ඇමෙරිකානු සහ ජර්මන් චරිතාපදාන දේශපාලනික සිනමාපටයක් වන ස්නෝව්ඩන් සිනමාපටය හෙට දිනයේ සිට හොලිවුඩයේ නව නිර්මාණයක් ලෙස සිනමාහල්වලට එක්වීමට නියමිතය. "ඔලිවර් ස්ටෝන්"ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මෙම චිත්‍රපටය "ලුකී හාඩින්ග්ගේ "The Snowden Files" ග්‍රන්ථය සහ "ඇනටොලි කුචෙරීනාගේ "Time of the Octopus" ග්රන්ථ පාදක කරගනිමින් නිර්මාණය වූවකි.
2015 පෙබරවාරි 16 වැනිදාජර්මනියේ මියුනිච්හිදී රූගත කිරීම් ආරම්භ කරන ලද ස්නෝව්ඩන් සඳහාජෝසප් ජෝඩන් - ලෙවිට්, ෂැයිලෙන් වූඩ්ලි, මෙලීස්සා ලියෝ, සැචාරි කුයින්ටෝ, ටොම් විල්කින්සන්, ස්කොට් ඊස්ට්වුඩ්, ලෝගන් මාෂල් - ග්‍රීන්, තිමති ඔලිපන්ට්, බෙන් ස්චෙන්ට්සර්, ලාකිත් ලී ස්ටෑන්ෆීල්ඩ්, රේස් ඉෆාන්ස් සහ නිකලස් කේජ් රංගනයෙන් දායක වෙති.
ඇමෙරිකානු පරිගණක ක්ෂේත්රයේ රැකියාවෙහි නියුතුවන්නෙකු මෙන්ම පෙර කල ඇමෙරිකාවේ බුද්ධි අංශයේ සේවයේ යෙදුණු එඩ්වඩ් ස්නෝව්ඩන් රජයේ රහසිගත විස්තර අනවසරයෙන් ලොව පුරා ප්‍රසිද්ධ කරනු ලබයි. මේ සමග ඇමෙරිකානු රජය දැඩි කැළඹීමකට ලක්වන අතර, මෙම සිද්ධියත් සමග ස්නෝව්ඩන් ලොව පුරා ප්‍රකට චරිතයක් බවට පත්වෙයි. නමුත් ඔහුගේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් ඔහු ඇමෙරිකානු රජය හමුවේ දේශද්‍රෝහියකු මෙන්ම අපරාධකරුවෙකු වූ නමුදු මහජනයා හමුවේ රජයේ නොමනා ක්‍රියාකලාපයන් ලොවට හෙළිකළ වීරයෙක් බවට පත් වෙයි. මෙම සිනමා නිර්මාණය තුළින් දිගහැරෙන්නේ ස්නෝව්ඩන්ගේ ක්‍රියාකලාපය ඇතුළත්චරිතාපදානයයි. ඉංග්‍රීසි බසින් නිර්මාණය වී ඇති මෙම සිනමාපටය ඇ.ඩො. මිලියන 50ක් වැය කරමින් නිර්මාණය කර ඇති අතර,එය මිනිත්තු 134ක පමණ කාලයක් ඔස්සේ දිවෙයි. මෙහි බෙදාහැරීම් කටයුතු "Open Road Films" සිනමා සමාගම වෙතිනි.
අනුෂි දන්තනාරායන



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd