20161115Sonam-1ජනප්‍රිය බොලිවුඩ් නිළි සෝනම් කපූර් පසුගියදා හොලිවුඩ් චිත්‍රපට තිර රචකයෙකු වූ ස්ටැන් ලී මුණගැසුණ පුවතක් බොලිවුඩයෙන් වාර්තා වෙනවා. එය කුමක් අරබයාද යන්න වාර්තා නොවන අතර, මෙම පුවත කණවැකුණ බොහෝ දෙනෙකු පවසන්නේ සෝනම්ද බොලිවුඩ් චිත්‍රපටයක් සඳහා එක්වීමට සූදානමකින් පසුවෙනවාද යන්න ප්‍රශ්නාර්ථයක්.

ස්ටැන් ලී ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට වූ ‘ස්පයිඩර් මෑන්’ මෙන්ම ‘එක්ස් මෙන්’ චිත්‍රපට කිහිපයක තිර රචකයාද වෙනවා. සෝනම් එක්සත් රාජධනියේ ඇරිසෝනා ප්‍රාන්තයේදී මෙසේ ස්ටැන් ලී මුණගැසුණු අතර, එය හරියටම ඇමෙරිකානු ජනධිපතිවරණය පැවැති දිනයේදීම වීම විශේෂත්වයක්.

ජනාධිපතිවරණය හා ඉන් පසුව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැති ප්‍රිය සම්භාෂණ කිහිපයකටද සෝනම් හා ස්ටැන් ලී එක්වු බවද මෙම තොරතුරු වැඩිදුරටත් සඳහන් කරනවා.