මෙවර ඉන්දියා සංචාරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පුළුල් ආර්ථික සහයෝගිතා ගිවිසුමක් (සීපා) ගැන සාකච්ඡාවක් හෝ අවසන් තීරණයක් නොගනු ඇතැයි සංවර්ධන උපාය මාර්ග හා අන්තර්ජාතික වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා කියයි.
වික්‍රමසිංහ මහතා සහ ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි එම ගිවිසුම අත්සන් කරනු ඇතැයි ඇතැම් දේශපාලනඥයන් ගෙන යන ප්‍රචාරය ඔහු ප්‍රතික්ෂේප කරයි.
මෙවැනි තීරණාත්මක ගිවිසුමක් අත්සන් කිරීමට පෙර ඉතා සියුම් ලෙස පරීක්ෂා කළ යුතු අංශ ගණනාවක් ඇතැයි ඇමැතිවරයා පවසයි.
විමල් වීරවංශ මහතා මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දක්වන අතර එය අත්සන් කිරීමෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොලනියක් වනු ඇතැයි පැවසීය. නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ රටේ ජනතාවට හොරෙන් මෙම ගිවිසුම අත්සන් කිරීමට යන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමල් මන්ත්‍රීතුමා කියන කතාව ඇත්තක්. මේ ගිවිසුම නිසා ලංකාවේ බොහොමයක් මධ්‍යම පරිමාණයේ කර්මාන්ත ශාලා වැසි යාමේ තර්ජනයක් තියෙනවා.මම හිතන්නේ නැහැ අගමැතිතුමා සොයා බැලීමකින් තොරව මේ වගේ දෙයක් කරාවි කියල.(බ)
ඇයි මේ ගිවිසුම ප්‍රතික්ෂේප කරන්නේ නැත්තේ? (නි)
අපේ පාලකයන්ට නියම ඉන්දියානුවෝ ගැන දැනගන්න විදිහක් නැහැ මොකද ඔවුන් සාමාන්‍ය ඉන්දියානුවන් සමඟ ගැටෙන්නේ නැති නිසා නමුත් ඉන්දියානුවන්ගේ ආකල්ප සහ හැසිරීම් ගැන දන්නා ඕනෑම කෙනෙක් මෙවැනි ගිවිසුම් ගැන සාධාරණ බියක් තියෙනවා (ම)
එහෙනම් එය සැනසිලිදායක දෙයක්. නමුත් එම ගිවිසුම වැනි ගිවිසුමක් වෙනත් නමකින් හෝ ඉන්දියාව ඉදිරිපත් කළ හැක. කලාපයේ බලවතා වුණත් ඉන්දියාව සමඟ ප්‍රවේශමෙන් ගනුදෙනු කිරීමට අගමැතිතුමා බුද්ධිමත් බව අපගේ විශ්වාශයයි. (නි)
මේ ලොක්කා කලින් ගිවිසුම ගැහුවේ කියලද ? (ම)
සතුටුදායක ආරංචියක් (නි)
ගරු රනිල් මහතා බුද්ධිමතෙක්. එතුමා දන්නවා මොකක්ද වෙන්න ඕනෑ කියලා. රටේ අභිවෘද්ධිය වෙනුවෙන් අගමැතිතුමා හරි තීරණය ගනීවි. (නි)
රටට අවැඩක් වෙන කිසිම දේකට කැමති වෙන්න එපා (නි)
සිල්වා, ඔය ගිවිසුම ගැහුවට පස්සේ ඔයාට හැම දෙයක්ම ඉන්දියන් කාරයන්ට විකුනන්න සිදු වේවි (අ)