කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සංගීත හා නාට්‍ය කලා පීඨයේ සිසුන්ගේ ගැටළුවට විසඳුම් ඉල්ලා හා පන්ති තහනම් කළ සිසුන් යළි ගන්නැයි ඉල්ලමින් එම සිසුහු අද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට පාගමනින් ගියහ.
සෞන්දර්ය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය එය සංවිධානය කර තිබුණි.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පිහිටි වෝඩ් පෙදෙස පොලිසියෙන් වසා දැමීමත් සමග දැඩි වාහන තදබදයක්ද ඇති විය. සෞන්දර්ය සිසුහු රෝහල පාරේ රැඳී සිටිති. ජල ප්‍රහාරක රථද කැරලි මර්දන බළ ඇණිද තැන තැන රඳවා ඇත.
සිසුන්ගෙන් දස දෙනකුට පමණක් ප්‍රතිපාදන කොමිසම සාකච්ඡා කිරීමට ඉඩ ලැබිණි.
ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා හිතුවේ යහපාලනයෙදී සිසු උද්ඝෝෂණවලට ජල ප්‍රහාරක රථ,කැරලි මර්දන බළ ඇණි ආදිය අවශ්‍යය නැහැ කියලා. (බ)