ග අනතුරු අඩුවෙයිද. කරන්න තියෙන්නේ රියදුරන්ට මනා පුහුණුවක් දෙන එක. මහාමාර්ග නිසිලෙස පිළිසකර කරන එක. (නි)
දඩ ගහන්න කලින් රටේ මාර්ග පද්ධතිය හදන්න. කිලෝමීටර් 100යක් යන්න පැය 4ක් ගතවන එකම රට ලංකාව වෙන්න ඇති. මිනිස්සු මාර්ග නීති කඩන්නේ මාර්ග වල තියෙන දුර්වලතා නිසා. කොළඹ නුවර පාරේ කන්ද නගපු ගමන් තියෙන කහ ඉරිම කීයක් තියෙනවද. අඩුමගානේ කහ ඉරක් තියෙනවා කියලා පෙනෙන්නේ කහ ඉර උඩට අාවහම. තියෙන තරමක් බස් හෝල්ට් තියෙන්නේ කහ ඉරත් එක්ක. (නි)
බොහෝ මාර්ග අනතුරු වෙන්නේ පාරේ වරදෙන් නොවේ රිය පදවන්නන්ගේ නොසැළකිල්ල නිසයි. අද පාරේ සිටින අසංවර අවිනීත රියදුරන් නිසා දහස් ගණනක් අබ්බගාතයන් වෙලා. එම නිසා මේ දඩ වැඩි කිරීම හොඳ පියවරක්. (නි)
සියල්ලන්ගේ අදහස් දිහා බැලුවහම සිතන්නේ එකම දිශාවකට බව පෙනෙනවා. සැබවින්ම දඩය වැඩි කිරීම දිහා බැලුවහම එය කරන්නේ රියදුරන්ගේ නොසැළකිලිමත්බවට නම් එය මීටත් වැඩිය වැඩි කරන්න ඕනෑ. (නි)
පළමුවෙන්ම, තමන් වැරදි නොකර වාහන පදවනවා නම්, මේ දඩය ගැන බියවිය යුතු නැහැ. තමන් සැලසුමක් ඇතුව වැඩ කරනවා නම්, පාරේ කලබලයෙන් වාහන පැදවිය යුතු නැහැ. රටක සංවර්ධනය සඳහා මුදල් අවශ්‍යයි. ඒ මුදල් ලබාගන්නේ බදු සහ මෙැවැනි දඩ මගින්. තව ටික කලක් යනකොට කියයි, මිනීමරණ එකාටත් එයාගේ පවුල රකින්න තියෙනවා. එයාගේ අඩු ආදායම් ලාභියෙක්. ඒ නිසා සුළු දඩයක් නියම කරලා නිදහස් කරන්න කියලා. පාරක විනීතව රිය පැදවීමට ඉගෙන ගත යුතුයි. (හේ)
දඩ ගැසිය යුත්තේ රියදුරාට මිස වාහනයට නොවේ.(හේ)
එහෙම වැඩි කරන එක හොඳයි.(හේ)
මාර්ග නීති කැඩීමක් නිසා මරණයක් වුනොත් අපි අනේ අපොයි මරණයක් ! කියලා මිසක් ආනේ සැප රියක් නිසා වුන මරණයක් නැති නම් අයියෝ යතුරුපැදි අනතුරක් නිසා වුන මරණයක් කියලාද කම්පා වෙන්නේ ? මොන රියෙන් ගියත් මාර්ග නීති කැඩුවා නම් රියේ හෝ පුද්ගලයාගේ තරාතිරම් නොබලා දඬුවම් ලැබිය යුතුයි. (හේ)
ඒක නම් ඇත්ත.(හේ)
