නිල්පාටියෙ මහපුටුවක වාඩිවෙලා ඉන්න පක්ෂ විනය ගැන සද්දෙට කතා කරන මහත්තයෙක් ගැන ලොකු හෙළිදරව්වක් කරන්න යනවලු...
මේක කරන්න යන්නෙ මධු මල වගේ එතුමා ළඟින් කාලයක් හිටපු සිනමා තාරකාවක් කියලයි ආරංචි...
උන්නැහේ මේ නෝනට වෙච්ච පොරොන්දුවක් හුළඟෙ ඇරියය කියලයි සිනමා තාරකාවට මළ පැනල තියෙන්නෙ... ඒත් උන්නැහේගෙ පැත්තෙන් ආරංචි වෙන්නෙ එයා මේ නෝනට වෙච්ච පොරොන්දු හුළඟෙ පා කළේ ලොකු අත්තක් අල්ලගන්න හිතාගෙන කියලයි...
"මේක ආරංචි වෙච්ච සිනමා තාරකාව මාර කතාවක් කිව්වලු... මේ දේසපාලුතුමාගෙ තට්ට හිසට පිනිබෑවම ඔය වගේ හීන පේනවා..." කියන එකයි තාරකාව කියන්නෙ. කෝකටත් දේසපාලුතුමාගෙ හැව ගලවන්න කලින් සිනමා තාරකාව පත්තිනි දෙවියොත් එක්ක දැන් ලොකු වැඩකට අත ගහල කියල කියනව.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd