වසර දහයකට වැඩි කාලයක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු හා හිරියාල සංවිධායක වූ ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී සුමේධ කාරියවසම් මහතා අද එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.
වයඹ විපක්ෂ නායක ජේ සී අලවතුවල මහතා අතින් සාමාජිකත්වය ලබා ගත් කාරියවසම් මහතා කීවේ ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගයාන්, දැන්වත් තේරුම් ගන්න. සමාජවාදය කියන්නේ වමතින් දඟපන්දු යවලා දකුණතින් පිතිකරණයේ යෙදීමක් වගෙයි කියලා. (නි)
බන්දුල පෙරේරා කඩේ යන පක්ෂයේ ඔය වැරදි මොකුත් නැති පිරිසිදු පක්ෂයක් වගේ කතා කරන්නේ. දන්නෝ දනිති.පොළවේ පයගහලා ඉන්න සාමාන්‍ය මිනිහෙකුට ඔයතරම් නැහීගෙන කඩේ යන්න උවමනාවක් නැහැ. (නි)
වැඩේ හොඳයි. අවබෝධය එනකොට, අනාගතය මතක් වෙනකොට ප්‍රධාන පක්ෂ වලට යනවා. නමුත් අද ජේ වී පී එක ඉතා ජනප්‍රියයි.ඔවුන් තනිවම විපක්ෂයේ කාර්යභාරය කරනවා. (නි)
බන්දුල මල්ලි, එයා ගියේ විපක්ෂයට මිසක් ආණ්ඩු පක්ෂයට නොවේ (නි)
ඕක තමයි මහත්වරුනේ ඔය පක්ෂයේ යථාර්තය. හිටපු නායකයෝ කොටසක් වලපල්ලේ. ඉතුරු කොටස කෝටි ප්‍රකෝටි පතියෝ. කවදාවත් බලයක් එන්නේ නැති නිසා අපිට මෙයාලගේ සැබෑ ස්වරූපය බලන්න වෙන්නේ නැහැ. නැතිනම් ඉතින් ඔක්කොම එකම බෝට්ටුවේ උඩුගං බලා යන කට්ටිය තමයි. (නදී)
පක්ෂයක් කියන්නෙත් සමාජයේ කොටසක් පමණයි කියන එක පළමුව තේරුම් ගන්න ඕනෑ. සමාජයේ ලොකු - කුඩා,හොද - නරක, මෝඩ - බුද්ධිමත් ආදී වශයෙන් මිනිසුන් ඉන්නවානේ. එක පුද්ගලයෙකු පක්ෂය මාරුකළා කියලා ඇයි මේ අනෙක් මිනිසුන්ට නිගා ගෙනෙන්නේ. දැන් ඔය අනෙක් පක්ෂ වලත් කරනම් ගහන උදවිය ඉන්නකොට ඒ අය හිටි පක්ෂ වල උදවියත් ඔය ගොඩටම දමන්නේ නැහැ නේද? ඇයි මේ තරම් කැපිල්ල? (නි)
විජේවීරටත් බැරිවූ විප්ලවය කරනවා කියා පක්ෂය කඩාගෙන ගිය අය අන්තිමේ නවතින තැන තමයි ඔය. (නි)
සල්ලි වලට, තනතුරු වලට , බලයට කෑදර පුද්ගලයින්ට ජේ වී පි එකේ ඉන්න බැහැ. (නදී)
කට්ටිය ගැන දුකයි. ඕකේ වැඩියෙන්ම ඉන්නේ රොෂාන් පෙරේරා ඔයා කියන ජාතියේ කට්ටිය තමයි. නිකමට බලන්නකෝ ඔය ගම්වල ඉන්න ජෙප්පෝ දිහා. තමන්ට නැති හින්ද අනුන්ටත් එපා කියන අනුන්ගේ දියුණුවට ඉරිසියා කරන අය තමයි (නදී)
මේ මහත්තය 88 ට පස්සේ ඉපදුන කෙනෙක්ද. (නදී)
"කවදාවත් බලයක් එන්නේ නැති නිසා අපිට මෙයාලගේ සැබෑ ස්වරූපය බලන්න වෙන්නේ නැහැ." ඒවගේම අපි බේරිලා ඉන්නවා. නැතිනම් නිකම්ම නිකන් හිටියට මට කොහෙන්ද වාහන කීපයක් නේද? (නදී)
මට පේන්නේ මෙයා හොඩේ නෙවෙයි වලිගේ එල්ලිලා තියෙන්නේ. (නදී)
සීනු වගේම ඝන්ඨාර ටිකත් කොහොම හරි එල්ලා ගත්තා නම් රනිල් මහත්තයා ගොඩම තමා. එ්කාලේ මිලට ගෙන දැනට උකස් කරලා තියෙන බ්‍රේස්ලට් එක සින්න නොවී බේරාගන්න පුළුවන් (නදී)