මේ මිනිස්සු බය වෙලා තියෙන්නේ දඩ මුදලට .කියන්නේ තමන්ට හරියට වාහන පදවන්නට නොහැකි නිසා ..රටක මාර්ග නීති අනුව වාහන පදවන්න හරියට පුහුණු වෙලා ..නියම පරීක්ෂණ පාස් වෙලා වාහන පදවන රියදුරන්ට දඩ මුදල කෝටියක් වුනත් බය වෙන්න දෙයක් නැහැ ...ලංකාවේ දකුණෙන් වාහන පදවපු (කොළඹ )අවරුදු 20 ) දැන් කැනඩාවේ අවරුදු 14 පැදවීම වමෙන් දිනක ට කිලෝ මීටර් 230 -- 250( සතියකට දින 5 ) වාහන පදවන මට එකම දඩ යක් වත් ලැබී නැත ...පළමුව මාර්ග නීති අනුව හොදින් පුහුණු ලබා නියම විදියට රිය බලපත් ලබා ගන්න (හේ)
මේක යකාගේ ඉල්ලිමක්නේ.(හේ)
පොලිසියට අවංකව සේවය කරන්න උගන්වලා දඩය වැඩිකළා නම් හරි. නඩු ගානට, දඩ ගානට, ආණ්ඩුවට සල්ලි නැති හින්දා, වැරැද්දක් නොකර පාරේ යන රියදුරෙකුටත් ඕනෑම පොලිස් නිලධාරියෙකුට තමන්ගේ උසස්වීම් වලට හරි ටාගට් කවර් කරන්න හරි දඩ ගහන්න පුළුවන්. එයට එරෙහි වෙන්න හෝ තමන්ගේ නිවැරදිකම ඔප්පු කරන්න ක්‍රමයක් නැහැ. පසුගිය කලේ එෆ්බී එකේ අපි මේ වගේ සිද්ධි හුඟක් දැක්කා. මේවට නිසි ක්‍රමවේදයක් නැහැ. එහෙම කරන්නේ නැතුව මෙහෙම දඩ ගහන එක හරි අසාධාරණ වැඩක්. (නි)
ඔය දඩ ගහන්නේ මැරෙන එක වළක්වාගන්න නෙමෙයි. මැරුණට පස්සේ එයා කාගේ කවුද කියලා හඳුනගන්නත් තව කී දෙනෙකුට පඩි ගෙවන්නත් වෙනවද මේවා හින්දා. (නි)
හැබැයි වැඩියෙන්ම පාරේ වැරදි කරන්නේ මෝටර් බයිසිකල් තමයි. හැමවෙලේම වැරදි පැත්තෙන් ඉස්සර කරනවා. පැති කණ්ණාඩි බලන්නෙම නැහැ. සමහර එ්වාවල අැත්තෙත් නැහැ. (නි)
දඬුවම දෙන්න ඕනෑ වරද්හට. මිනීමරුවෙකුට මිනිහගේ පඩිය බලලා දඬුවම් දෙන්න කියලත් ඊටපස්සේ කියාවි (නි)
ඉතාමත් සාධාරන ඉල්ලීමක්.10000 වෙනුවට 20000 ක් කියා මම රජයට යෝජනා කරනවා. එම ලැබෙන අමතර මුදලින් රටේ දිළිඳු ජනතාවට සහන ලබාදිය හැකියි. (නි)
තව වැඩි කරන්න. මාර්ග වැරදි වලට කිසිම සමාවක් ලෝකයේ කිසිම රටක නැහැ (නි)
කුමන වාහනයේ ගියත් වැරැද්ද වැරද්දමයි. අපේ රටේ මිනිස්සු දමනය කරන්න මෙවැනි දේවල් ගේන්නේ තිබුනේ මීට ඉස්සර . මම ඉන්න රටේ රතු එලිය වැටෙනකොට වහනය පදවල රුපියල් 40,000 දඩයක් ගෙවල තියනවා . අපි නීතියට යටයි .(අ)
