උතුරුමැද නියෝජ්‍ය පොලිස්පති පද්මලාල් සඳුන්ගහවත්ත පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීව සිටියදී 2014 දී පුත්තලම පොලිස් අධිකාරී කාර්යාලයේ නවීකරණ කටයුත්තක දී රුපියල් ලක්ෂ 21.5ක් වංචා කළැයි කියන සිද්ධියට අදාලව අදත් (19) ඔහුගෙන් පැය 9 කට ආසන්න කාලයක් ප්‍රශ්න කළ බව පොලිස් ආරංචි කියයි.
බ්‍රහස්පතින්දා (18) දිනයේ ද ඔහුගෙන් දීර්ඝ වේලාවක් ප්‍රශ්න කර පිළිතුරු සටහන් කර ගත්තේය.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතා මෙම පරීක්ෂණය මෙහෙයවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම නිලධාරියාටද දිට්ට ධම්ම වේදනීය කර්මයට මුහුණදීමට සිදුවීම සතුටකි. (නි)