බමුණු බයිලා කියනවා. මට වාහන දෙකක් තියෙනවා. .ෆුට් සයිකලෙකුයි මෝටර් සයිකල් කට්ටකුයි. බමුණු හිතන ජාතියේ වාහන මට නැහැ. බමුණු වෙන කාවද ගැන හිතල රැවටිලා වගේ. මම බොහොම සාමාන්‍ය පොළොවේ පය ගහල ජිවත් වන ගැමි චරිතයක්. බමුණු වගේ මහේ සාක්‍ය කලු කෝට් බෑයක් නෙමෙයි. (නදී)
මෙයා ජේවීපී එකෙන් ඉවත් උනේ 2010. ඊට පස්සෙ පෙරටුගාමී සංවිදායක. (නදී)
සමරෙ[ගාල්ල } , 88 පෙර ඉපදුන විමලය දැන් කොහෙද ඉන්නේ ? (නදී)
බන්දුල එතකොට විමල් 88 යුගයේ කෙනෙක් නෙවෙයිද? කඩේ යනකොට පොඩ්ඩක් විමසිලිවන්ත වන්න. කරුණා හොඳයි ෆොන්සේකා නරකයි වගේ තමා.(නදී)
නිහාල්, ජේ වී පී එකේ අය වෙනස් වෙන බව දන්නෙම නැද්ද? ජා නි පෙ...පෙරටුගාමී....පමණක් නෙවෙයි..ලොකු අතුල ඇතුළු 71කේ වෙනස් වුනු අය. 89 විරුවෝ...ලයනල් බෝපගේලා..තව කොතෙක් ඉන්නවද ?හැබැයි ජේ වී පි කට්ටිය කියන්නේ ගිය අය ද්‍රෝහියෝ කියලනේ. (නදී)
ජේ.වී.පී කියන්නේ වම කියල කියාගන්න පක්ෂයක්. යු.එන්.පී දනවාදී. ඔහු ප්‍රතිපත්ති දැන ගෙනද පැති මාරු කලේ. (නදී)
මෙයාලට සල්ලි හම්බ කරන්න බලය එන්න අවශ්‍ය නැහැ. බලන්න ගම් වල ඉන්නෙ දෙන්නයි තුන්දෙනයි සංවිධායකයෝ. හැම කෙනාටම සල්ලි උතුරනවා. පෝස්ටරයක් ගහන්න එවන සල්ලි ඒ දෙන්නා එකතු වෙලා ගහලා බෙදා ගන්නවා. හොයලා බලන්න දැන් ගම් වල දුප්පත් ජොබ් නැති අය ඉන්නවද කියලා. ඩයස්පොරාවේ සල්ලි බෙදාගන්න බැරුව දෙකට කැඩුනට මෙයාලටත් තවම සලකනවා. මේ කැඩිලා යන අය යන්නේ සල්ලි බෙදා ගැනීමෙදි වෙන ප්‍රශ්න නිසා. යුඑන්පී, ශ්‍රී ලංකා කාරයො තමයි අතින් වියදම් කරගෙන පක්‍ෂ වලට වැඩ කරන්නෙ. (නදී)
අහෝ දුකකි සීනුවට මොකද වෙන්නේ (නදී)
රොෂාන් ගැන දුකයි. හිටියා වගේම දැනටත් වැඩියෙන්ම ඉන්නෙත් ඔයා ඔය කියන ජාතියේ කට්ටිය තමයි. අනේ අපි නොදන්නා ලයිව්! (නි)
ඊළඟ සැරේ වෙනසක් වෙයි කියලා හිතුනා නේද? (නි)
මිනිසුන් ඡන්දය දෙන්නේ පුද්ගලයාට සහ පක්ෂයට. පුද්ගලයෙක් පක්ෂය හැරගියොත් එම පක්ෂයට ඡන්දය දුන් මිනිසුන් පාවාදීමක් වෙනවා. (නි)
අපි එයාට පසු කාලයකදී සළකනවා (නි)
" 88 පෙර ඉපදුන විමල් දැන් කොහෙද ඉන්නේ ? " මේ අය එදා වේල හොයන පල් හොරු (නදී)
ප්‍රියංග එයා ගියේ විපක්ෂයට තමා. (නදී)
ජේවීපී එකෙත් වෙනස්වෙන අය ඉන්නවා එහෙනම්. (නි)
නිශාන්ත, අනේද කියන්නේ! (නි)
හොඳ ප්‍රවණතාවක්. (නි)
ප්‍රායෝගිකව රටට වැඩක් කරන්න බලන්න (නි)
නිශාන්ත, කොහෙන්ද මේ අලුත්ම න්‍යාය සොයාගත්තේ? අනිත් කරුණු කෙසේවෙතත් ඩයස්පෝරාව කියන එකේ තේරුම ශබ්දකෝෂයකින් සොයලා බලන්නකෝ. අන්තිමට කිව්ව වාක්‍යය තමයි හොඳම එක. (නි)
අනේ නිශාන්ත, බොරු නොකියා ඉන්න (නි)
බන්දුල , ඔයාට දුක නැද්ද එයා පක්ෂය මාරුකළාට? (නි)