(සුජිත් හේවාජුලිගේ)
චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොරෝනා මර්දන එන්නත මෙරටේ හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අද (16) අනුමැතිය ලබා දුන්නේය.
මේ අනුව හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී ඇති සියලුම එන්නත්වලට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
මෙම එන්නත හදිසි භාවිතය සඳහා යොදා ගැනීමට අනුමැතිය ඉල්ලා සෞඛ්‍ය අංශ විසින් ඖෂධ නියාමන අධිකාරියට මෑතකදී අදාල ලියකියවිලි ඉදිරිපත් කරනු ලැබ තිබිණ.
සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙරට හදිසි භාවිතය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී ඇති කොරෝනා එන්නත් සංඛ්‍යාව හයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැනඩාව පිළිගන්නේ නැහැ කියන ආරංචියක් තිබෙනවා. මෙහෙන් එන්නත් දෙකම ගහගෙන ගියත් එහෙ සති 2 ඔවුන් කියන හෝටලයක නිරෝධායනය වෙන්න ඕනෙලු. අපිට ගෙවල් තිබෙනවා... අපි මොකටද හෝටල් වල නිරෝධායනය වෙන්නේ?
ස්පුට්නික් ගහපු නුවර අයට දෙවෙනි මාත්‍රාව නැතිද? එ්කට විකල්ප තියෙනවද?
සයිනොෆාම් තරම්වත් හොඳ යයි අනුමතයක් නැති මෙවැනි එන්නත් ලබාගෙන ඇති අයවලුන් තවත් ලෙඩේ පැතිරුවොත් වගකියන්නේ කවුද? අපේ රටින් පිට රටකට සල්ලි යවන්න ඕනේ වැඩක් ඇති දේකට නොවේද?
ඇත්ත. කැනඩාව දැනට එන්න දෙන්නේ කැනඩාවේ පුරවැසියන්ට සහ ස්ථීර පදිංචිකරුවන්ට විතරයි. නිරෝධායනය නොවී එන්න නම්, කැනඩාවේ අනුමත බේත් වලින් එකක් විදලා තියෙන්න ඕනෑ. ගොඩක් රටවල් නීතිය එහෙමයි. ලංකාවේ ඉතින් බේත් විදින්නේ ලෙඩෙන් බේරෙන්න මිසක් කැනඩාවේ යන්න නෙවෙයි නිසා ප්‍රශ්නයක් නෑ.
පිටරටදේ සිරි සැප දේ කිව්වලු... ජයවේවා..!!!
ඒකත් අැ.ඩොලර් 15ක්ද?