පෘතග්ජන මිනිස්සු වෙච්ච අපි මොනවා හැදුවත් අඩුපාඩු තියෙන්න පුළුවන් හැබැයි 100% වරදින්න නැතිවෙනකන් මොකුත්ම නොකර ඉන්න එක ඊට වඩා භයානකයි. සාමාන්‍යයෙන් මෙහෙ වංගු දාගෙන තියන ඔක්කොම නීති කඩ කරන මිනිස්සු වෙන රටවල් වල හීනෙන් යන්නෙත් නිතියට. එකට විශේෂ හේතුවක් වෙන්නේ එහෙ දඩයක් කෑවොත් මාසයක් විඳවන්න වෙනවා. අපි වරදක් කරන්නේ නැත්නම් ඔය කාටවත් පගාව දෙන්න ඕනේ නැහැ.ඒහෙම දෙන ඒකත් වැරදි. හැබැයි තමන් හරි කියල හිතල නඩු ගියොත් මුළු රට ගැනම කලකිරෙනවා. එකටත් පොලිසිය වගකියන්න ඕනේ නැහැවා මිස පොලිසයට බැනල වැඩක් නැහැ. පොලිසියට බනින සමහර මිනිස්සු පඩිය සහ ගාස්තු වැඩි කරන්න කියල වර්ජන කරනවා (රජයේ සේවකයෝ සහ බස් අයිතිකරුවන් ) තවත් කට්ටියක් අනිත් මිනිස්සු රවට්ටලා බොරු මවල අස්ප ගණන්වලට බඩු විකුණලා හැංගෙනවා(හොඳම උදාහරණය බැංකු සහ මූල්‍ය සමාගම් ). ඕව ඔක්කොම දකින අපි අපේ ලොක්කෝ හොරකන් කරනකොට කටවහගෙන ඉන්නවා අපිටත් අඹ ගෙඩියෙන් ලෙල්ලක් හරි හම්බ වෙන බව දන්නා හින්ද .(අ)
හෙට අනිද්දට සමස්ත ලංකා හිඟන්නන්ගේ සංගමය, සමෘදි ලාභින්ගේ සංගමය වගේ එක එක සංගම් බිහි නොවුනොත් තමයි පුදුමේ . මේක පුදුම විහිළුවක් . හැම දේටම සංගම් බිහිකරගන්න එක කලාවක් වෙලා . දැන් අපිට පුළුවන් එහෙනම් මරුටි වාහන සංගමය , විට්ස් වාහන සංගමය , ප්‍රයිසු වාහන සංගමය , හයිඑස් වාහන සංගමය වගේ සංගම් බිහිකරගෙන රජයට බලපෑම් කරන්න . ත්‍රිවිල් කාරයොයි , බස් කාරයොයි මදිවට දැන් යතුරුපදිකරුවොත් බලපෑම් කරන්න පටන් අරන් . මොන විහිලුවක්ද මේ . (අ)
දඩය තීරණය වියයුත්තේ වාහනයේ සුඛෝපභෝගීකම මත නොවේ (නි)
රියඅනතුරු වලට ලක්වෙලා රෝහලට ගෙනිච්චම වාහනේ එන්ජිමේ සීසී අනුපාතෙට ප්‍රතිකාරත් ලබා දුන්නා නං තවත් හොදයි. රටක තියෙන්න ඕනි එක නීතියයි. අවම දඩය රුපියල් 10,000 කරන්න. තමුන් නිවැරදිව රිය පදවනවා නං ගැටලුවක් වෙන්නේ නෑනේ. යතුරුපැදි සහ ත්‍රිරෝද රථ රියදුරන්ගේ නොහික්මුණු ක්‍රියාකලාපය නිසා තමයි අනතරු වැඩි. (අ)
මේකනම් මහා විකාරයක්. යතුරුපෙදී සංගමය කියල එකකුත් තියෙනවද? අදමයි ඇහුවේ. මමත් මෝටර් බයිසිකල් එකක් පදිනවා. නමුත් මම දැකල තියෙන විදියට 99% යතුරු පැදි සහ ත්‍රී රෝද රථ රියදුරන් කිසිම විනයක් නැතුව මර්ග නීති කඩනවා. වාහනයේ වටිනාකම අනුව ලෝකේ කොහෙවත් දඩ ගහන්නේ නැහැ. මෙම අයවැයෙන් මම දැකපු හොඳම තිරණය. ඕක වෙනස් කරන්න එපා. තමන් නීතියට අනුව තමන්ගේ රථය පදවනවානම් ඔය මොනවත් ප්‍රශ්න නැහැනේ. හැබැයි මේකේ වාසිය පොලිස් කාරයන්ට යන්නේ නැත්තන් හොඳයි (අ)
