කොල්ලූපිටියේ පිහිටි ප‍්‍රසිද්ධ වෙළෙද ආයතනයක ජේෂ්ඨ විධායක නිලධාරියෙකුට අයත් සුඛෝපභෝගි මෝටර් රථයක් අද උදේ සිට සවස් වනතුරු අංගොඩ කොහිලවත්ත කැළණි ගඟ අසල නවතා තිබුණත් ඔහු නොපැමිණි බව පොලිසිය කියයි.
හොඳට හැද පැළැදගත් අයෙක් රථයෙන් බැස කැළණි ගඟ අසලට ගිය බවත්පසුව ඔහු කැළණි ගෙඟ් ගසාගෙන යන අයුරු දුටු බවත් අසල් වැසියෝ කියති. ඔහුගේ ටයිපටිය, ජංගම දුරකතන ඔහුගේ රියේ තිබිණි. ගගෙහි ඒ පෙදෙසේ ගැඹුර අඩි 16 කි. නාවික හමුදාව ඊට සුළු මොහොතකට පසු ගඟට වැටුණු අය සොයා ඇති නමුත් උත්සාහය සාර්ථක වී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලේ මිනිස්සුන්ට මාර ප්‍රශ්නනේ තියෙන්නේ. එකක් කාර් එකේ ෆිනෑන්ස් එක, ලයිට් බිල , කෑම බීම, ළමුන්ගේ ඉස්කෝල , වැඩ කරන තැන ප්‍රශ්න... තව ඉස්සරහට මොනවායින්මොනවා කර ගන්න වෙයිද දන්නේ නැහැ (නි)
මේ මනුස්සයට ජීවිතේ එපා වෙලා තිබිලා වගෙයි. ජංගම දුරකතනය තුලින් තොරතුරු ලැබේවි. (නි)
මොනවා වුණත් මර්වින් ඇමතිතුමා හිටියා නම් මෙහෙම දේවල් නොවන්න තිබුනා. (නි)
උගත්කම ,යාන වාහන,මිල මුදල් , ගැන හිතන්නේ නැහැ මානසික මට්ටමෙන් වැටුනහම. මිනිස් ජීවිතයක් ලැබෙන්නේ කල්ප ගනනාවක් පෙරුම් පුරලා බුදු දහමේ හැටියට. ඔය කියන පුද්ගලයට තිබුනේ තමා සතු සියලූම දේ දන්දීල ආරන්‍යගත වීමයි. සියදිවි නසා ගන්නවාට වඩා.(නදී)
කරුණාකර මළගිය අයට අගෞරව නොකරන්න (නි)
සමහර විට මේ මනුස්සය සිගරැට් එකක් ගහන්න ගියාදෝ දන්නේ නැහැ ගග අයිනට. නොදැනුවත්කමට වැටුනාදෝ දන්නේ නැහැ. සිය දිවි නසා ගැනීමක් කියලා තීරණය කරන්න එපා දැන්ම. වෙච්ච දේ හරියට දැනගන්නත් කලින් අපේ අය ප්‍රශ්න කීයක් ගැන දුක් වෙලාද? (නි)
අනිච්චාවත සංඛාරා.(නදී)
චතුල....කැළණි ගඟ කිව්වහම හැම පැත්තම කැලණියට අයත් වෙන්නේ නැහැ. මේ කියන හරිය අයිති වෙන්නේ කොලොන්නාව ආසනයට. (නි)
ප්‍රශ්නවලට ලෙහෙසිම විසදුම එයා හොයාගන වගේ. කැසිනෝ වලට ගිහින් එයා ණය අරගන තියෙනවද කියලා, හොයො බලන්න කියලා මම පොලිසියට යෝජනා කරමි. (නි)
ජූඩ්,මෝඩ කතා කියන්න එපා. ඇයි ඉස්සර කාලේ මිනිස්සු කෑවේ නැද්ද? බිවුවේ නැද්ද? ඉස්සර කාලේ ළමයි ඉස්කෝලේ ගියේ නැද්ද? ඉස්සර විදුලිය නිකන්ද දුන්නේ? අතීතය හා වර්තමානය සසඳන්න එපා! බ්ලැක් ඇන්ඩ් වයිට් දැන් කලර් වෙලා. (නි)
වැඩක් නැහැ කතාකරලා (නි)
මේක සානුකම්පිත අනියම් පෙමක විකල්ප ප්‍රතිඵලයක් සේ පැහැදිලියි.(නදී)
නිසල්, මේවත් ආශ්චර්යයේ කොටසක්. (නි)
අපරාදේ සැප කාර් එක ඇතුලෙම සැපට මැරෙන්නනේ තිබුනේ එයාට. ගඟේ පැනලා සීතල වතුරේ මැරුනේ. විෂ්නු දෙයියන්ටත් බට කොළ කන්න වුණාලු පෙර කරපු පාපයකට (නි)
විධායකතුමාට ගෙදර විදුලි බිල ගෙවන්න බැරුවද දන්නේ නැහැ (නි)
අපි ලෝකේ සේරම දේවල් බදා ගන්න ගිහින් මානසික පීඩාවෙන් ජීවත් වෙනවා. චාම් සරල ජීවිතයක් ගත කරලා බලන්න හරිම සුන්දරයි. මම බොහොම සතුටින් ජීවත් වෙන්නේ. ලෝකේ සේරම දේවල් ලබා ගන්න උත්සාහ කරන්නේ නැහැ. එහෙම වුණහම මේ වගේ කණගාටුදායක සිද්ධි වෙන්නේ නැහැ. (නි)
මේකට දාලා තියන ප්‍රතිචාර දැක්කම පුදුම හිතෙනවා. මිනිස්සු කොච්චර අධ්‍යාත්මික අතින් පිරිහිලාද කියලා. මැරුණු මිනිහෙකුටවත් නිදහසේ ඉන්න දෙන්නේ නැහැ. ඔයාලා සේරම මිනිස්සු නේද?(නදී)
පුදුම අසල්වැසියෝ. ගහගෙන යනවා දැක දැකත් බලාගෙන ඉදලා (නි)
ජූඩ්, ඔවු ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට ආර්ථික ප්‍රශ්ණ වැඩි බව ලංකාවට ආවහම තේරුණා. දරුවෝ ගොඩක් දෙනෙක් ළඟ ස්මාර්ට් ෆෝන් ,බිරිඳ නිතරම බියුටි සැලූන්වල, මේ අමතර පන්තිය ඉවරවුන ගමන් ත්‍රීවීල් එකේ නැගල අනිත් පන්තියට දුවනවා. ගෙදරින් බත් එකක් අරන් පන්ති යන ලමයි දකින්න නෑ. හෝටලෙන් කන්නේ. මම මේවා නොකළ යුතුය කියන්නේ නෑ. සමහරු ආර්ථිකය ගැන කතාකරන විට මේවා දකින්නේ නෑ.(නදී)
බොරු ප්‍රතිචාර එපා. ෂෙහාන් මහතා අපේ ප්‍රධානියා. ඔහු හොඳ කළමනාකරුවෙක්. හොඳ පුද්ගලයෙක්. (ස)
මෙයා අපේ කොල්ලුපිටියේ ඔෆිස් එකේ කෙනෙක්වත්ද ? (නි)
කෑළණියෙ 'අපේ' සංවිධායකතුමා හිටියා නම් මේ වගේ දේවල් වෙන්නෙ නැහැ. දෑන් ඉතින් දුක් වෙලා වැඩකුත් නැහැ (නි)