IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සෙන්පති මැදුරේ ඇසුණු වෙඩි හඬ කුමක්ද?

 (ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රයෝජනය සඳහා ඇති නුවරඑළිය සෙන්පති මැදුරේ මන්ත්‍රීවරුන් තිදෙනකු සහ ඔවුන් සමග පැමිණි තිස් දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක්  සාදයක් පවත්වන අතරවාරයේ වෙඩි හඬ ඇසුණු බව සඳහන් කරමින් එහි භාරකරු  පැමිණිල්ලක් කළ බව නුවරඑළිය මූලස්ථාන පොලිසිය පවසයි.

එම සාදය පැවැත් පැවැත් වූ දිනට පසු දින මැදුර පිරිසුදු කිරීමේදී හමු වූ පතුරම් කොපු දෙකක් තිබී හමුවූ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

නුවරඑළියේ පිහිටි සෙන්පති මැදුරේ ඉකුත් 28 වැනිදා රාත්‍රී කාලයේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනකගේ සහ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයකුගේ සහභාගිත්වයෙන් ඔවුන් සමඟ පැමිණි තිස් දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක්  සාදයක් පවත්වා ඇතැයි පොලීසිය සඳහන් කරයි.

සාදය පැවැත්වෙන අතරවාරයේ වෙඩි හඬට සමාන හඬක් ඇසුණු බවත් පසු දින එනම් 29වැනිදා පරිශ්‍රය පිරිසුදු කිරීමේදී මෙම හිස් උණ්ඩ දෙක හමුවූ බවත් සෙන්පති මැදුරේභාරකරු කළ පැමිණිල්ලේ සඳහන් වන බව කියති.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇතැයි පොලිසිය කීය.

සෙන්පති මැදුර තුළ වෙඩි තැබීම සිදු කළේ කවුරුන්ද යන්න ගැන මෙතෙක් කිසිදු තොරතුරක් හෙළිවී නොමැති බව එම උසස් පොලිස් නිලධාරියා පැවැසීය.

මෙම වෙඩි තැබීමෙන් කිසිදු අයකුට තුවාලයක් හෝ දේපල හානියක් සිදු වී නොමැති බව පොලිසිය කළ පරීක්ෂණ වලින් පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත.

නුවරඑළිය මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (5)

සෙන්පති මැදුරේ ඇසුණු වෙඩි හඬ කුමක්ද?

පිටිගල මිලානෝ Monday, 06 February 2023 10:02 AM

එකෙන්ම ඔලුවට…..!

:       1       13

Dilshan Monday, 06 February 2023 11:52 AM

නිදහස වෙනුවෙන් තුවක්කු ආචාරය.

:       1       8

C.K.Lankaputhra Monday, 06 February 2023 11:56 AM

මේ මැදුරවල් වැඩිපුරම පාවිච්චි වෙන්නේ ඔය මැති ඇමතිලයි උන්ගේ ගොටු අල්ලන එවුන්ට දෙකයි පනහට පිස්සු කෙලලා පාටිදාන්න.

:       1       14

fairoos Monday, 06 February 2023 12:16 PM

රටට හෙණ ගැහුවත් කමක් නැහැ... මේ කාලකණ්ණි දේශපාලකයින්ට නම් සැප...

:       0       16

Piyal Monday, 06 February 2023 04:18 PM

ශුවර් එකටම පුස් වෙඩිලගෙ ගෘප් එකේ වෙන්ඩ ඇති.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site