ඇදපල්ලා දිරියෙන් දියුණුවුණ අයගේ කකුලෙන්. සතුටු වෙන්න ඔවුන්ට වැරදුනවිට (නි)
බැංකොක් නගරයේ විනීත රියදුරන් දුටුවාම අපේ රටේ රියදුරන් කෙරෙහි කළකිරීමක් ඇතිවෙනවා. වාහනවල නලා නාදකිරීමක් නැහැ. මාර්ග නීති අකුරට පිළිපදිමින් ධාවනය කරන ආකාරය දුටුවාම පුදුමාකාර සතුටක් දැනෙන්නේ. අපේ රියදුරු මහත්වරුන්ට නීතිගරුක රියදුරන් වෙන්නට බැරි ඇයි? (නි)
දඩය ගහන්නේ රියැදුරා කරන වැරැද්දට මිසක් වාහනයට නොවෙයි. එම රියදුරාම වෙනත් වාහනයක් වුණත් පදවා එම වැරැද්දම කළොත් දඩය වෙනස්, මේ කියන සුත්‍ර කරන්න ගියොත්. රටම අවුල් ජාලාවක් සහ ලෝකය හිනස්සන වැඩක් වෙනවා. බස් වගේ ඒවාට 5000 කරන්න ඕනෑ. ඒවා මිනිස්සු ගොඩාක් ගෙනියන පොදු වාහන නිසා (නි)
මේක බොහොම හොඳ වැඩක්. මොන ප්‍රශ්න ආවත් නතරකරන්න හොඳ නැහැ (නි)
රටේ සිදුවන මාර්ග අනතුරු අඩුකරන්න නම් කළයුත්තේ නීති තදකිරීම මිස දඩ වැඩිකිරීම නොවේ. මේ වෙන මොකටවත් නොවෙයි පිං පඩි කන දේශපාලුවන්ගේ නඩත්තු වියදම් පියවා ගැනීමටයි (නි)
සුඛෝපභෝගී වාහන වලට දඩ කොහෙත්ම බලපාන්නේ නැහැ. මොකද ඒවා පදවන අය,ලොකු නිලධාරීන් සමඟ හැඳුනුම්කම් පවත්වනවා. (නි)
අවුලක් නැහැ. මේක මේගොල්ලන්ගේ අවසාන අයවැයලුනේ. (නි)
කැකිල්ලේ රජ්ජුරුවන්ගේ තීරණ වගෙයි. සමස්ත ලංකා යතුරුපැදි සංගමයේ තීරණ වලට ඉතින් තැනක් තියෙයිද? (නි)
ලංකාවේ පාරවල්වල යතුරුපැදි, ත්‍රී රෝද, බස් රථ සහ වැලි ප්‍රවාහන ටිපර් වලට අනිවාර්යයෙන්ම මේ නිතිය ගෙන ආ යුතුය. (නි)
හැමෝටම එකම විදිහේ දඩයක් තියෙන්න ඕනෑ. මොකද හැමෝම කරන්නේ එකම වැරැද්ද. හැබැයි රටේ තිබෙන වාහන ප්‍රමාණයට හරියන්න මාර්ග පහසුකම් තියෙනවද කියන එක ගැටළුවක්. කඩුගන්නාව කන්ද නගිද්දී ලොරියක් පිටිපස්සෙන් යන්න වුණොත් කොහොම ට්‍රැෆික් එකක් හැදෙයිද ඉස්සරහට මේ වගේ දඩ නිසා. (නි)
ඇත්ත. සාධාරණයක් තියෙන්න ඕනෑ (නි)
