
(අංජුල මහික වීරරත්න)
“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන මෙම ජූනි මාසය වන විට අවසන් කිරීමට නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කුමන ජන කොටසකට අයත් වූවද සෑම පුරවැසියෙකුගේම සිහිනය ඉඩමක නීත්‍යානුකූල හිමිකම ලබා ගැනීම බව කී ජනාධිතිවරයා එම අයිතිය සියලු දෙනාට හිමි විය යුතු බව තමාගේ ද විශ්වාසය බව අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි යාපනය ඔට්ටගපුලම් ප්‍රදේශයේදී පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට අද (22)සහභාගී වෙමිනි.
මිලියන 02ක ජනතාවකට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම සඳහා ක්‍රියාත්මක උරුමය වැඩසටහන යටතේ යාපනය ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු 408ක් ලබාදීම මෙහිදී සිදු වූ අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව ඔප්පු ප්‍රදානයට එක් විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතිශයින් අසමත් වූ, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් දරදඬු ලෙස කප්පාදු කළා. ජනතාව මත ඉසිලිය නොහැකි බර පැටවූ, දුර්දාන්ත රජයක්.., නීතියටද පටහැනිව, තව ඡන්ද රැස්කිරීමට ගන්න අසාර්ථක උත්සාහයක්...
මෙයාගේ වගේ ඉඩම් ඔප්පු බෙදනවා. ඡන්දේ ගන්න. ඔය ඔප්පු ඔක්කෝම මීළඟ ආණ්ඩුවෙන් අවලන්ගු කරනවා...
රනිල් චන්ද කිට්ටු වෙන විට පසුගිය කාලයේම ඕක කිව්වා .පචබාහු කියලා නමට එකතු කරන්න ඕනේ