දස වසරකට පෙර ශ්‍රී ලංකාවට බලපෑ සුනාමි ඛේදවාචකයෙන් ජීවිත අහිමි වූවන් සිහිපත් කිරීමේ උත්සව අද රට පුරා වෙරළබඩ නගරයන්හි පැවැත්වුණි.
ප්‍රධාන උත්සවය තෙල්වත්ත පැරෑලියේදී සිදුවිය.
බොහෝ තැන්වල මියගිය අය සිහිපත් කරමින් උදෑසන 9.25 සිට 9.27 දක්වා නිශ්ශබ්දතාවයක් පැවැත්වුවද අසංවිධානාත්මක වටපිටාව යටතේ පැරෑලියේ සැමරුම පමා විය. එයට අයහපත් කාලගුණයද අහිතකර විය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද කොටුව ජනාධිපති මන්දිරයේදී සුනාමි සැමරුමට එක්විය.
සුනාමි ව්‍යසනයට වසර දහයක් පිරීම නිමිත්තෙන් මෝදර , මට්ටක්කුලියේ සංවිධානය කළ සැමරුම් පිංකමකට ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්වරු එක්වූහ.
සැමරුමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න හා එජාප මන්ත්‍රී රවී කරුණානායක මහත්වරුද එක්වූහ.
වීඩියෝ - දීපාල් සිල්වා













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද දවස මතක් වෙද්දී ඇස් දෙකට කදුලු උනනවා (නදී)
බෞද්ද භික්ෂුන් වන්සේලත්, කතෝලික මැනිවරුත්, පියවරුත් සමග වියෝවට පත් දෙමව්පියන් දරුදැරියන් කල අනුස්මරණ පුජාව දුටු මට දෑසට කඳුළු පිරුණි. මෙවැනි විපතක් ලොව කිසිම කෙනෙකුට නොවේවා. (අ)