අපේ රටේ මිනිස්සු හෙල්මට් පළඳින්නේ ඔලුව පරිස්සම් කරගන්නවාට වඩා පොලීසියෙන් බේරෙන්න ඕනෑ නිසයි. මේ යෝජනාවත් අපිට වැරදි කරන්න දෙන්න අඩු දඩයක් ගෙවන්නම් වගේ කතාවක්. ගිය අවුරුද්දට 3000 මැරිලා මාර්ග අනතුරු වලින්. මම නම් කියන්නේ මේ දඩය මදි. හැබැයි පොලීසියටත් වගකීමක් තියෙනවා තමන්ගේ බලය පෙන්නන්න අහිංසක මිනිසුන්ට නිරපරාදේ දඩ නොගසා වැරදිකරුවන්ට පමණක්ම දඬුවම් කරන්න. දඩ ගෙවන්න බැරි මහත්තුරු නීතියට අනුවම මාර්ගයේ ධාවනය කරමු (නි)
දඩය කොපමණද කියන එකද ,නැතිනම් වැරදි නොකරන එකද වඩා වැදගත් ? වැරදි නොකරන්නේනම් දඩය කොපමණ උවත් කම්නැත . එසේ හෙයින් මෙය වෙනස් නොකරන්න. බස් රථ , තිරී රෝද රථ සහ යතුරු පැදි අදික ලෙස මාර්ග නීති කඩ කරයි . දඩ තව වැඩි කරන්න. (අ)
පදවන වහානයට නොව කරන වරදටයී දඩ නියම කරන්න ඕන .වැරැද්ද කාගෙ වුනත් එක සමාන දඬුවම දෙන්න . (අ)
දඩ මුදල විශාල වීම ඉතා වැදගත්, මර බියට තිත තැබිය හැකිවේවි. (ම)
හරිම හොඳ යෝජනාවක්. බයිසිකලයේ වටිනාකම රුපියල් ලක්ෂය නම් දඩය එක්ලක්ෂ තිස්දාහයි. නියමයි! (ම)
කොහොමත් දඩ මුදල වැඩි කරපු එක නං, බොහොම හොඳ වැඩක්.(ම)
එක පවුලේ සහෝදරයෝ වගේ කට්ටිය තමයි මේ නීතියට අකමැති. ලංකාවේ මාර්ග නීති කඩන තරමක් කඩන්නේ බස්, මෝටර් බයිසිකල් සහ ත්‍රීරෝද කට්ටිය. මම නම් කියන්නේ මේක තව වැඩි කරන්න ඕනෑ (නි)
සියයට අනූවක් පාරේ දුවන්නේ අවනීතියයි. නීතිගරුක රියදුරා පස්සටමයි. අවම දඩය සුදුසුයි. වාහනයේ වටිනාකම අනුව දුම් බද්ද වැඩි කිරීම හොඳයි. (නි)
ලංකාවේ නිදහස වැඩියි. යුරෝපේ රටවල් පාපැදියන් දිරිමත් කිරීම අරම්භ කරලලු. පාපැදියෙන් රැකියාවට යන එන පුද්ගලයන් දිරිමත් කරනවලු. හේතුව සෞඛ්‍ය,, තෙල් පරිභෝජනය අවම කිරීම වැනි පරිසරය රකින දේවල්. අපේ පොඩි රටේ එක එක්කෙනාට වෙන වෙනම වාහනයක් තියාගන්නේ කොහොමද කියලයි අපි බලන්නේ. (නි)
හරිම සාධාරණ ඉල්ලීමක්, නමුත් රථය පදවන්නේ රථයේ හිමිකරුම කියල තහවරු කරගෙනයි දඩය ගහන්න වෙන්නේ. නැත්නම් සැප වාහන පදවන රියදුරු මහත්වරුන්ට දෙවියන්ගේම පිහිටයි. පොඩි පඩියක් අරගෙන ලොකු දඩයක් ගෙවන්න වේවි. (ම)
හොඳ යෝජනාවක් (ම)
