අනුරාධපුරයේ ඉදිකරමින් පවතින සඳ හිරු සෑයේ සර්වඥ ධාතු නිදන්කිරීම ලබන 23 දා සිදුකිරීමට නියමිතය. වරින් වර අනුරාධපුරයට ඇදහැලෙන මහ වැසි නොතකා දාගැබේ ඉදිකිරීම් දැන් ලහි ලහියේ සිදුවෙමින් පවතී. අඩක් නිමවී ඇති දාගැබ දැක බලා ගැනීමට බැතිමත්හු විශාල වශයෙන් එහි පැමිණෙති. සඳහිරු සෑය ඉදිකළ පසු එය සලපතල මළුවේ සිට උස අඩි 279ක් උසැතිය. උසින් සඳ හිරු සෑය දෙවැනි වන්නේ අඩි 299ක් උසැති රුවන්වැලි සෑයට පමණි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දාගැබ් මහා වැව් බැන්ඳේ නුඹයි පුතේ..... සීගිරි ගලේ කවි ලිවුවේ නුඹයි පුතේ.... නඟුලෙන් එදා රජකෙරුවේ නුඹයි පුතේ" (නි)
මේක ඉවර වුනාම දාන රජුගේ නම මොකක්ද? අපිට හිතා ගන්න පුළුවනි මොකද හදිස්සිය කියලා. (හේ)
දාගැබ්, වැව් පන්සල් ආදිය හදන එක හොඳ දෙයක්. අරමුණ අනුව තමයි ක්‍රියාවේ අගය තීරණය වෙන්නේ (නි)
ඉක්මනින් හැදෙන එක හොදයි.(හේ)
දුර පළාත්වල පන්සල් වැහෙනවා . සමහර පන්සල් ගරා වැටිලා. මේවාට නේද මුල් තැන දෙන්න ඕනේ . ලංකාවේ කොච්චර දගැබ් , වැව් තියෙනවා ප්‍රතිසංස්කරණ කරන්න. මොකක්ද මේ වියරුව.(හේ)
ඉතාම සතුටුයි (නි)
උතුම් වැඩක් සැමට පින් (අ)
කවුරු මොනවා කිවුවත් සොලින් විනාශකළ දාගැබ් වෙනුවෙන් තව දහසක් අපි ඉදිකරනවා (නි)
මේ පිංකම මහත් පල මහානිසංශ ගෙනදෙන පින්කමක් .ඒවගේම මේ ගැන විරුද්ධ මත පල කරන අයත් මේ දෙය දැන ගන්න .අපේ ගෞතම බුද්ධ ශාස්හනයේ අසුමහා ශ්‍රාවකයන් වහන්සේලා අතර ලකුන්ටක බද්ධිය නමින් මහරහතන් වහන්සේ නමක් වැඩ හිටිය .උන්වහන්සේ ඉතාමත් කොට ශරීරයක් සහිත භික්ෂුවක් .බොහෝ අයගේ උසුළු විසුළු වලට ලක්වුණු කෙනෙක් බවට පත්වුණා මේ කොට භාවය .එකට හේතුව ලෙස තථාගතයන් වහන්සේ උගන්වා වදාළේ කාශ්‍යප බුදුන්ගේ කාලයේදී එක්තරා චෛත්‍යක් නිර්මාණය කරන කොට එහි උස ඔය තරම් අවශ්‍ය නැතයි ප්‍රකාශ කිරීම මෙතුමා කල නිසා එම අකුසලය පලදුන් බවයි .එමනිසා අපි හැමෝම මේ කටයුත්තට සහය දී පින් කුසල් රැස් කර ගනිමු . (ස)
මේ පිංකම මහත් පල මානිසංශ ගෙනදෙන පින්කමක් .(හේ)
ගොඩ නගන කොට තිබුන නම විවෘත කරන කොටත් තිබේවිද දන්නේ නැහැ (නදී)
අනෙක් ගරාවැටුණු දාගැබ් ටිකත් මේ විදියටම හදන්න පුලුවන් නම් හොඳයි (නි)
අපේ රට ආගමික අංශයෙන් මේ ආකාරයෙන් යහපත් ගමන් මඟක යෑම ගැන සතුටුයි (නි)
අපරාදේ සල්ලි අර දුප්පත් මිනිස්සුන්ට නිවාස හදලා දුන්නා නම් කොතරම් හොදද?(හේ)
මේවා ලහි ලහියේ කොරන්න ඕනේ නැහැ. ජොතිශය පස්සේ යන මිත්‍යා දුෂ්ටිකයෝ මේකෙන් චන්ද වාසි ගන්න නේද හදන්නේ? තල වපුරා මුං නොලැබේ. (දිල්)
වසර 1600කට පසුව සිදු කරන විශාල පුන්‍ය කර්මයක්. පිනට ගරහා අකුසල් රැස් කරගන්නා අය ගැන කනගාටුයි. (හේ)
දාගැබ් මහා වැවු බැන්ඳේ නුඹයි පුතේ..... සීගිරි ගලේ කවි ලිවුවේ නුඹයි පුතේ.... නගුලෙන් එදා රජකෙරුවේ නුඹයි පුතේ.... පැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ..... ඉර හඬ අදත් පායනවා හද අරණේ... මගේ රට ණයට කෑවේ නැහැ කිසිම දිනේ.. හෙළ දරුවන් එදා මේ සිංහල දෙරණේ .... ඔවුනගේ දහදියයි ලද උත්තම සරණේ.... [තිස් වසරක යුද්ධයකින් පසු ත්‍රිවිධ හමුදාව ඇතුළු ජනාධිපතිතුමන් කරන සාඩම්බර මහැසයට අපිද දායකවුවෙමු. ගොඩාක් උතුම් වැඩක්!] (නි)
මේවා තමයි සිදුවිය යුත්තේ.... (නි)
උඩින් අදහස් දමා ඇති සමහර අය ගැන දුක හිතෙනවා (නි)
පින්සිදු වෙන මහා කුසලකර්මයක් (නි)
විද්‍යා, ඇයි හැමදේකම නරක දකින්නේ? වැහෙන පන්සලුත් ඇති. ඒ ගැන අපිටත් දුකයි. ඒ වගේම අළුතින් පන්සල් හැදෙන එක ගැන සතුටුයි. අනුරාධපුරය ඔයාට ළඟ ඇති. දුර අයත් ඉන්නවා. මේකෙ කිසි වරදක් නැහැ. (නි)
ඇයි දැන් ලහි ලහියේ මේ කටයුතු කරන්නේ ? නියමිත ප්‍රමිතියෙන් යුතුව චිරාත් කාලයක් පැවතීමට නේද ගොඩ නැගිය යුත්තේ ? (හේ)
මෙවන් ඉදිකිරීම් කවදාහෝ වැදගත් වන්නේ අපේ අනාගත පරම්පරාවටයි (නි)