බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින හුඩ්හුඩ්ඉතා චන්ඩ සුළිකුණාටු අද  දහවල් ඉන්දියානු ගොඩබිමට ඇතුල් වූ අතර ඉදිරි දින තුල දී  ක්‍රමයෙන් දුර්වල වනු ඇත. කෙසේ වෙතත් එහි බලපෑම නිසා දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළයාමට හැකියාව තව දුරටත් (අද දිනයේ) පවතී. විශේෂයෙන් උතුරු මුහුද රළු වීමේ හැකියාව ද පවතී. හෙට දිනයේ සිට සුළං වේගය අඩු වේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන වැසි හෝ  ගිගුරුම් සහිත වැසි  ඇති වේ. වයඹ පළාතටද මෙම වැසි පැතිර යා  හැක.

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව, නැගෙනහිර සහ උතුරු පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.  

ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශ වල තාවකාලිකව තරමක තද සුළං ද ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.  

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 13/10/2014   

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

24

95

65

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැක

මඩකලපුව

32

25

80

50

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැක

කොළඹ

31

27

85

75

වැසි වාර කිහිපයක්.

ගාල්ල

30

26

90

80

වැසි වාර කිහිපයක්.

යාපනය

32

27

90

75

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැක

මහනුවර

29

20

95

60

වැසි වාර කිහිපයක්.

නුවරඑළිය

20

12

85

55

වැසි වාර කිහිපයක්.

රත්නපුරය

31

23

95

60

වැසි වාර කිහිපයක්.

ත්‍රීකුණාමළය

34

26

95

75

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැක

මන්නාරම

31

28

85

80

වැසි ස්වල්පයක් ඇතිවිය හැක.