මාර්ගයේ ගමන් ගන්නා වාහන අධි සුඛෝපභෝගී හා එසේ නොවන ලෙස නීතිය අනුව වර්ග කරන්න බෑ. හේතුව අධිසුපෝපභෝගී වාහන හඳුනාගැනීමට පැහැදිලි නිර්ණායකයක් නෑ. වාහන වර්ග කල හැක්කේ සිලින්ඩර් ධාරිතාව අනුව සහ යතුරුපැදි,ත්‍රිරෝදරථ, සැහැල්ලු වාහන ආදී ලෙස පමණි. (ම)
නීති උල්ලංඝණය කරන අය වෙනුවෙන් මීට වඩා දඩ ගැසිය යුතුයි... කෙනෙකුට මුදල් තිබූ පලියට වාහන මිලදී ගෙන තව කෙනෙකුගේ ජීවිතය බිලි ගැනීමට ඉඩ නොදිය යුතුයි... (ම)
වැඩිම හානිය වෙන්නේ පොඩි වාහන නිසා ඒවගේ දඩ මුදල තව වැඩි කරන්න. බස් ඇතුළුව. (ම)
දඩ මුදල මීටත් වඩා වැඩිකල යුතුය. සියළු රථ වාහන සදහා එකම දඩ මුදලක් දියුණු රට වලද ක්‍රියාත්මක වේ. තෙවරක් එකම වරද කර ඇත්නම් පුහුණු පන්ති සඳහා යොමු කළ යුතු අතර තවදුරටත් එම වරද කරන්නේ නම් රියදුරු බලපත්‍රය අවලංගු කළ යුතුය. (ම)
තමන් වැරදි නොකර හරියට යනවා නම් දඩය කීය වුණාම මොකෝ? (නි)
දඩය වැඩිකළ එක හොඳයි, අඩු ආදායම් කියලා නැහැ හැමෝම කරන්නේ එකම වැරැද්ද. (නි)
හරියට නීතියට ගරු කරලා වාහන ධාවනය කරනවානම් මොකටද මේ දඩ මුදලේ ගණන ගැන කලබල වෙන්නේ අනිකුත් රටවල වගේ හරියට මාර්ග නීති පිළිපැද්දානම් දඩ ගෙවන්න වෙන්නේ නෑනේ (ම)
මේ අයට හොඳටම පිස්සු. රටේ නීතිය හැමටම පොදුයි. වෘත්තිය සමිති හදාගෙන මේ අයත් දේශපාලකයන් වගේ (නි)
වැඩියෙන්ම නීති කඩන්නේ මොටසයිකල් සහ ත්‍රී වීලර් එයාලගේ දඩය 20000වත් කරන්න ඕන. (අ)
ටිකිරි බණ්ඩා, ඊට ලෙහෙසියි නේද ඒක මහ බැංකුවේ හොරකම් කළ සල්ලි වලින් කරන එක? (නි)
අපේ රටේ තියෙන නීති රීති හරිම ලිහිල් අනෙක් රටවල් එක්ක සසඳද්දී. කොළඹ අවටම ගත්තොත් අමු අමුවේ මාර්ග නීති කඩන අය ඇස් පනාපිටම දැකගන්න පුළුවන්. (ම)
අදහස් දාලා තියෙන ගොඩක් අයට අඩුම තරමේ පා පැදියක්වත් තියෙනවද දන්නේ නැහැ. (නි)
එතකොට රාළහාමිට 500 ගෙවලා ශේප් වෙලා යනකොට රටේ නීතිය හැදෙයිද. දඬුවම් ලැබෙයිද වැරදිකරුවන්ට. නීති හදන මිනිසුන්ගෙත් නීතිය ක්‍රියාත්මක කරන මිනිසුන්ගෙත් වාහන පදවන අයගේ විනය හැදෙනකම් මාර්ග අනතුරුනම් වළක්වන්න බැහැ. මේ ක්‍රමය යටතේ ඕක කවදාවත් කරන්න බැහැ. මාර්ග නීති කඩන එක විකුණලා ආණ්ඩුවේ මුල්‍ය අර්බුදය විසඳන යෝජනා වැඩක් නැහැ. වරදකරුවන්ව අඩුමගානේ සතියක්වත් හිරේ දාන්න ඕනෑ අනතුරේ තරම අනුව (නි)